04

E   |     |  

 දිනය: 2025-02-19   පිළිතුර ලබා දී ඇත 

0179/2025: ලංකා විදුලිබල මණ්ඩලය: ණය සහ සේවක දීමනා

179/2024

ගරු රවී කරුණානායක මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ලංකා විදුලිබල මණ්ඩලය සංස්ථාගත කරන ලද දිනය කවදාද;

             (ii)       රජය විසින් ලංකා විදුලිබල මණ්ඩලය සඳහා ආයෝජනය කරන ලද මුළු ප්‍රාග්ධන ප්‍රමාණය කොපමණද;

(iii) ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දෙන ලද කෙටි-කාලීන හා දිගු-කාලීන ණය මුදල්වල එකතුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ලංකා විදුලිබල මණ්ඩලය තුළ සේවය කරන ස්ථිර හා අනියම් සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii) 2024 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාර්ය මණ්ඩලය වෙත ගෙවන ලද වැටුප්, අතිකාල දීමනා, වෘත්තීයවේදී දීමනා, ප්‍රසාද දීමනා, ප්‍රවාහන වියදම් සහ වෙනත් කවර හෝ පාරිශ්‍රමික සඳහා දරන ලද මුළු මාසික පිරිවැය වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii) ලංකා විදුලිබල මණ්ඩලය සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් උපයන විට ගෙවීමේ බදු ගෙවන්නේද;

(iv) නොඑසේ නම්, එම ආයතනය උපයන විට ගෙවීමේ බදු ගෙවීම නැවැත්වූ දිනය කවදාද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-02-19

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි.

(අ)         (i)         ලංකා විදුලිබල මණ්ඩලය සංස්ථාගත කරන ලද්දේ 1969 නොවැම්බර් මස 01වැනි දා ය.

              (ii)         2024.11.30 දින වන විට රජය විසින් ලංකා විදුලිබල මණ්ඩලය තුළ ආයෝජනය කරන ලද මුළු ප්‍රාග්ධනය (දායක ප්‍රාග්ධනය)                                  රු. 991,430,290,925කි.

             (iii)        2024.11.30 දින වන විට ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දෙන ලද කෙටිකාලීන හා දිගුකාලීන ණය මුදල්වල එකතුව වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.

 

කෙටිකාලීන ණය * (රු. මිලියන)

දිගුකාලීන ණය (රු. මිලියන)

එකතුව (රු. මිලියන)

විදුලිබල අංශයේ ව්‍යාපෘති සඳහා  ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ආයතනවලින් රජය ණය ලබාගෙන ලංකා විදුලිබල මණ්ඩලය වෙත මහා භාණ්ඩාගාරය විසින් උපණය පදනමින් (on  lend) ලබා දී ඇති ණය

                   -

         72,659

         72,659

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදේශීය/දේශීය බැංකු සහ මූල්‍ය ආයතන මඟින් ලබාගත් ණය

කාරක ප්‍රාග්ධන කාර්යයන් සඳහා ලබාගත් කාලීන ණය

           21,626

         50,910

         72,536

ව්‍යාපෘති  ණය

           10,899

         98,654

       109,553

ණයකර

                     -

         20,000

         20,000

බැංකු අයිරාව

           17,315

                   -

         17,315

මුළු එකතුව (රු. මිලියන)

          49,839

      242,223

      292,063

 

* සටහන - 2025 නොවැම්බර් 30 දිනෙන් අවසන් වන කාල පරිච්ඡේදය

(ආ) (i) 2024.12.31 දින වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් පහත දැක්වේ.

 

සේවක වර්ගය

සේවක සංඛ්‍යාව

ස්ථිර

22,135

අනියම්

     150

කොන්ත්‍රාත්

       95

ආධුනික පුහුණුවන්නන්

       26

 

මීට අමතරව ලංකා විදුලිබල මණ්ඩලයේ අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රී ලංකා එනර්ජිස් ආයතනය මඟින් ලබාගත් 56දෙනෙකු සේවයෙහි යොදවා ඇත.

 

  (ii) 2024 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාර්ය මණ්ඩලය වෙත ගෙවන ලද වැටුප්, අතිකාල දීමනා, වෘත්තීයවේදී දීමනා, ප්‍රසාද දීමනා,           ප්‍රවාහන දීමනා සහ වෙනත් කවර හෝ පාරිශ්‍රමික                 සඳහා දරන ලද මුළු මාසික පිරිවැය රුපියල් මිලියනවලින් වෙන් වෙන් වශයෙන් පහත                  පරිදි වේ.

 

ජන-24

පෙබ-24

මාර්තු-24

අප්‍රේල්-24

මැයි-24

ජුනි-24

ජූලි-24

අගෝ-24

සැප්-24

ඔක්-24

නොවැ-24

දෙසැ-24

එකතුව

වැටුප්

1,838

 1,781

1,826

      1,726

1,796

1,805  

1,808  

 

1,877

 

 2,394

2,170

 

2,130

 

 2,109

23,259

අතිකාල

  933

   960

  953

914

1,024

1,044

999

1,090

1,098

1,203

 

1,232

 

1,168

12,618

වෘත්තීය දීමනා සහ අනෙකුත් ගෙවීම් ඇතුළත් දීමනා

 

 

  589

 

 

  650

 

 

  557

 

 

 934

 

 

  825

 

 

749

 

 

754

 

 

716

 

 

767

 

 

764

 

 

  829

 

 

748

 

 

 8,880

ව්‍යවස්ථාපිත ගෙවීම්

  365

 

370

 

 

  359

 

  349

   368

 362

360

364

  464

 435

  406

   417

   4,619

විශ්‍රාම වැටුප් අරමුදල

  160

163

 158

  148

  162

 160

159

 160

    195

 192

  193

   183

   2,032

ප්‍රසාද

දීමනා

 -

-

-

 -

-

-

-

-

 -

-

-

-

 -

වෛද්‍යාධාර

 -

 -

-

 -

-

-

-

-

 -

-

-

 1,666

  1,666

එකතුව

   3,885

3,924,

3,852

4,070

4,173

4,120

4,078

4,208

 4,917

4,763

4,790

  6,291

53,074

 

 

  (iii) ලංකා විදුලිබල මණ්ඩලය සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් උපයන විට ගෙවීම් බදු ගෙවන්නේ නැත.

(iv) උපයන විට ගෙවීම් බදු ගෙවීම නැවැත්වූයේ 2020 නොවැම්බර් මස 01 වැනි දා ය.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks