පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
145/2024
ගරු දේවානන්ද සුරවීර මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මේ වනවිට මූල්‍ය කටයුතු සිදු කරනු ලබන සමූපකාර සමිති සංඛ්‍යාව කොපමණද;
(ii) මහරගම සමූපකාර ග්‍රාමීය බැංකුව, ඒ යටතට අයත් වන්නේද;
(iii) මහරගම සමූපකාර සමිතියේ සභාපතිවරුන් හා අධ්‍යක්ෂක මණ්ඩලයේ අක්‍රමිකතා හේතුවෙන් තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා ගැනීමට නොහැකි වී ඇති බව දන්නේද;
(iv) එම ගැටලුව නිරාකරණය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-07
අසන ලද්දේ
ගරු දේවානන්ද සුරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මේ වන විට පළාත් සභාවලට අයත් පළාත් 9හි මූල්‍ය කටයුතු සිදු කරනු ලබන සමපකාර සමිති සංඛ්‍යාව 4,949කි. රේඛීය දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම ආණ්ඩුවේ මූල්‍ය කටයුතු සිදු කරනු ලබන සමුපකාර සමිති සංඛ්‍යාව 32කි.
ඒ අනුව මූල්‍ය කටයුතු සිදු කරනු ලබන මුළු සමුපකාර සමිති සංඛ්‍යාව 4,981කි.
එය සිද්ධ වෙන්නේ, උතුරු පළාතේ සමිති 51ක්, නැඟෙනහිර පළාතේ සමිති 75ක්, දකුණු පළාතේ සමිති 1,137ක්, බස්නාහිර පළාතේ සමිති 1,244ක්, මධ්‍යම පළාතේ සමිති 511ක්, උතුරු මැද පළාතේ සමිති 142ක්, ඌව පළාතේ සමිති 502ක්, සබරගමුව පළාතේ සමිති 598ක් සහ වයඹ පළාතේ සමිති 689ක් ලෙසයි.
(ii) ඔව්.
මහරගම සමුපකාර ග්‍රාමීය බැංකුව බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්ට අයත් මූල්‍ය කටයුතු සිදු කරනු ලබන සමුපකාර සමිතියකි.
(iii) මූල්‍ය අර්බුදය හේතුවෙන් තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් ගෙවීමට නොහැකි වී ඇති අතර, බස්නාහිර පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තිය යටතේ විමර්ශනයක් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින්ද මේ වන විට විමර්ශනයක් සිදු කරමින් පවතී.
(iv) ඔව්.
(a) රුපියල් 5,000.00කට අඩු සියලුම තැන්පත් ගිණුම් සඳහා ගෙවා අවසන් කිරීම.
(b) 2024.08.31 දිනට පැවැති තැන්පත්කරුවන්ගේ තැන්පත් ශේෂය අනුව සියයට 10.5ක ප්‍රතිශතයක් තැන්පත්කරුවන් වෙත ගෙවා අවසන් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-01-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks