01

E   |     |  

 දිනය: 2024-12-17   පිළිතුර ලබා දී ඇත 

0131/2024: පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප: ගුරු හිඟය

----

අසන ලද දිනය

2024-12-17

අසන ලද්දේ

ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)      (i)     පුත්තලම දිස්ත්‍රික්කයේ ජාතික පාසල් සංඛ්‍යාව 08කි. (ඇමුණුම 01හි දක්වා ඇත)

                   ඇමුණුම 01

අනු අංකය

පාසලේ නම

කලාපය

1

පු/ආනන්ද ජාතික පාසල

පුත්තලම

2

පු/සහීරා ජාතික පාසල

පුත්තලම

3

පු/කල්පිටිය අල් අක්සා ජාතික පාසල

පුත්තලම

4

හලා/ආනන්ද ජාතික පාසල

හලාවත

5

හලා/සේනානායක මධ්‍ය මහා විද්‍යාලය

හලාවත

6

හලා/වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලය

හලාවත

7

බෞද්ධ බාලිකා විද්‍යාලය, ලුණුවිල

හලාවත

8

හලා/නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය

හලාවත

    (ii) එම දිස්ත්‍රික්කයේ ඇති අධ්‍යාපන කලාප සංඛ්‍යාව 02කි. (හලාවත, පුත්තලම)

   (iii) පුත්තලම දිස්ත්‍රික්කයේ  ජාතික පාසල්හි සමස්ත ගුරු පුරප්පාඩු ප්‍රමාණය 179කි. එය එක් එක් අධ්‍යාපන කලාපයේ විෂයන් අනුව ඇමුණුම 02 මඟින් ඉදිරිපත් කරමි.

        පළාත් පාසල්වල සමස්ත ගුරු පුරප්පාඩු ප්‍රමාණය 1,262ක් වන අතර එය එක් එක් අධ්‍යාපන කලාපයේ විෂයන් අනුව ඇමුණුම 03 මඟින් ඉදිරිපත් කරමි.

   (iv) 2025 ජනවාරි මාසය තුළ විද්‍යාපීඨ මඟින් ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් 4,500කට ආසන්න ප්‍රමාණයක් ගුරු සේවයේ නව පත්වීම් ලබා ගැනීමට නියමිත අතර එම අය අතුරින් පුත්තලම  දිස්ත්‍රික්කයේ 6-11 සහ ප්‍රාථමික ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අදාළ විෂය ගැළපීම මත ගුරු පත්වීම් ලබා දීමට කටයුතු කරනු ඇත.

ඊට අමතරව ජාතික හා පළාත් පාසල්වල 2023.06.30 දිනෙන් පසු ඇති වූ ගුරු පුරප්පාඩු සඳහා නව පත්වීම් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර එම බඳවා ගැනීම්ද 2025 වර්ෂය තුළ සිදු කිරීමට නියමිතය.

දැනට රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් හා උපාධිධාරි අනෙකුත් තනතුරුවල සේවය කරන නිලධාරින් අතුරින් ගුරු සේවයට බඳවා ගැනීමට අදාළ තරග විභාගය 2023.03.25 දින පැවැත්වීමට නියමිතව තිබුණි. එම විභාගය පැවැත්වීමට එරෙහිව අධිකරණය මඟින් තහනම් නියෝගයක් ලබා දී ඇති අතර, එම තහනම් නියෝගය මත එම පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් අත්හිටුවා ඇත. අධිකරණයෙන් ලබා දෙන ඉදිරි නියෝග මත එම බඳවාගැනීම් සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු කිරීමට නියමිතය.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-12-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks