පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
182/2024
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2019 වර්ෂයේ සිට මේ දක්වා ජාතික විදුලිබල පද්ධතියට අලුතින් එකතු කරන ලද විදුලි බලාගාර සංඛ්‍යාව සහ ඒවායේ නම් කවරේද;
(ii) එම එක් එක් විදුලි බලාගාරයෙන් ජනනය කිරීමට අපේක්ෂා කරන ලද විදුලි ධාරිතාවය සහ මේ වනවිට ජනනය කරනු ලබන විදුලි ධාරිතාවය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත විදුලි බලාගාර අතරින් පුනර්ජනනීය බලාගාර සංඛ්‍යාව කොපමණද;
(iv) එම බලාගාර කවරේද;
(v) එම එක් එක් විදුලි බලාගාරයෙන් ජනනය කරනු ලබන විදුලි ධාරිතාවය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉදිරි වසර දෙක තුළදී ජාතික විදුලි පද්ධතිය වර්ධනය කිරීම සඳහා ඇති සැලසුම් කවරේද;
(ii) පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කිරීම සඳහා වන සැලසුම් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-09
අසන ලද්දේ
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) • 2019 වර්ෂයේ සිට මේ දක්වා ජාතික විදුලිබල පද්ධතියට අලුතින් එකතු කරන ලද විදුලිබල මණ්ඩලයට අයත් විදුලි බලාගාර සංඛ්‍යාව 03යි. ඒවා නම්,
1. තම්බපවනී සුළං විදුලි බලාගාරය (103.5MW)
2. බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය (35MW)
3. උමා ඔය ජල විදුලි බලාගාරය (120MW)
• 2019 වර්ෂයේ සිට මේ දක්වා පෞද්ගලික අංශයට අයත් පහත තාප බලාගාර ඒ ඒ කාල වකවානුවල අවශ්‍යතාව අනුව පද්ධතියට එක් කරන ලද බලාගාර සංඛ්‍යාව 13යි. ඒවා නම්,
1. ඒස් පවර් (ඇඹිලිපිටිය) තාප බලාගාරය (93MW)
2. ඒස් පවර් (මාතර) තාප බලාගාරය (24MW)
3. ඒසියා පවර් තාප බලාගාරය (51MW)
4. ඇග්‍රිකෝ (ගාල්ල) තාප බලාගාරය (10MW)
5. ඇග්‍රිකෝ (පල්ලේකැලේ) තාප බලාගාරය (24MW)
6. වී පවර් (හම්බන්තොට) තාප බලාගාරය (24MW)
7. වී පවර් (හොරණ) තාප බලාගාරය (24MW)
8. ඇල්ටාකා (මහියංගණය) තාප බලාගාරය (10MW)
9. ඇල්ටාකා (පොළොන්නරුව) තාප බලාගාරය (8MW)
10. වී පවර් (ගාල්ල) තාප බලාගාරය (10MW)
11. වී පවර් (පල්ලේකැලේ) තාප බලාගාරය (24MW)
12. වී පවර් (වාලච්චේන) තාප බලාගාරය (24MW)
13. සොබාදනවි බලාගාරය (212MW)
• 2019 වර්ෂයේ සිට මේ දක්වා ජාතික විදුලිබල පද්ධතියට 187.22MW එකතු කරන ලද අනෙකුත් පුනර්ජනනීය බලාගාර සංඛ්‍යාව 110යි. (ඇමුණුම 01හි දක්වා ඇත)
|
බලාගාරය |
ජනනය කරන ලද විදුලි ධාරිතාව (GWh) |
අපේක්ෂා කරන ලද විදුලි ධාරිතාව (GWh) |
|||||||||||
|
|
2019 |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
|
|
විදුලිබල මණ්ඩලයට අයත් විදුලි බලාගාර |
|||||||||||||
|
1 |
තම්බපවනී සුළං විදුලි බලාගාරය |
- |
7.66 |
318.21 |
347.22 |
391.39 |
365.08 |
- |
5.00 |
240.00 |
321.58 |
321.58 |
321.58 |
|
2 |
බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය |
- |
- |
- |
98.47 |
104.31 |
109.34 |
- |
- |
- |
108.69 |
114.53 |
102.18 |
|
3 |
උමා ඔය ජල විදුලි බලාගාරය |
- |
- |
- |
- |
0.00 |
125.99 |
- |
- |
- |
- |
154.19 |
156.99 |
|
පෞද්ගලික අංශයට අයත් පහත තාප බලාගාර |
|||||||||||||
|
1 |
ඒස් පවර් (ඇඹිලිපිිටිය) තාප බලාගාරය |
- |
- |
- |
35.92 |
13.99 |
21.84 |
- |
- |
- |
263.73 |
91.10 |
49.29 |
|
2 |
එස් පවර් (මාතර) තාප බලාගාරය |
53.20 |
89.67 |
36.73 |
12.10 |
13.32 |
3.09 |
24.51 |
22.61 |
4.95 |
58.25 |
36.25 |
12.28 |
|
3 |
ඒසියා පවර් තාප බලාගාරය |
78.73 |
166.69 |
63.49 |
12.48 |
- |
- |
85.02 |
103.37 |
26.78 |
0.00 |
- |
- |
|
4 |
ඇග්‍රිකෝ(ගාල්ල) තාප බලාගාරය |
17.80 |
- |
- |
- |
- |
- |
5.79 |
- |
- |
- |
- |
- |
|
5 |
ඇග්‍රිකෝ (පල්ලේකැලේ) තාප බලාගාරය |
44.85 |
- |
- |
- |
- |
- |
14.45 |
- |
- |
- |
- |
- |
|
6 |
වී පවර් (හම්බන්තොට) තාප බලාගාරය |
33.12 |
33.05 |
- |
- |
- |
- |
62.53 |
36.1 |
- |
- |
- |
- |
|
7 |
වී පවර්(හොරණ) තාප බලාගාරය |
18.52 |
3.55 |
- |
- |
- |
- |
22.24 |
57.13 |
- |
- |
- |
- |
|
8 |
ඇල්ටාකා (මහියංගණය) තාප බලාගාරය |
14.11 |
10.22 |
- |
- |
- |
- |
3.23 |
12.20 |
- |
- |
- |
- |
|
9 |
ඇල්ටාකා (පොළොන්නරුව)තාප බලාගාරය |
11.14 |
8.50 |
- |
- |
- |
- |
2.64 |
10.04 |
- |
- |
- |
- |
|
10 |
වී පවර් (ගාල්ල) තාප බලාගාරය |
- |
9.84 |
0.19 |
- |
- |
- |
- |
4.83 |
0.00 |
- |
- |
|
|
11 |
වී පවර් (පල්ලේකැලේ) තාල බලාගාරය |
- |
15.56 |
- |
- |
- |
- |
- |
13.65 |
- |
- |
- |
- |
|
12 |
වී පවර් (වාලච්චේන) තාප බලාගාරය |
- |
- |
5.85 |
- |
- |
- |
- |
- |
2.99 |
- |
- |
- |
|
13 |
සොබාදනවි බලාගාරය |
- |
- |
- |
- |
- |
19.4 |
- |
- |
- |
- |
- |
20.80 |
|
අනෙකුත් පුනර්ජනනීය බලාගාර (ඇමුණුම 02හි දක්වා ඇත) |
|||||||||||||
(iii) පුනර්ජනනීය විදුලි බලාගාර සංඛ්‍යාව 113යි. (ඇමුණුම 03හි දක්වා ඇත.)
(iv) 1. තම්බපවනී සුළං විදුලි බලාගාරය
2. බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය
3. උමා ඔය ජල විදුලි බලාගාරය
4. අනෙකුත් පුනර්ජනනීය විදුලි බලාගාර (ඇමුණුම 01හි දක්වා ඇත)
(v)
|
බලාගාරය |
ජනනය කරන ලද විදුලි ධාරිතාව (GWh) |
||||||
|
|
2019 |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
|
|
1 |
තම්බපවනී සුළං විදුලි බලාගාරය |
- |
7.66 |
318.21 |
347.22 |
391.39 |
365.08 |
|
2 |
බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය |
- |
- |
- |
98.47 |
104.31 |
109.34 |
|
3 |
උමා ඔය ජල විදුලි බලාගාරය |
- |
- |
- |
- |
0.00 |
125.99 |
|
අනෙකුත් පුනර්ජනනීය විදුලි බලාගාර (ඇමුණුම 03) |
|||||||
ඇමුණුම් 01, 02 සහ 03 සභාගත* කරමි.
(ආ) (i) දිගු කාලීන ජනන සැලසුම 2025-2044 කෙටුම්පත අනුව, ඉදිරි වසර දෙක තුළ විදුලි පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බලාගාර පහත පරිදි වේ.
1. සොබාදනවි තාප විදුලි බලාගාරය 100 MW (Combined Cycle)
2. මොරගොල්ල ජල විදුලි බලාගාරය 30 MW
3. කුඩා ජල විදුලි බලාගාර 20 MW
4. සුළං විදුලි බලාගාර 100 MW
5. සූර්ය විදුලි බලාගාර 570 MW
6. ජෛවස්කන්ධ විදුලි බලාගාරය 25 MW
තවද, 100 MW/100MWh බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් හා පුනර්ජනනීය බලශක්ති පාලන මධ්‍යස්ථානයක් කොළොන්නාව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතය. එහි මූලික වැඩ කටයුතු ආරම්භ කරලායි තිබෙන්නේ.
(ii) ඉදිරි වසර 5 සඳහා (2025-2030) පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ජාලගත කිරීමේ සැලැස්ම සකස් කිරීම සහ බලශක්ති අමාත්‍යාංශයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර එහි වාර්තාව මෙම මස ලැබීමට නියමිතයි.
(ඇ) ඉහතින් පිළිතුරු සපයා ඇත.
පිළිතුරු දුන් දිනය
2025-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks