E   |     |  

 දිනය: 2025-04-24   පිළිතුර ලබා දී ඇත 

0157/2025: 2024 නොවැම්බර් මාසයේ අයහපත් කාලගුණය හේතුවෙන් වූ වගා හානි: වන්දි

157/2024

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      2024 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශයට පත් වූ මුළු වගා බිම් ප්‍රමාණය කොපමණද;

(ii) එම වගා බිම් ප්‍රමාණය, කුඹුරු, බඩඉරිඟු සහ අනෙකුත් වගා බිම් ආදී ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) වගා බිම්වලට සිදු වූ විනාශයේ ඇස්තමේන්තුගත මූල්‍යමය අලාභය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ‍විනාශ වූ වගා බිම්වලට ගෙවන ලද මුළු වන්දි මුදල කොපමණද;

(ii) එම වන්දි මුදල, කුඹුරු, බඩඉරිඟු සහ අනෙකුත් වගාවන් අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මේ දක්වා වන්දි ගෙවා නොමැති වගා බිම් ප්‍රමාණය කොපමණද;

(iv) ඒවාට වන්දි නොගෙවීමට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-04-24

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අක්කර  74,176කි.

              (ii)      වී වගාව මුළු හානි වපසරියෙන් සියයට 90ක් වන අතර, සෙසු වගා සියයට 10කි.

             (iii)      මිලියන 1,000කි.

(ආ)         (i)      මිලියන 952කි.

              (ii)      සියයට 90යි වී වගාවට, සියයට 10යි සෙසු වගාවලට.

             (iii)      2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුරින් හානි වූ නිර්දේශිත වගාවලට වගා හානි වන්දි ගෙවා අවසන් කර ඇත.

(iv) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks