01

E   |     |  

 දිනය: 2025-01-09   පිළිතුර ලබා දී ඇත 

0174/2025: රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ශ්‍රම බලකාය: විස්තර

----

අසන ලද දිනය

2025-01-09

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වයස අවුරුදු 15ට වැඩි, සක්‍රිය රැකියාවේ නියුතු හෝ නිශ්චිත වශයෙන් රැකියාවක් සොයමින් සිටින ජනගහනය ශ්‍රම බලකායට ඇතුළත් වේ. 2023 ශ්‍රම බලකා සමීක්ෂණයට අනුව එම වර්ෂයේ වයස අවුරුදු 15ට වැඩි ජනගහනය මිලියන 17.3ක් වන අතර ඉන් ශ්‍රම බලකාය මිලියන 8.4ක් වේ. තවද, ඒ අතරින් මිලියන 8ක් රැකියාවල නිරත වේ. මින් රාජ්‍ය අංශයේ සහ                    පෞද්ගලික අංශයේ විධිමත් රැකියාවල - EPF හා ETF ගෙවීම් සිදු කරන විධිමත් සේවා ගිවිසුමකට ඇතුළත් - යෙදෙන සේවක සංඛ්‍යාව පහත පරිදි වේ.

වර්ෂය

සේවකයන් සංඛ්‍යාව - රාජ්‍ය අංශය

සේවකයන් සංඛ්‍යාව -  පෞද්ගලික අංශය

2019

1,216,549

3,521,695

2020

1,183,716

3,411,996

2021

1,235,164

3,410,408

2022

1,231,788

3,496,636

2023

1,168,055

3,561,656

2024

(2024 වර්ෂයට අදාළව සමීක්ෂණ සිදු කළ ද මේ වන විටත් දත්ත පරිගණකගත කරමින් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.)

 

 

මීට අමතරව අවිධිමත් අංශයේ රැකියාවල නියුතු මිලියන 03 ක පමණ ශ්‍රමිකයින් සංඛ්‍යාවක් ඇත.

 

වර්ෂය

ස්ථිර රාජ්‍ය සේවක සංඛ්‍යාව

අනියම් රාජ්‍ය සේවක සංඛ්‍යාව

2014

1,069,824

48,596

2015

1,072,724

40,946

2016

1,066,967

39,720

2017

1,078,677

39,372

2018

1,057,762

37,787

(ii)

2019

1,107,793

36,826

2020

1,076,391

41,190

2021

1,086,940

49,302

2022

1,109,761

45,092

2023

1,057,958

37,298

 

(iii)

වර්ෂය

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා දීමනා සඳහා වූ මුළු මූල්‍ය පිරිවැය (රුපියල් මිලියන)

2015

641,811

2016

675,424

2017

685,512

2018

723,665

2019

791,159

2020

906,577

2021

939,848

2022

1,057,709

2023

1,047,216

2024

1,113,873

 

වර්ෂය

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා දීමනා සඳහා වූ මුළු මූල්‍ය පිරිවැය (රුපියල් මිලියන)

2015

641,811

2016

675,424

2017

685,512

2018

723,665

2019

791,159

2020

906,577

2021

939,848

2022

1,057,709

2023

1,047,216

2024

1,113,873

 

(iv)

 

වර්ෂය

විශ්‍රාම වැටුප් වියදම (රුපියල් මිලියන)

2015

147,765

2016

163,836

2017

172,684

2018

182,011

2019

202,642

2020

228,682

2021

242,375

2022

288,574

2023

307,875

2024

348,907

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ආ) (i) ඉදිරි වර්ෂ 10 සඳහා ශ්‍රම බලකාය පිළිබඳව රාජ්‍ය ආයතනයක් විසින් විධිමත් පරිදි පුරෝකථනයක් සිදු කර නොමැත. එසේ වුවද, විවිධ අන්තර්ජාතික ආයතන හා පර්යේෂකයන් විසින් සිදු කර ඇති අධ්‍යයන, වාර්තා හා පුරෝකථන රජය විසින් සිය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී අදාළ කර ගනියි.

 

ඒ අනුව ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා ආසියානු සංවර්ධන බැංකුව විසින් 2017 වර්ෂයේදී පළ කරනු ලැබූ "Sri Lanka - Fostering Workforce Skills Through Education" නැමැති වාර්තාව අනුව මේ වන විට මිලියන 8ක්ව පවතින ශ්‍රම බලකාය 2035 වර්ෂය දක්වා එම මට්ටමේම පවතින අතර, ඉන් අනතුරුව ක්‍රමානුකූලව අඩු වනු ඇති බවට පුරෝකථනය කර ඇත.

මේ කියන ආයතනය ගැනත් මම කෙටි සඳහනක් කරන්නම්, ගරු කථානායකතුමනි. මෙම ආයතනය විසින් ඉදිරිපත් කර තිබෙන "Sri Lanka - Fostering Workforce Skills Through Education" නැමැති  වාර්තාවේ ඔවුන් සඳහන් කරනවා, "ADB and ILO do not guarantee the accuracy of the data included in this publication and accept no responsibility for any consequence of their use" කියලා. ඒක ඒගොල්ලන් guarantee කරන්නේ නැහැ කියන එක කියනවා. නමුත්, අපට යම් ප්‍රමාණයකට මේ data පාවිච්චි කර ගැනීමේ හැකියාව තිබෙනවා, අපේ ඉදිරි කටයුතු සඳහා.

මෙහිදී දැනට අඩු මට්ටමක පවතින ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය -සියයට 34.5 ශ්‍රම බලකා සමීක්ෂණය 2023- ඉහළ නැංවීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කරනු ඇත.

(ii) ජාතික අය වැය චක්‍රලේඛ 03/2022 අනුව වර්ෂ 2022 සිට රාජ්‍ය වියදම් පාලනය කිරීමේ අරමුණින් රාජ්‍ය සේවක බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවන ලදී. ඒ, ඔබතුමන්ලාගේ ජනාධිපතිතුමාගේ කාලයේදී. පසුව, රාජ්‍ය සේවය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම පිණිස අත්‍යවශ්‍ය තනතුරුවල පුරප්පාඩු පිරවීමේ යෝජනා සලකා බැලීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් මඟින් කරන ලද නිර්දේශ මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් අවස්ථානුකූලව බඳවා ගැනීම් සඳහා අනුමැතිය ලබා දී ඇත. මෙම ක්‍රමවේදය තවදුරටත් අනුගමනය කිරීමට කටයුතු කෙරෙනු ඇත.

(iii) 2025 වර්ෂය සඳහා විශ්‍රාමිකයන් 737,352ක් සඳහා විශ්‍රාම වැටුප් වියදම රුපියල් බිලියන 393.07ක් ලෙස පුරෝකථනය කර ඇත.

විශ්‍රාම වැටුප් වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5ක අගයක් ගන්නා අතර පවත්නා වැටුප් ව්‍යුහයන් හා විශ්‍රාම  ගැන්වීම් පිළිබඳව ප්‍රතිපත්තිමය වෙනසක් සිදු නොවුණහොත් එම ප්‍රතිශතයට ආසන්නව පවතිනු ඇත.

ඉදිරි වසර දහයක් සඳහා විශ්‍රාම ගනු ඇතැයි අපේක්ෂිත පුද්ගලයින් සංඛ්‍යාව මෙන්ම ඊට වැය වෙතැයි අපේක්ෂිත විශ්‍රාම වැටුප් වියදම් පිළිබඳව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සතුව තොරතුරු නොමැති බව දන්වා ඇත.

එම තොරතුරු පුරෝකථනය පහත හේතු මත සීමාකාරීව ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත.

- වයස අවුරුදු 55-60 අතර විශ්‍රාම යෑමට, වෙනත් වෛද්‍යමය, පෞද්ගලික හේතු මත විශ්‍රාම ගැන්වීම්

- තවද විශ්‍රාමිකයින් ඉදිරි වසර 10ක මිය යන සංඛ්‍යාව

- විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමේදී ඉදිරියේ රජය ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ

- වෙනත් විශේෂිත තනතුරු / සේවාවල විශ්‍රාම ගැන්වීම්

රජයේ සේවකයින් වයස අවුරුදු 55 එළඹීමෙන් පසු (වෛකල්පිත වයස හෝ අනිවාර්ය වයස එළඹීම) අවුරුදු 60 අතර කාල සීමාව තුළ නිලධාරියාගේ අභිමතය සහ/හෝ වැටුප් පිළිබඳ රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තීන් මත විශ්‍රාම ගැන්වීම.

(iv) ඉදිරි වසර 10 සඳහා අපේක්ෂිත විශ්‍රාමිකයින් සංඛ්‍යාව පහත තොරතුරු මත පදනම්ව ගණනය කිරීම කළ යුතු බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දන්වා ඇත.

- දැනට රාජ්‍ය සේවයේ යෙදී සිටින සේවකයින් අතරින් ඉදිරි වසර 10 තුළ වෛකල්පිත විශ්‍රාම ගැන්වීමේ වයස -ඒ කියන්නේ අවුරුදු 55- /අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස සම්පූර්ණ කර සේවයෙන් විශ්‍රාම යන සංඛ්‍යාව.

- දැනට රාජ්‍ය‍ සේවයේ යෙදී සිටින සේවකයින් අතරින් ඉදිරි වසර 10 තුළ වෛකල්පිත විශ්‍රාම ගැන්වීමේ වයසට එළඹීමට පෙර රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන සංඛ්‍යාව.

ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා සේවා කාලය අවුරුදු 20 සම්පූර්ණ වුණාම, අවුරුදු 55දී විශ්‍රාම ලැබීමේ පදනම මත විශ්‍රාම යන්න පුළුවන් බව. ඒ අනුව සමහර අය විශ්‍රාම යන්න ඉල්ලනවා. ඒකත් එක හේතුවක් තමයි, අපට නිශ්චිත ලෙස මේක ගණනය කරන්න බැරි. 

- සන්නද්ධ සේවාවන්හි සේවයේ යෙදී සිටින සන්නද්ධ හමුදා සාමාජිකයින් අතරින් ඉදිරි වසර 10ක කාල සීමාව තුළ නියමිත සේවා කාලය (අවුරුදු 20 හෝ 22) සම්පූර්ණ කර සේවයෙන් විශ්‍රාම යන හමුදා සාමාජිකයන් සංඛ්‍යාව. ඒකත් අපට ගණනය කරන්න බැහැ. මොකද, ඔවුන්ට ඒ අයිතිය තිබෙන නිසා.

- විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ.

- දැනට විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයින් අතරින් ඉදිරි වසර 10 තුළ මිය යන විශ්‍රාමිකයින් සංඛ්‍යාව - ඒ අනුවත් අපට මේ පිළිබඳ නිවැරදිම දත්ත දෙන්න පුළුවන්කමක් නැහැ- යන තොරතුරුවල වෙනස්වීමේ ස්වභාවය අනුව දිගු කාලීනව පුරෝකථනය කිරීම අපහසුතාවක් පවතින බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබෙනවා. කෙසේ වෙතත්, නවීන තාක්ෂණය ඔස්සේ ඩිජිටල් ක්‍රමවේදයන් ද උපයෝගී කර ගනිමින් උපරිම නිවැරදිතාවෙන් යුතු දත්ත මත පදනම්ව තීරණ ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට රජය විසින් ඉදිරියේදී පියවර ගනු ඇත.

ඔබතුමා දන්නවා, රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම සඳහා වන ක්‍රමවේදයක් ආණ්ඩුව විසින් ආරම්භ කර තිබෙන බව. ඒකත් එක්ක අපට වඩාත්ම නිරවද්‍ය දත්ත ඉදිරියේදී ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි.

(ඇ) පැන නොනගී.

 

පිළිතුරු දුන් දිනය

2025-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද ජයසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks