පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
175/2024
ගරු රවී කරුණානායක මහතා,— මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන රජය සතු සමාගම්, සංස්ථා සහ අනෙකුත් වාණිජ ආයතන සංඛ්‍යාව;
(ii) පසුගිය වසර 15 තුළ මෙම ආයතන විසින් ජනනය කරන ලද මුළු ලාභය/අලාභය සහ ආයෝජන මත ප්‍රතිලාභය;
(iii) මෙම ආයතනවල වාණිජ මෙහෙයුම් ආරම්භයේ සිට මේ දක්වා සමුච්චිත හෝ ඒකරාශි වූ ලාභ/අලාභ;
(iv) කෙටි කාලීන සහ දිගු කාලීන පදනමින් මෙම ආයතනවල ආයෝජනය කර ඇති ප්‍රාග්ධනයේ සහ ණයවල වටිනාකම;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-21
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන රජය සතු සමාගම්, සංස්ථා සහ අනෙකුත් වාණිජ ආයතන සංඛ්‍යාව 90කි. ඒවායින් ආයතන 52ක් උපාය මාර්ගිකව අතිශය වැදගත් වේ.
(ii) පසුගිය වසර 15 තුළ එම ආයතන විසින් ජනනය කරන ලද මුළු ලාභය/අලාභය සහ ආයෝජන මත ප්‍රතිලාභය ඇමුණුම 01 මඟින් ඉදිරිපත් කරමි. අවුරුදු 15ක් තිස්සේ එම ආයතන අවභාවිත කළ ආකාරය, අකාර්යක්ෂම අයුරින් කටයුතු කළ ආකාරය සහ ඒවායින් ලැබුණු ප්‍රතිඵල විශාල ප්‍රමාණයක් තිබෙනවා. එම විස්තර ඇමුණුම 01 ලෙස දක්වා තිබෙනවා.
(iii) මෙම ආයතනවල වාණිජ මෙහෙයුම් ආරම්භයේ සිට මේ දක්වා සමුච්චිත හෝ ඒක රාශි වූ ලාභ/අලාභ ඇමුණුම 02 මඟින් දක්වා ඇත.
ඒකටත් ඒ වාගේමයි. ඒ කාලයටත් වඩා ආරම්භ කළ අවස්ථාවේ සිට තිබෙන විස්තර අහලා තිබෙනවා.
(iv) කෙටි කාලීන හා දිගු කාලීන පදනමින් මෙම ආයතනවල ආයෝජනය කර ඇති ප්‍රාග්ධනයේ සහ ණයවල වටිනාකම ඇමුණුම 03 මඟින් දක්වා ඇත.
ඇමුණුම් 1, 2 සහ 3 සභාගත* කරමි.
(ආ) පහත සඳහන් ආයතනවල මූල්‍ය ප්‍රකාශන පහත හේතූන් මත සකස් කර නොමැත.
|
අංකය |
ආයතනය |
හේතුව |
|
01 |
සීමාසහිත රාජ්‍ය පොහොර සමාගම |
2024 වර්ෂයේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද ඒකාබද්ධ සමාගමකි. |
|
02 |
ටෙක්නො පාර්ක් ඩිවලොප්මන්ට් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් |
අවසන් මූල්‍ය වාර්තා සකස් කර නොමැත. |
|
03 |
සහස්යා ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් |
මේ දක්වා මෙහෙයුම් කටයුතු ආරම්භ කර නොමැත. |
|
04 |
ලංකා ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් |
දත්ත නොමැත. |
|
05 |
එක්ස්ප්‍රස්වේ ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් |
ක්‍රියාකාරී නොවන ආයතනයකි. |
|
06 |
හෙලිටුවර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් |
මෙම සමාගම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වත්කම් සහ සේවකයින් යොදා ගන්නා බැවින් මෙම ගිණුමේ තොරතුරු ආයතනයේ මෙහෙයුම් නියමාකාරයෙන් පිළිබිඹු නොවේ. |
පිළිතුරු දුන් දිනය
2025-01-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks