පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු චමින්ද විජේසිරි මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය කවරේද;
(iii) ඉහත බලපත්‍ර නිකුත් කිරීමෙන් උපයන ලද ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පසුගිය කාලයේදී විශාල සමාජ විරෝධයක් ඇතිවූ බැවින්, එම තත්ත්වය වෙනස් කිරීමට ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-10
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2024.09.27 දින සිට මත්පැන් සිල්ලරට විකිණීම (ර.බී. 04) සඳහා අලුතින් බලපත්‍ර ලබා දී නැත. එසේම, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් විසින් 2024.10.21 දින සිට නැවත දැනුම් දෙන තුරු කිසිදු සුරාබදු බලපත්‍රයක් නිකුත් නොකරන මෙන් උපදෙස් දී ඇති අතර, සංචාරක කර්මාන්තයේ උන්නතිය හා ප්‍රවර්ධනය සඳහා සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් පහත සඳහන් බලපත්‍ර කාණ්ඩ සඳහා නව සුරාබදු බලපත්‍ර ලබා දීමට 2024.12.12 දින ගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ලැබී ඇති බව දන්වා ඇත.
1. ර.බී. 7/8 - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් හෝටල් බලපත්‍ර
2. ර.බී. 11 - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් භෝජනාගාර බලපත්‍ර
3. ර.බී. 22 බී - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් ස්ථානීය පරිභෝජනය සඳහා බියර්, ඒල්, ස්ටවුට් හා වයින් විකිණීම සඳහා වූ විශේෂ බලපත්‍ර
4. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් සුරාබදු නිවේදන අංක 936 යටතේ ලබා දෙන බුටික් විලා බලපත්‍ර
5. ර.බී. 14 - සහකාර සුරාබදු කොමසාරිස් කාර්යාල තුළින් උත්සව සඳහා දිනකට/එක් පීඨීකාවක් වෙත ලබා දෙන අවස්ථා බලපත්‍ර
2015 වර්ෂයේ සිට 2026.05.31 දින දක්වා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නව මත්පැන් බලපත්‍රවලට අදාළ විස්තර එක් එක් වර්ෂය අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙන් වෙන් වශයෙන් ඇමුණුම I** යටතේ දක්වා ඇත.
(ii) 2024 ජනවාරි 12 දිනැති අංක 2366/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ අංක 02/2024 දරන සුරාබදු නිවේදනය (ඇමුණුම II**) මඟින් දක්වා ඇති රීති හා මාර්ගෝපදේශයන් අනුව මත්පැන් බලපත්‍ර ලබා දීම සිදු කරනු ලබයි. එය 2024.01.12 දින සිට ඉදිරියට නිකුත් කරන ලද සුරාබදු බලපත්‍ර සඳහා අදාළ වේ.
(iii) සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමෙන් ලබන ආදායම දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් බලපත්‍ර නිකුත් කිරීමේදී සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ලෙස එකතු කරනු ලබයි. එම ආදායම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් එක් එක් පළාත අනුව පළාත් ආදායම් ශීර්ෂයට බැර කරනු ලබයි. කෙසේ වෙතත්, 2015 සිට 2026 මැයි දක්වා කාලය තුළ නව සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමෙන් උපයාගත් ඇස්තමේන්තුගත ආදායම පහත පරිදි වේ;
|
වර්ෂය |
නව සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම සඳහා ඇස්තමේන්තුගත වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තුව (රුපියල් මිලියන) |
••කර්මාන්ත ප්‍රවේශය සඳහා එක් වරක් අය කරනු ලබන ඇස්තමේන්තුගත ගාස්තුව (රුපියල් මිලියන) |
මුළු ආදායම (තාවකාලික) (රුපියල් මිලියන) |
|
2015 |
38.7 |
- |
38.7 |
|
2016 |
31.5 |
- |
31.5 |
|
2017 |
8.5 |
- |
8.5 |
|
2018 |
25.4 |
- |
25.4 |
|
2019 |
43.7 |
- |
43.7 |
|
2020 |
17.5 |
- |
17.5 |
|
2021 |
100.3 |
- |
100.3 |
|
2022 |
81.5 |
- |
81.5 |
|
2023 |
150.3 |
- |
150.0 |
|
2024 |
207.7 |
3,303.3 |
3,511.0 |
|
2025 |
39.3 |
- |
39.3 |
|
•2026 |
5.8 |
7.0 |
12.8 |
•2026 මැයි දක්වා
••මෙම ගාස්තුව 2024 වසරේදී සුරාබදු නිවේදන අංක 03/2024 මඟින් හඳුන්වා දී ඇති අතර, 2024 දෙසැම්බර් 06වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අත්හිටුවීමේ නියෝගයක් මත 2025 වසරේදී අය නොකෙරිණි. 2025 දෙසැම්බර් මාසයේදී සුරාබදු නිවේදන අංක 03/2025 ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, මෙම ගාස්තුව නැවත අය කිරීම සිදු කර ඇත.
(iv) මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පසුගිය කාලයේදී විශාල සමාජ විරෝධයක් ඇති වූයේ ප්‍රධාන වශයෙන් ර.බී. 04 බලපත්‍ර, එනම් මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර නිකුත් කිරීමට අදාළවයි. ඒ පිළිබඳව සැලකිල්ලට ගෙන මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ද 2024 ඔක්තෝබර් 21 දින සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත. එසේ වුවද, සංචාරක කර්මාන්තයේ උන්නතිය හා ප්‍රවර්ධනය සඳහා සංචාරක මණ්ඩල අනුමැතියලත් පහත සඳහන් බලපත්‍ර කාණ්ඩ සඳහා නව සුරාබදු බලපත්‍ර ලබා දීමට කටයුතු කර ඇත.
1. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් හෝටල් බලපත්‍රය (ර.බී. 7/8)
2. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් භෝජනාගාර බලපත්‍රය (ර.බී. 11)
3. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් ස්ථානීය පරිභෝජනය සඳහා බියර්, ඒල්, ස්ටවුට් හා වයින් විකිණීම සඳහා වූ විශේෂ බලපත්‍රය (ර.බී. 22බී)
4. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් සුරාබදු නිවේදන 936 යටතේ ලබා දෙන බුටික් විලා බලපත්‍රය
5. සහකාර සුරාබදු කොමසාරිස් කාර්යාල තුළින් උත්සව සඳහා දිනකට/එක් පීඨිකාවක් වෙත ලබා දෙන අවස්ථා බලපත්‍රය (ර.බී.14)
(ආ) පැන නොනගී.
පිළිතුරු දුන් දිනය
2026-08-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks