01

E   |     |  

 දිනය: 2025-03-20   පිළිතුර ලබා දී ඇත 

0211/2025: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව: පුරප්පාඩු

211/2024

ගරු රෝහණ බංඩාර මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා අනුමත සේවකයන් සංඛ්‍යාව සහ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඉහත සඳහන් පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(iii) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය සම්පත් ලබා දීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-03-20

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඇමුණුම 01හි**  දක්වා ඇත.

              (ii)      ඇමුණුම 02හි** දක්වා ඇත.

              (iii)      පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා අවශ්‍ය මානව සම්පත් සපයා දීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හා රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව වෙත යොමු කර දෙපාර්තමේන්තුව තුළ පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය පියවර ගනිමින් පවතී. එමෙන්ම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා වාර්ෂික ඇස්තමේන්තුවෙන් වෙන් කරනු ලබන ප්‍රතිපාදන මඟින් ප්‍රසම්පාදන කටයුතු සිදු කර දෙපාර්තමේන්තුවට අවශ්‍ය භෞතික සම්පත් සපයා ගනු ලබයි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-03-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks