පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
192/2024
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට හා ඒ යටතේ ඇති ආයතනවලට ලැබුණු මූල්‍ය ආධාර හා මූල්‍ය නොවන ආධාර ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ජාතික විගණන කාර්යාලයේ වාර්තාවට අනුව ඒවා නිවැරදි ලෙස ගිණුම්ගත කර නොමැති බව දන්නේද;
(iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-11
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන මූල්‍ය ආධාර සෞඛ්‍ය සංවර්ධන අරමුදල හරහා ගිණුම්ගත වීමක් සිදු වන අතර, ඒ අනුව 2015 වර්ෂයේ සිට 2024.12.31 දින දක්වා ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට ලැබුණු මූල්‍ය ආධාර ප්‍රමාණය රුපියල් 3,111,258,902.89කි. එය ඇමුණුම 01 මඟින් ඉදිරිපත් කර ඇත.
මීට අමතරව විවිධ ව්‍යාපෘති සඳහා ලැබුණු මූල්‍ය ආධාර පිළිබඳ තොරතුරු ඇමුණුම 02 සහ 03 මඟින් දක්වා ඇත.
මූල්‍ය නොවන ආධාර එක් එක් රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත විශාල වශයෙන් ලැබෙන අතර ඒවා ඒ ඒ ආයතනයන් විසින් ලේඛනගත කර භාරගනු ලැබේ. එසේ 2015 වර්ෂයේ සිට මේ දක්වා සියලු ආයතනයන්ට ලද ආධාර ද්‍රව්‍ය, උදාහරණයක් විධියට ඖෂධ, පරිභෝජන ද්‍රව්‍ය (තුවා, සබන්, දන්තාලේප, කුඩා භාජන) ආදී වශයෙන් ඉතා විශාල ප්‍රමාණයක් වන බැවින්, එම ලේඛන සියල්ල ඉදිරිපත් කිරීම ප්‍රායෝගිකව අපහසු බවද, එමෙන්ම එම ද්‍රව්‍ය විවිධ ආකාරයේ වන බැවින් සාරාංශගත කිරීම ප්‍රායෝගික නොවන බව ද සඳහන් කරමි.
ඇමුණුම් 01, 02, 03 සභාගත* කරමි.
(ii) සෞඛ්‍ය සංවර්ධන අරමුදල හරහා ලැබෙන මූල්‍ය ආධාර නිවැරදිව ගිණුම්ගත කර ඇත.
මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති රෝහල් සඳහා මූල්‍යමය නොවන ආධාර වශයෙන් විවිධ පුද්ගලයන්ගෙන් හා ආයතන මගින් ඖෂධ, ආහාර, රෝගීන් සඳහා වන පරිභෝජන ද්‍රව්‍ය, ගොඩනැඟිලි සඳහා වන ආධාර, විවිධ උපකරණ ආදී ලෙස පුළුල් පරාසයක ද්‍රව්‍ය විවිධ ප්‍රමාණයන්ගෙන් ආධාර වශයෙන් ලැබේ.
එබැවින් එම ආධාර අතුරින් ඇතැම් ද්‍රව්‍ය ලේඛනගත නොවී පැවතිය හැකි අතර බොහොමයක් ආධාර, විශේෂයෙන්ම විශාල තොග වශයෙන් ලැබෙන ආධාර විධිමත් පරිදි ලේඛනගත කෙරෙනවා.
ඇතැම් මූල්‍ය නොවන ආධාර රෝහල් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය ආයතන වෙත ඍජුවම ලැබෙන බැවින් ඒවා සියල්ලක්ම ගිණුම්ගත කිරීම ප්‍රායෝගිකව අපහසු වෙලා තිබෙනවා.
(iii) පරිත්‍යාග වශයෙන් ලැබෙන ආධාර විධිමත් පරිදි ලබා ගැනීම හා බෙදා හැරීම ආශ්‍රිත සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම සඳහා "ප්‍රදාන වශයෙන් ලැබෙන වෛද්‍ය සැපයුම්/උපකරණ/ගොඩනැඟිලි ආධාර සම්බන්ධීකරණ කමිටුව" නමින් කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇත.
ඊට අදාළ මෙහෙයුම් කටයුතු විධිමත් පරිදි මේ වන විටත් සිදු කරනු ලබනවා.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks