පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-06-19
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඊ.එස්. නමින් දකුණු කොරියාවේ විදේශ ශ්‍රමිකයන් වෙත වීසා ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන අතර, ඍතුමය රැකියා සඳහා දකුණු කොරියාවේ රැකියා ලබා දෙනු ලබන්නේ ඊ-එයිට් වීසා - E-8 visa - ක්‍රමය මඟිනි.
මේ වන විට ඊ-එයිට් වීසා - E-8 visa - ක්‍රමය යටතේ පහත සඳහන් උප කාණ්ඩයන් යටතේ වීසා ලබා දීම සිදුවේ.
ඒ අනුව,
1. E-8-1 (කෘෂිකාර්මික) - ප්‍රාන්ත රජයන් අතර අවබෝධතා ගිවිසුමක් අනුව ලබා දේ.
2. E-8-2 (කෘෂිකාර්මික) - F-6 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියානු ජාතිකයකු සමඟ විවාහ වූ විදේශිකයකුගේ ළඟම ඥාතියකුට ලබා දේ.
3. E-8-3 (ධීවර අංශය) - ප්‍රාන්ත රජයන් අතර අවබෝධතා ගිවිසුමක් අනුව ලබා දේ.
4. E-8-4 (ධීවර අංශය) F-6 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියානු ජාතිකයකු සමඟ විවාහ වූ විදේශිකයකුගේ ළඟම ඥාතියකුට ලබා දේ.
තානාපති කාර්යාලයේ තහවුරුව අනුව E-8-2 සහ E-8-4 රැකියා කාණ්ඩ සඳහා කාර්යාංශයේ ස්වයං ලියාපදිංචි කිරීම් සිදු කරනු ලබයි. මේ සඳහා කාර්යාංශ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. (අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා 73/2025-M-05)
ඒ අනුව 2025 වසරේදී E-8 වීසා කාණ්ඩය යටතේ තිදෙනෙකු ස්වයං මාර්ගයෙන් Sri Lanka Bureau of Foreign Employmentහි ලියාපදිංචිය ලබා දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇත.
(ii) ඔව්.
කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නොගෙන කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් දකුණු කොරියාවේ ඍතුමය රැකියා සඳහා කටුනායක ගුවන් තොටුපළින් පිටත්වීමට පැමිණි රැකියාලාභින් 07දෙනෙකු කාර්යාංශ නිලධාරින් විසින් 2024.09.22 දින හරවා එවීමට කටයුතු කර ඇත.
මෙම රැකියාලාභීන් විසින් මෙම රැකියා අවස්ථා ලබා ගැනීම වෙනුවෙන් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයක් වන Sejong World (Pvt.) Ltd. (බලපත්‍ර අංක 3625) ආයතනය වෙත ලබා දී තිබූ රුපියල් 7,172,400ක මුදලක් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B/13761/24 මඟින් ඔවුන් වෙත නැවත ලබා දීමට කටයුතු කර ඇති අතර, Sejong World (Pvt.) Ltd.හි අදාළ බලපත්‍රය කාර්යාංශය විසින් අත්හිටුවා අත.
තවද, දකුණු කොරියාවේ ඍතුමය රැකියා සඳහා පෞද්ගලික අංශය මඟින් බඳවා ගැනීම් සිදු කළ නොහැක.
(iii) නිසි ක්‍රමවේදය අනුගමනය නොකරමින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් භාවිත කර වීසා ලබා ගැනීමක් වාර්තා වී ඇත.
මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් පරීක්ෂණ පවත්වයි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විජිත හේරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks