පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
213/2024
ගරු රෝහණ බංඩාර මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති රජයේ පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පාසල් අතරින් තාක්ෂණවේදය විෂයක් ලෙස උගන්වනු ලබන පාසල් සංඛ්‍යාව කොපමණද;
(iii) තාක්ෂණවේදය ඉතා වැදගත් විෂයක් බැවින් එය අනෙකුත් පාසල්වලත් ඉගැන්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-23
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති රජයේ පාසල් සංඛ්‍යාව 10,096කි.
(ii) ඉංජිනේරු තාක්ෂණවේදය විෂයක් ලෙස උගන්වනු ලබන පාසල්බ සංඛ්‍යාව - 498
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයක් ලෙස උගන්වනු ලබන පාසල් සංඛ්‍යාව - 485
(iii) ඉල්ලුමක් සහිත ප්‍රමාණවත් ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත පාසල්වල ඉල්ලීම් පාසල් ව්‍යුහ කමිටුව මඟින් පළාත් ව්‍යුහ කමිටුව වෙතත්, එමඟින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යුහ කමිටුව වෙතත් ඉදිරිපත් කර, අවශ්‍ය භෞතික හා මානව සම්පත් ප්‍රමාණවත් පරිදි ඇති පාසල් සඳහා තාක්ෂණවේදය විෂය ධාරාව ඉගැන්වීම සඳහා අනුමැතිය ලබා දේ.
තාක්ෂණවේදය විෂය අපොස (උසස් පෙළ) විෂයක් බැවින් උසස් පෙළ පන්ති සහිත පාසල්වල පමණක් ක්‍රියාත්මක අතර ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී "ජීවිතය සහ තාක්ෂණය" යනුවෙන් 06 ශ්‍රේණියේ සිට විෂයක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks