පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
207/2024
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමේ අරමුණු කවරේද;
(ii) වර්ෂ 2020 සිට 2025 දක්වා පාසැල්වල හා මධ්‍යස්ථානවල ඉතිරිව තිබූ, නොබෙදූ පාසැල් පෙළ පොත් පිටපත් සංඛ්‍යාව සහ නැවත භාවිතා කළ හැකිව තිබූ පාසැල් පෙළ පොත් පිටපත් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම පාසැල් පෙළ පොත්වල මූල්‍යමය වටිනාකම කොපමණද;
(iv) පාසැල් පෙළ පොත් භාවිතය අවම මට්ටමක පැවති, 2021 වර්ෂයේ පාසැල් පෙළ පොත් මුද්‍රණය කිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(v) පාසැල් පෙළ පොත් නියමිත වේලාවට ලබා දීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-27
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) • මූලික, ද්විතීයික හා උසස් අධ්‍යාපනයේ භාවිතය සඳහා සම්මත පාඩම් පොත් පරිවර්තනය කිරීම, ප්‍රසිද්ධ කිරීම, බෙදා හැරීම හා විකිණීම, ප්‍රකාශන හිමිකම් මිලයට ගැනීම.
• අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පාඩම් පොත්, ශබ්ද කෝෂ, කෝෂ ග්‍රන්ථ හා වෙනත් පොත් නිෂ්පාදනය, ප්‍රසිද්ධ කිරීම, බෙදා හැරීම හා විකිණීම. (මෙහි පොත් නිෂ්පාදනය යටතේ පෙළ පොත් ලිවීම, සංස්කරණය හා මුද්‍රණය කිරීම දක්වා වූ කාර්යයන් ආවරණය වේ.
• ශික්ෂණාධාර, ශ්‍රව්‍ය දෘශ්‍ය හා වෙනත් උපකරණ නිෂ්පාදනය, බෙදා හැරීම හා විකිණීම.
• කියවන ද්‍රව්‍ය නිෂ්පාදනය උනන්දු කිරීම.
(ii) 2020 වර්ෂයේ නැවත භාවිත කළ හැකිව තිබූ පාසැල් පෙළ පොත් පිටපත් සංඛ්‍යාව 1,312,442යි. 2021 වර්ෂයේ නැවත භාවිත කළ හැකිව තිබූ පාසැල් පෙළ පොත් පිටපත් සංඛ්‍යාව 1,563,147යි.
ගරු කථානායකතුමනි, මේ විධියට 2022, 2023, 2024 හා 2025 වර්ෂවලට අදාළව පාසල්වල ඉතිරිව තිබූ පොත්, නැවත භාවිත කළ හැකිව තිබූ පොත් සහ මධ්‍යස්ථානවල ඉතිරි වෙලා තිබෙන පොත් සංඛ්‍යාව පිළිබඳ විස්තර වගු අංක 01 මඟින් දක්වා තිබෙනවා. ඒ විස්තර මම සභාගත* කරනවා.
(iii) මෙම ප්‍රශ්නයට අදාළවත් සවිස්තරව එක් එක් වර්ෂයේ, එක් එක් ස්ථානයේ තිබෙන පොත් පිළිබඳ විස්තර වගු අංක 02 සහ 03 යටතේ ඉදිරිපත් කර තිබෙනවා. එම විස්තරත් මම සභාගත* කරනවා.
2020, 2021 හා 2022 වර්ෂවලදී පෙළ පොත් ඇණවුම් කිරීම සඳහා දත්ත පද්ධතියක් නොතිබුණි. පාසල් වෙත ලබා දුන් ඇණවුම් ලේඛනයක් මඟින් පෙළ පොත් ඇණවුම ලබාගෙන ඇත. පාසල්වල හා මධ්‍යස්ථානවල ඉතිරිව තිබූ පොත් සංඛ්‍යාව වෙනම ලේඛනගත කර නොමැති බැවින් එම ප්‍රමාණ හා මූල්‍ය වටිනාකම ගණනය කළ නොහැක. 2023-2025 දක්වා පෙළ පොත් ඇණවුම ලබා ගැනීම දත්ත පද්ධතියක් මඟින් සිදු කළ බැවින් එම ගණනය සිදු කර ඇත.
(iv) 2021 වර්ෂයට අදාළව 2020දී පාසල් පෙළ පොත් මුද්‍රණයට වැය කළ මුදල - රු. 5,072,715,535.00
2022 වර්ෂයට අදාළව 2021දී පාසල් පෙළ පොත් මුද්‍රණයට වැය කළ මුදල - රු. 3,146,662,105.00
(v) ඔව්.
(ආ) අදාළ නොවේ.
* සභාමේසය මත තබන ලද වගු:
* சபாபீடத்தில் வைக்கப்பட்ட அட்டவணைகள்:
* Tables tabled:
වගු අංක 01:
|
වර්ෂය |
පාසල්වල ඉතිරිව තිබූ පොත් |
නැවත භාවිත කළ හැකිව තිබූ පොත් |
මධ්‍යස්ථානවල ඉතිරි පොත් |
|
2025 |
1,522,198 |
10,044,650 |
655,319 |
|
2024 |
3,329,771 |
8,197,690 |
1,035,487 |
|
2023 |
5,787,647 |
6,360,358 |
1,778,913 |
|
2022 |
4,026,069 |
8,324,763 |
1,827,435 |
වගු අංක 02:
|
වර්ෂය |
පාසල්වල ඉතිරිව තිබූ පොත් (රු.) |
නැවත භාවිත කළ හැකිව තිබූ පොත් (රු.) |
මධ්‍යස්ථානවල ඉතිරි පොත් (රු.) |
|
2025 |
644,206,808.67 |
4,790,591,475.44 |
246,049,440.29 |
|
2024 |
1,227,170,229.06 |
3,175,058,790.04 |
390,775,809.25 |
|
2023 |
2,572,799,763.75 |
2,878,483,710.25 |
770,200,291.53 |
වගු අංක 03:
|
2022 |
409,740,002.13 |
|
2021 |
116,002,559.00 |
|
2020 |
123,063,522.00 |
පිළිතුරු දුන් දිනය
2026-02-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks