01

E   |     |  

 දිනය: 2025-08-19   පිළිතුර ලබා දී ඇත 

0185/2025: මඩකලපුව, තුරෙයිනීලාවනෙයි සිට කුරුක්කල්මඩම් දක්වා කානු පද්ධති: ඉදිකිරීම සහ පිළිසකර කිරීම

185/2024

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනෛ දකුණ එරුවිල්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තුරෙයිනීලාවනෙයි සිට කුරුක්කල්මඩම් දක්වාවූ ප්‍රදේශයන්හි අලුතින් ඉදිකළ යුතු හා පිළිසකර කළ යුතු කානු පද්ධති පවතින බව දන්නේද;

(ii) එසේ නම්, ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-08-19

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

                        කිලෝමීටර 35.110ක දිගකින් යුතු කානු පද්ධති 63ක් අලුතින් සැකසිය යුතු හා පිළිසකර කළ යුතු ලෙස හඳුනාගෙන ඇති අතර, එයින් කිලෝමීටර 10ක දිග ප්‍රමාණයක කානු පද්ධති දැනටමත් අලුතින් සකස් කර ඇත. ඉතිරි කානු පද්ධති පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යෝජනා ක්‍රමය - PSDG, විමධ්‍යගත අයවැය - DCB - සහ විශේෂ ප්‍රතිපාදන යටතේ අලුතින් සකස් කිරීමේ හා පිළිසකර කිරීමේ කටයුතු සිදු කරමින් පවතී.

 

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-08-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks