පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-04-24
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද ආයෝජන ව්‍යාපෘති සංඛ්‍යාව, එම එක් එක් ආයෝජන ව්‍යාපෘතියේ නම, ආයෝජනයේ වටිනාකම සහ උත්පාදනය කර ඇති ඍජු හා වක්‍ර රැකියා සංඛ්‍යාව පිළිබඳව ඇමුණුම 01 හි සහ 02හි සඳහන් වේ.
තවද කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විසින් සිදු කරන ලද ඉඩම් වෙන් කිරීමට අදාළව 2024.08.31 දින වනවිට අදියර 01 යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1,204.85ක මුදලක් ආයෝජනය කර ඇති අතර, අදියර 02 යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 260.47ක පිරිවැයක් දරා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා භූමි සැලසුම් කිරීමට - infrastructure development and landscaping - අපේක්ෂා කෙරේ. විස්තර අමුණුම 03** මඟින් දක්වා ඇත.
(ii) ශ්‍රී ලංකාවට චීන ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලය විසින් මෙරට දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ආයෝජකයින්ට හිතකර දර්ශක ලෙස යොදා ගනී. ආයෝජන මණ්ඩලයෙහි අවධානය පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, සංචාරක, අධි තාක්ෂණික නිෂ්පාදන සහ කෘෂිකර්මාන්තය වැනි ප්‍රධාන අංශ කෙරෙහි යොමු වනු ඇත. කන්කසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම් හි නව ආයෝජන කලාප සහ ගාල්ල හා කුරුණෑගල තාක්ෂණික උද්‍යාන දෙකක් සංවර්ධනය කිරීම, ආයෝජන ව්‍යාපෘති සඳහා තවත් අවස්ථා නිර්මාණය කරනු ඇත.
ආයෝජන මණ්ඩලය චීනයෙන් සැලකිය යුතු ආයෝජන ආකර්ෂණයක් අපේක්ෂා කරන අතර, ඒවා මාර්ගගත සම්මන්ත්‍රණ තුළින්, වාණිජ මණ්ඩල සහ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධවීම් හරහා ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරයි. අභ්‍යන්තර දූත පිරිස්වලට පහසුකම් සැලසීමේ ප්‍රයත්නවල ප්‍රතිඵලයක් ලෙස දැනටමත් 2025 ජනාවාරි සිට මාර්තු දක්වා කාලය තුළ චීන නියෝජිත කණ්ඩායම් හයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
චීන ආයෝජන දිරිගැන්වීම සඳහා තවත් උපාය මාර්ගයක් ලෙස ජාත්‍යන්තර ආයෝජන සංසදයක්, 2025 තුන්වන කාර්තුවේ පැවැත්වීම සඳහා සැලසුම් කර ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks