E   |     |  

 දිනය: 2026-08-19   පිළිතුර ලබා දී ඇත 

0139/2026: Importation of Organic fertilizer in year 2021 and 2022

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       2021 සහ 2022 යන වර්ෂවල ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කාබනික පොහොර ප්‍රමාණය කොපමණද;

            (ii)       එම පොහොර ආනයනය කරන ලද සමාගම්/ආයතනවල නම් කවරේද;

(iii) ඒ සඳහා වැය කරන ලද මුදල කොපමණද;

(iv) විගණන වාර්තාවලට අනුව, එම පොහොර ආනයනය කිරීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හේතුවෙන් සිදුවූ පාඩුව කොපමණද;

(v) ඊට වගකිව යුතු පුද්ගලයන්ගේ නම් සහ තනතුරු නාම කවරේද;

(vi) ඒ සම්බන්ධයෙන් විගණන වාර්තාව මඟින් ලබාදී ඇති නිර්දේශ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-08-19

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks