බලන්න

02

E   |     |  

 දිනය: 2025-02-27   පිළිතුර ලබා දී ඇත 

0153/2025: ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති සුළං විදුලි බලාගාර: විස්තර

153/2024

ගරු අජිත් පී. පෙරේරා මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති සුළං විදුලි බලාගාර සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම එක් එක් සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද වර්ෂය වෙන් වෙන් වශයෙන් කවරේද;

            (iii)       එම එක් එක් සුළං විදුලි බලාගාරයේ ධාරිතාවය (Installed Capacity) වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) වර්ෂ 2022 සිට 2024 දක්වා එම එක් එක් සුළං විදුලි බලාගාරය මඟින් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන ලද බලශක්ති ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ශ්‍රී ලංකාව තුළ සුළං මඟින් විදුලි බලය උත්පාදනය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-02-27

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වී දැනට විදුලිය සපයනු ලබන පෞද්ගලික සුළං විදුලි බලාගාර 19ක් සහ ලංකා විදුලිබල මණ්ඩලය සතු එකක් පවතී. ඒ අනුව මුළු සංඛ්‍යාව 20කි.

 

              (ii)      එම බලාගාර ඉදිකිරීම් ආරම්භ කරන ලද වර්ෂ ලංකා විදුලිබල මණ්ඩලය සතුව නොමැති අතර, ඒවා ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වූ දිනය - commissioned date - පහත පරිදි වේ.

 

 

සංවර්ධකයාගේ නම

බලාගාරයේ නම

සම්මත විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කළ දිනය

වානිජ මෙහෙයුම් ආරම්භ කළ දිනය

1

Senok Wind Power (Pvt.) Ltd.

මාම්පුරි සුළං බලාගාරය

16/12/2008

06/05/2010

2

Seguwantivu Wind Power (Pvt.) Ltd.

සේගුවන්තිවු සුළං බලාගාරය

09/09/2009

28/05/2010

3

Vidatamunai Wind Power (Pvt.) Ltd.

විඩටමුනායි සුළං බලාගාරය

09/09/2009

20/07/2010

4

Nirmalapura Wind Power (Pvt.) Ltd.

නිර්මලපුර සුළං බලාගාරය

22/12/2009

06/10/2010

5

Willwind Wind (Pvt.) Ltd.

විල්පිට සුළං බලාගාරය

16/05/2023

21/07/2023

6

Ace Wind Power (Pvt.) Ltd.

අඹේවෙල සුළං බලාගාරය

16/05/2023

09/06/2023

7

Daily Life Renewable Energy (Pvt.) Ltd.

මදුරන්කුලිය සුළං බලාගාරය

29/12/2008

13/10/2011

8

Powergen Lanka (Pvt.) Ltd.

උප්පුදළුව සුළං බලාගාරය

09/12/2010

24/07/2012

9

Nala Danavi (Pvt.) Ltd.

එරුම්බුක්කුදල් සුළං බලාගාරය

27/08/2018

28/05/2020

10

Senok Wind Energy (Pvt.) Ltd.

මාම්පුරි II සුළං බලාගාරය

09/12/2010

28/07/2012

11

Senok Wind Resource (Pvt.) Ltd.

මාම්පුරි III සුළං බලාගාරය

22/12/2009

28/07/2012

ලංකා විදුලිබල මණ්ඩලය සතුව එක් සුළං විදුලි බලාගාරයක් මන්නාරම ප්‍රදේශයේ පිහිටුවා ඇති අතර, එහි ධාරිතාව මෙගාවොට් 103.5ක් වේ. 2019 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද එම බලාගාරය 2021 අප්‍රේල් මාසයේදී සම්පූර්ණයෙන් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ - commission - කරන ලදී.

       (iii)

 

සංවර්ධකයාගේ නම

බලාගාරයේ නම

ව්‍යාපෘතියේ ධාරිතාව (මෙ.වො.)

1

Senok Wind Power (Pvt.) Ltd.

මාම්පුරි සුළං බලාගාරය

10

2

Seguwantivu Wind Power (Pvt.) Ltd.

සේගුවන්තිවු සුළං බලාගාරය

10

3

Vidatamunai Wind Power (Pvt.) Ltd.

විඩටමුනායි සුළං බලාගාරය

10

4

Nirmalapura Wind Power (Pvt.) Ltd.

නිර්මලපුර සුළං බලාගාරය

10

 

සංවර්ධකයාගේ නම

බලාගාරයේ නම

ව්‍යාපෘතියේ ධාරිතාව (මෙ.වො.)

5

Willwind Wind (Pvt.) Ltd.

විල්පිට සුළං බලාගාරය

0.85

6

Ace Wind Power (Pvt.) Ltd.

අඹේවෙල සුළං බලාගාරය

3

7

Daily Life Renewable Energy (Pvt.) Ltd.

මදුරන්කුලිය සුළං බලාගාරය

10

8

Powergen Lanka (Pvt.) Ltd.

උප්පුදළුව සුළං බලාගාරය

10

9

Nala Danavi (Pvt.) Ltd.

එරුම්බුක්කුදල් සුළං බලාගාරය

4.8

10

Senok Wind Energy (Pvt.) Ltd.

මාම්පුරි II සුළං බලාගාරය

10

11

Senok Wind Resource (Pvt.) Ltd.

මාම්පුරි III සුළං බලාගාරය

10

12

Joule Power (Pvt.) Ltd.

පොලුප්පලෙයි සුළං බලාගාරය

10

13

Beta Power (Pvt.) Ltd.

වල්ලිමුනායි සුළං බලාගාරය

10

14

Musalpetti Wind Power (Pvt.) Ltd.

මුසල්පෙට්ටි සුළං බලාගාරය

10

15

Vayusakthi Vitpaner (Pvt.) Ltd.

චුන්නාකම් 1 සුළං බලාගාරය

10

16

Yaal Vayupahavan (Pvt.) Ltd.

චුන්නාකම් 2 සුළං බලාගාරය

10

17

Hiruras Power (Pvt.) Ltd.

මන්නාරම 1 සුළං බලාගාරය

10

18

Pawan Danavi (Pvt.) Ltd.

කල්පිටිය සුළං බලාගාරය

9.8

19

Hiruras Power (Pvt.) Ltd.

මන්නාරම 2 (2019/002/C-60) සුළං බලාගාරය

5

ලංකා විදුලිබල මණ්ඩලය සතු සුළං විදුලි බලාගාරයෙහි ධාරිතාව මෙ.වො.103.5ක් වේ.

 

(iv)

 

සංවර්ධකයාගේ නම

බලාගාරයේ නම

උත්පාදනය කළ විදුලිය (කි.වො. පැය)

 

 

 

2022

2023

2024

1

Senok Wind Power (Pvt.) Ltd.

මාම්පුරි සුළං බලාගාරය

17,947,443

22,760,864

44,137,492

2

Seguwantivu Wind Power (Pvt.) Ltd.

සේගුවන්තිවු සුළං බලාගාරය

23,865,026

19,827,782

17,961,465

3

Vidatamunai Wind Power (Pvt.) Ltd.

විඩටමුනායි සුළං බලාගාරය

25,461,257

19,683,822

17,833,507

4

Nirmalapura Wind Power (Pvt.) Ltd.

නිර්මලපුර සුළං බලාගාරය

30,955,797

30,220,895

27,538,214

5

Willwind (Pvt.) Ltd.

විල්පිට සුළං බලාගාරය

278,420

214,394

181,188

6

Ace Wind Power (Pvt.) Ltd.

අඹේවෙල සුළං බලාගාරය

3,321,376

2,329,167

3,116,145

7

Daily Life Renewable Energy (Pvt.) Ltd.

මදුරන්කුලිය සුළං බලාගාරය

34,127,450

35,690,960

28,349,840

8

Powergen Lanka (Pvt.) Ltd.

උප්පුදළුව සුළං බලාගාරය

13,621,720

9,642,840

11,231,650

9

Nala Danavi (Pvt.) Ltd.

එරුම්බුක්කුදල් සුළං බලාගාරය

13,411,272

12,331,296

11,500,988

10

Senok Wind Energy (Pvt.) Ltd.

මාම්පුරි ii සුළං බලාගාරය

16,157,632

20,384,889

15,854,339

11

Senok Wind Resource (Pvt.) Ltd.

මාම්පුරි iii සුළං බලාගාරය

22,475,327

25,393,947

22,500,247

12

Joule Power (Pvt.) Ltd.

පොලුප්පලෙයි සුළං බලාගාරය

30,425,466

32,146,012

30,225,464

13

Beta Power (Pvt.) Ltd.

වල්ලිමුනායි සුළං බලාගාරය

31,359,563

34,835,418

43,075,659

14

Musalpetti Wind Power (Pvt.) Ltd.

මුසල්පෙට්ටි සුළං බලාගාරය

21,356,139

23,839,716

21,684,466.06

15

Vayusakthi Vitpaner (Pvt.) Ltd.

චුන්නාකම් 1 සුළං බලාගාරය

35,334,624

38,841,504

36,807,744

16

Yaal Vayupahavan (Pvt.) Ltd.

චුන්නාකම් 2 සුළං බලාගාරය

34,478,256

38,552,717

36,239,664

17

Hiruras Power (Pvt.) Ltd.

මන්නාරම 1 සුළං බලාගාරය

 

56,359,128

40,374,360

18

Pawan Danavi  (Pvt.) Ltd.

කල්පිටිය සුළං බලාගාරය

21,543,920

22,166,210

20,192,640

19

Hiruras Power (Pvt.) Ltd.

මන්නාරම 2 (2019/002/c-60) සුළං බලාගාරය

 

9,751,224

41,263,458

ලංකා විදුලිබල මණ්ඩලය සතු මෙ.වො. 103.5 ධාරිතාවක් ඇති සුළං විදුලි බලාගාරය මඟින් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන ලද බලශක්ති ප්‍රමාණය පහත පරිදි වේ.

 

වර්ෂය

එක්කරන ලද බලශක්ති ප්‍රමාණය (ගි‍.වො. පැය)

2022

347.2

2023

391.4

2024

383.0

(v)             

 

               1.      ලංකා විදුලිබල මණ්ඩලය මඟින් සෑම වසර දෙකකට වරක් ප්‍රකාශයට පත් කරන 20 අවුරුදු දිගු කාලීන ජනන සැලැස්ම තුළ වාර්ෂිකව සැලකිය යුතු සුළං විදුලි බලාගාර ධාරිතාවක් ක්‍රමානුකූලව ජාතික පද්ධතියට අවශෝෂණය කරගත හැකි පරිදි සැලසුම් කර ඇත. දැනට මහජන උපයෝගිතා කොමිසමට අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති 2025-2044 ජනන සැලසුම අනුව 2030 වනවිට 860 MW ධාරිතාවක් සහිත සුළං බලාගාර පද්ධතියට අලුතින් එක්වීමට නියමිතය. මෙම බලාගාර තරගකාරී ටෙන්ඩර් ක්‍රම මඟින් ප්‍රසම්පාදනය කිරීමට බලාපොරොත්තු වේ.

 

2. කුඩා පරිමාණ පුනර්ජනනීය බලාගාර ඉදිකිරීම සඳහා වන අනුමැතීන් ලබා දීමේදී ඇති වන ප්‍රමාදවීම් වළක්වා ගැනීමට සුනිත්‍ය බලශක්ති අධිකාරිය - SEA - සහ ලංකා විදුලිබල මණ්ඩලය - CEB - ඒකාබද්ධව ක්‍රියා පටිපාටි සකස් කර ගැනීම.

 

3. වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට අවශෝෂණය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන සම්ප්‍රේෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය සැලසුම් දිගු කාලීන සම්ප්‍රේෂණ සැලසුම් යටතේ ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන සපයා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතී.

               4.      ජාතික විදුලබල පද්ධතියට සුළං විදුලි බලාගාර හරහා බලශක්තිය එක්කර ගැනීම පිණිස පවතින නීත්‍යනුකූල රාමුව තුළ විවිධ ප්‍රමාණයේ බලාගාර සඳහා විවිධ මිලදී ගැනීම් ක්‍රම භාවිත කරනු ලබයි. එනම්, සුළං විදුලි බලාගාර සඳහා ද විවෘත පුනර්ජනනීය බලශක්තිය හරහා විදුලිය උත්පාදනය විවිධ ක්‍රම  මඟින් ප්‍රසම්පාදනය කෙරේ. එනම්, ස්ථාවර පෝෂක ගාස්තු - feed-in-tariff - සහ තරගකාරී ලංසු තැබීම් යන ප්‍රසම්පාදන ක්‍රමවේද

  • උපරිමය මෙ.වො.10ට යටත්ව ඕනෑම ස්ථානයක ස්ථාපිත කළ හැකි වන පරිදි සුළං විදුලි බලාගාර සඳහා සම්මත බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් -SPPA- යටතේ ඒකකයකට රුපියල් 29.86ක මිලක් ප්‍රකාශයට පත් කර ඇත.
  • ඊට අමතරව, සුළං බලාගාරවලින් ජනනය වන විදුලිය තරගකාරි ලංසු තැබීම් මඟින් කාණ්ඩ දෙකක් යටතේ මිලදී ගනු ලැබේ. එනම්, මෙගා‍වොට් 10 හෝ ඊට අඩු කුඩා පරිමාණ බලාගාර සහ මෙගාවොට් 10ට වැඩි මහා පරිමාණ බලාගාර.
  • එලෙස ජාතික විදුලිබල පද්ධතියට නුදුරේදී එක්වීමට නියමිත සුළං විදුලි බලාගාර පිළිබඳ විස්තර පහත දක්වා ඇත.

 

 බලාගාරයේ නම

ධාරිතාව (මෙගාවොට්)

විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කළ දිනය

විදුලි බලාගාරය ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂිත වර්ෂය

සටහන

01. සම්මත විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් (SPPA) හරහා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති

ආලංකුඩා සුළං බල ව්‍යාපෘතිය

10

12/6/2023

2026

 

මුල්ලිපුරම සුළං බල ව්‍යාපෘතිය

10

6/2/2024

2026

 

02. මෙගාවොට් 10 සහ ඊට අඩු ඉදිකිරීම්, ක්‍රියාත්මක කිරීම සහ අයිතිය (BOO) පදනම යටතේ ප්‍රසම්පාදනය කළ ව්‍යාපෘති

මන්නාරම මෙගාවොට් 5 සුළං බලාගාරය 1

5

    18- සැප්- 24

    2025

මන්නාරම මෙගාවොට් 5 සුළං බලාගාරය 2

5

 

 

මන්නාරම මෙගාවොට් 5 සුළං බලාගාරය 3

5

 

 

මන්නාරම මෙගාවොට් 5 සුළං බලාගාරය 4

5

 

 

මාදම්පේ මෙගාවොට් 5 සුළං බලාගාරය 1

5

අත්සන් කිරීමට නියමිතයි

 2026

මාදම්පේ මෙගාවොට් 5 සුළං බලාගාරය 2

5

 

 

03. ඉදිකිරීම්, ක්‍රියාත්මක කිරීම සහ අයිතිය (BOO) පදනම යටතේ ප්‍රසම්පාදනය කළ මහා පරිමාණ ව්‍යාපෘති

මෙගාවොට් 50 මන්නාරම සුළං බලාගාරය (මන්නාරම අදියර I - දිගුව

50

 

2026

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබීමෙන් පසු ප්‍රදානය කිරීමට නියමිතව ඇත.

මුල්ලිකුලම්හි මෙගාවොට් 100 (2 x 50) සුළං බලාගාරය

100

 

2027

ටෙන්ඩර් කැඳවීම සඳහා මූලික කටයුතු කරමින් ඇත.

(ආ)      අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-05-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks