01

E   |     |  

 දිනය: 2025-01-07   පිළිතුර ලබා දී ඇත 

0145/2025: මහරගම සමුපකාර ග්‍රාමීය බැංකුව: අක්‍රමිකතා

----

අසන ලද දිනය

2025-01-07

අසන ලද්දේ

ගරු දේවානන්ද සුරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මේ වන විට පළාත් සභාවලට අයත් පළාත් 9හි මූල්‍ය කටයුතු සිදු කරනු ලබන සමපකාර සමිති සංඛ්‍යාව 4,949කි. රේඛීය දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම ආණ්ඩුවේ මූල්‍ය කටයුතු සිදු කරනු ලබන සමුපකාර සමිති සංඛ්‍යාව 32කි.

ඒ අනුව මූල්‍ය කටයුතු සිදු කරනු ලබන මුළු සමුපකාර සමිති සංඛ්‍යාව 4,981කි.

එය සිද්ධ වෙන්නේ, උතුරු පළාතේ සමිති 51ක්, නැඟෙනහිර පළාතේ සමිති 75ක්, දකුණු පළාතේ සමිති 1,137ක්, බස්නාහිර පළාතේ සමිති 1,244ක්, මධ්‍යම පළාතේ සමිති 511ක්, උතුරු මැද පළාතේ සමිති 142ක්, ඌව පළාතේ සමිති 502ක්, සබරගමුව පළාතේ සමිති 598ක් සහ වයඹ පළාතේ සමිති 689ක් ලෙසයි.

(ii) ඔව්.

මහරගම සමුපකාර ග්‍රාමීය බැංකුව බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්ට අයත් මූල්‍ය කටයුතු සිදු කරනු ලබන සමුපකාර සමිතියකි.

(iii) මූල්‍ය අර්බුදය හේතුවෙන් තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් ගෙවීමට නොහැකි වී ඇති අතර, බස්නාහිර පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තිය යටතේ විමර්ශනයක් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින්ද මේ වන විට විමර්ශනයක් සිදු කරමින් පවතී.

(iv) ඔව්.

  • සමිතියේ කටයුතු විධිමත් කළමනාකරණයකින් පවත්වාගෙන යෑම සඳහා පවතින අධ්‍යක්ෂ මණ්ඩලයට දෙපාර්තමේන්තු නිලධාරින් තිදෙනෙකු පත් කර, එකී අය අතරින් සභාපති හා උප සභාපති නම් කර ඇත.
  • සමිතියේ මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ 2011 අංක 04 දරන සමුපකාර සමිති (සංශෝධන) ප්‍රඥප්තියෙන් සංශෝධිත 1998 අංක 03 දරන සමුපකාර සමිති ප්‍රඥප්තියේ 47 (2) වගන්තිය යටතේ විමර්ශන දෙකක් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් විමර්ශනයක් සිදු කරමින් පවතී.
  • සියලුම ණය අයකර ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.
  • 2023.09.02 හා 2024.07.06 දිනැති මහා සභා යෝජනා ස්ථිරත්වය අනුව සමිතිය සතු වත්කම් 12ක් විකිණීම සඳහා බස්නාහිර පළාත් සභාවේ 2011 අංක 04 දරන සමුපකාර සමිති (සංශෝධන) ප්‍රඥප්තියෙන් සං‍ශෝධිත 1998 අංක 03 දරන සමුපකාර සමිති ප්‍රඥප්තියේ 33(2)(ආ) වගන්තිය අනුව දේපළ බැහැර කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.
  • ඒ අනුව මෙම දේපළ සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු වාර්තා කැඳවීමට කටයුතු කර ඇති අතර, ඉඩම් 04ක් සඳහා තක්සේරු වාර්තා ලැබී ඇත. එකී ඉඩම් 04 අතරින් ඉඩම් 02ක් රු.88,257,375.00ක වටිනාකමට විකිණීමට කටයුතු කර ඇත.
  • අයකර ගත් ණය මුදල් ඇතුළුව රුපියල් මිලියන 100ක් පහත සඳහන් ක්‍රමවේද යටතේ තැන්පත්කරුවන් වෙත තැන්පත් මුදල් නිදහස් කර ඇත.

(a) රුපියල් 5,000.00කට අඩු සියලුම තැන්පත් ගිණුම් සඳහා ගෙවා අවසන් කිරීම.

(b) 2024.08.31 දිනට පැවැති තැන්පත්කරුවන්ගේ තැන්පත් ශේෂය අනුව සියයට 10.5ක ප්‍රතිශතයක් තැන්පත්කරුවන් වෙත ගෙවා අවසන් කර ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-01-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks