පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
152/2024
ගරු අජිත් පී. පෙරේරා මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කෙරවලපිටියේ පිහිටුවා ඇති කසල මඟින් විදුලිය උත්පාදනය කරන විදුලි බලාගාරයේ (Waste-to-Energy Power Plant) උත්පාදනය කරනු ලබන විදුලිය ඒකකයක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවනු ලබන මිල කොපමණද;
(ii) එම බලාගාරය ප්‍රශස්ත ලෙස පවත්වාගෙන යාම සඳහා දිනකට අවශ්‍ය වන කසල ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොපමණද;
(iii) 2024 වර්ෂය තුළ එම බලාගාරය වෙත දෛනිකව සපයනු ලැබූ කසල ප්‍රමාණයේ සාමාන්‍ය අගය මෙට්‍රික් ටොන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත බලාගාරය සඳහා කසල සැපයීම සිදු කරනු ලබන පළාත් පාලන ආයතන කවරේද;
(ii) කසල දහනය කිරීමෙන් පසුව මේ වනවිට ඉහත බලාගාර පරිශ්‍රය තුළ එක්රැස් වී ඇති අළු ප්‍රමාණය කොපමණද;
(iii) බලාගාරයෙන් නිකුත් වන අළු පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
(iv) ඉහත බලාගාරය සඳහා 2023 වර්ෂයට අදාළව පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-19
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) කෙරවලපිටියේ පිහිටුවා ඇති කසළ මඟින් විදුලිය උත්පාදනය කරන Western Power Company (Pvt.) Limited ආයතනයට අයත් විදුලි බලාගාරයේ (Waste-to-Energy Power Plant) උත්පාදනය කරනු ලබන විදුලිය ඒකකයක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් 36.20ක් ගෙවනු ලබන අතර, භාණ්ඩාගාරය විසින් ඒකකයක් සඳහා රුපියල් 13.10ක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ප්‍රතිපූර්ණය කරනු ලබයි.
(ii) දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය (Municipal Solid Waste - MSW) මෙට්‍රික් ටොන් 650-700 අතර අවශ්‍ය වේ.
(iii) දෛනික සාමාන්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 584ක් වේ.
(ආ) (i) කොළඹ මහ නගර සභාව සහ සමහර අවස්ථාවලදී බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය (WMA) විසින් අවශ්‍යතාව දැන්වීම අනුව බස්නාහිර පළාතේ වෙනත් පළාත් පාලන ආයතනවලින්ද මේ සඳහා කසල සපයනු ලැබේ.
(ii) බලාගාර පරිශ්‍රයේ දැනට ආසන්න වශයෙන් අළු මෙට්‍රික් ටොන් 15,000ක් පමණ එකතු වී ඇත. එයින් මෙට්‍රික් ටොන් 12,000 සැහැල්ලු අළු (fly ash) වන අතර මෙට්‍රික් ටොන් 3,000 බර අළු (bottom ash) වේ.
(iii) මධ්‍යම පරිසර අධිකාරියේ ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන ඇත. එහි කොන්දේසි අනුව අවශ්‍ය කටයුතු කරනු ලැබේ.
(iv) 2023 ජනවාරි සිට 2023 ජූලි දක්වා පරිසර බලපත්‍රය ලබාගෙන ඇත. ඊට අමතරව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් 2024 අගෝස්තු සිට 2025 අගෝස්තු දක්වා ලබාගෙන ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks