E   |     |  

 දිනය: 2025-04-25   පිළිතුර ලබා දී ඇත 

0214/2025: බන්ධනාගාරවල තදබදය අවම කිරීම: ගත් පියවර

214/2024

ගරු රෝහණ බංඩාර මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති බන්ධනාගාර සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම බන්ධනාගාරවල නම් කවරේද;

            (iii)      එම එක් එක් බන්ධනාගාරයේ මේ වනවිට රඳවා ඇති සිරකරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-04-25

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      1.  සංවෘත බන්ධනාගාර - 04

                        2.  රිමාන්ඩ් බන්ධනාගාර - 18

                        3.  බන්ධනාගාර විවෘත වැඩ කඳවුරු - 10

                        4.  බන්ධනාගාර විවෘත සිර කඳවුරු - 02

                        5.  තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථාන - 02

                        6.  තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාල - 01

              (ii)      ඇමුණුම 01** මඟින් ඉදිරිපත් කර ඇත.

              (iii)      ඇමුණුම 02** මඟින් ඉදිරිපත් කර ඇත.

(iv) · දැනට ඉඩ පහසුකම් සහිතව නව දුම්බර බන්ධනාගාරය සහ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය ඉදි කර ඇති අතර, මේ වන විට වැලිකඩ බන්ධනාගාරය හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ඉඩ පහසුකම් යටතේ ඉදි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින අතර, මාතර බන්ධනාගාරය කොටවිලවත්ත ප්‍රදේශයේ ඉඩ පහසුකම් යටතේ ඉදි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

  • · කළුතර බන්ධනාගාරයේ පැරැණි ගොඩනැඟිලි 02ක් වෙනුවට ඉඩ කඩ ඇතිව දෙමහල් ගොඩනැඟිලි 02ක් ඉදි කිරීමට අනුමැතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.
  • · එළිමහන් වැඩ කඳවුරක් ලෙස පවතින වටරැක බන්ධනාගාරයේ සැක/සිරකරුවන් රැඳවීමට හැකි වන පරිදි තාප්පය සහ ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට අනුමැතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.
  • · වාරියපොළ බන්ධනාගාරයේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
  • · 1991 අංක 08 දරන රිමාන්ඩ් භාරයේ පසුවන සිරකරුවන් මුදා හැරීමේ පනත ක්‍රියාත්මක කිරීමට අදාළව නිරන්තරව රක්ෂිත බන්ධනාගාරගත රැඳවියන් සම්බන්ධයෙන් අධිකරණ දැනුවත් කර, ඔවුන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම.
  • · "අම දිවි රිද්ම" වැනි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් නැවත නැවත බන්ධනාගාරගත වීම වැළැක්වීමට කටයුතු කිරීම. එම වැඩසටහන් දීපව්‍යාප්තව කිරීමට සැලසුම් කර ඇත.
  • · සිරකරුවන්ගේ තදබදය අඩු කිරීම සඳහා පොදු සමාව ලබා දීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාවලියට අමතරව සමාලෝචන ක්‍රමවේදයක් හරහා විශේෂ සමාව ප්‍රදානය සඳහා යන්ත්‍රණයක් සකස් කිරීමේ ප්‍රධාන ඇගැයීම් තුළින් සමාව ලබා දීමේ කමිටුව නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම.
  • · සියලුම බන්ධනාගාරවල ඇති පැරණි ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීමට හා නව ගොඩනැඟිලි ඉදි කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි කටයුතු කිරීමට අදාළ අංශ සමඟ සාකච්ඡා කිරීම.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks