පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-12-18
අසන ලද්දේ
ගරු දේවානන්ද සුරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්. මග නැඟුම ආයතනය සතු වාහනවල ලැයිස්තුවක් ඇමුණුම අංක 02 ලෙසද, දැනට මග නැඟුම ආයතනය සතු වත්කම් ඇතුළත් ගිණුම් ප්‍රකාශය ඇමුණුම් අංක 03 ලෙස ද මේ සමඟ ඉදිරිපත් කරමි.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නයට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න අපි කැමැතියි. මග නැඟුම ආයතනය ඇතුළු එයට අනුබද්ධ සමාගම් 3ක් වසා දැමීමට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය අරගෙන තිබෙන්නේ 2023.03.20වන දින. ඒ අනුව සීමාසහිත මග නැඟුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ (පුද්ගලික) සමාගම, සීමාසහිත මග නැඟුම උපදේශක සහ කළමනාකරණ (පුද්ගලික) සමාගම සහ සීමාසහිත මග නැඟුම ඉමල්ෂන් නිෂ්පාදන (පුද්ගලික) සමාගම යන සමාගම් තුන ඈවර කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම 2023.03.20වන දින කැබිනට් මණ්ඩලය විසින් තීන්දු කරලා තිබෙන දෙයක්. එය ඇමුණුම 01 මඟින් දක්වා ඇත.
(iii) ඔව්, අධිකරණ ක්‍රියාමාර්ග ඇමුණුම අංක 04 ලෙස ඉදිරිපත් කර ඇත.
දීර්ඝ ලේඛන තිබෙන්නේ, ගරු මන්ත්‍රීතුමා. අවශ්‍ය නම් ඒවා ඔබතුමාට සහ මේ සභාවට ලබා දෙන්න පුළුවන්.
(iv) ඔව්. ඒ නඩුව - "HC (CIVIL) 32/2023/CO" කියන නඩුව - පවත්වාගෙන යනවා.
(v) ගරු කථානායකතුමනි, එම නඩුව වෙනුවෙන් දැනට වියදම් කර තිබෙන මුදල කොටස් දෙකකින් යුක්තයි.
ඒකේ නඩු කටයුතු සඳහා වූ වියදම් පිළිබඳව 2023 සැප්තැම්බර් මස සිට 2024.07.22 දක්වා වාර්තා තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි. මෙම නඩුවට අදාළ නඩු කටයුතු සඳහා රුපියල් 13,964,027.30ක් රජයෙන් වියදම් කර තිබෙනවා. ඒ වාගේම මේ සම්බන්ධව බේරුම්කරණයක් - arbitration එකක් - ගිහිල්ලා තිබෙනවා. ඒ බේරුම්කරණය පටන්ගෙන තිබෙන්නේ 2024 අගෝස්තු 09වන දා. මට මතක හැටියට නම්, ජනාධිපතිවරණ සීමාව වාගේ තමයි. 2024 සැප්තැම්බර් 13වන දා වනවිට බේරුම්කරණ කටයුතු සඳහා රුපියල් 3,015,000ක් ගෙවා තිබෙනවා. එය ඇමුණුම් 05, ඇමුණුම 06 සහ ඇමුණුම 07 ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඇමුණුම් 01 සිට 07 දක්වා මම සභාගත* කරනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-12-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks