04

E   |     |  

 දිනය: 2024-12-18   පිළිතුර ලබා දී ඇත 

0130/2024: 2019-2022 දක්වා කොවිඩ්-19 සඳහා කරන ලද පරීක්ෂණ: විස්තර

----

අසන ලද දිනය

2024-12-18

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)        2019 සිට 2022 වර්ෂය දක්වා රජය සහ පෞද්ගලික අංශය විසින් කොවිඩ්-19 සඳහා සිදු කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සහ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව පිළිබඳ දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අංශය සතු තොරතුරු අනුව වෙන් වෙන් වශයෙන් පහත දක්වා ඇත.

වර්ෂය  

කොවිඩ්-19 ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සංඛ්‍යාව

කොවිඩ්-19 පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව

රාජ්‍ය අංශය

පෞද්ගලික අංශය

රාජ්‍ය අංශය

පෞද්ගලික අංශය

2019

0

0

0

0

2020

0

0

994,866

351,047

2021

1,928,349

361,265

2,852,616

1,781,793

2022

268,969

257,273

193,642

508,486

මුළු පරීක්ෂණ සංඛ්‍යාව

2,197,318

618,538

4,041,124

2,641,326

 

(ii) ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සහ පීසීආර් පරීක්ෂණ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වූ දේශීය නියෝජිතයින්ගේ නම් ඇමුණුම 01හි දක්වා ඇත.

ඇමුණුම 01:

1. Biomedite (Pvt.) Ltd.

2. PTC Medical (Pvt.) Ltd.

3. Analytical Instruments (Pvt.) Ltd.

4. Emar Pharma (Pvt.) Ltd.

5. Microtech Biological (Pvt.) Ltd.

6. Morison Limited - Colombo 02

7. Sunshine Healthcare Lanka Ltd.

8. Avon Pharmo Chem (Pvt.) Ltd.

9. Breathe Free Lanka (Pvt.) Ltd.

10. George Steuart Health (Pvt.) Ltd.

11. Kish International (Pvt.) Ltd.

12. Quick Medical Diagnostics (Pvt.) Ltd.

13. Siba Holdings (Pvt.) Ltd.

14. Akbar Pharmaceuticals (Pvt.) Ltd.

15. Durdans Hospital Ltd. - Ceylon Hospitals Ltd.

16. DHS Medical Group (Pvt.) Ltd.

17. Elshaddai Enterprises (Pvt.) Ltd. -    Colombo 05

18. Markss HLC (Pvt.) Ltd.

19. Ceyoka (Pvt.) Ltd.

20. Pro Care Holdings (Pvt.) Ltd.

21. Primecare Holdings (Pvt.) Ltd. - Kaduwela

22. Shield Medical (Pvt.) Ltd.

23. Siba Healthcare (Pvt.) Ltd.

24. Slim Pharmaceuticals (Pvt.) Ltd.

25. Trivitron Nawakrama Medical Technologies (Pvt.) Ltd.

26. RN Vision Pharma (Pvt.) Ltd - Kiribathgoda

 

(ආ) (i) ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සහ පීසීආර් පරීක්ෂණ එක් ඒකකයක් සඳහා රජය විසින් දරන ලද වියදම් පිළිබඳ විස්තර පිළිවෙළින් ඇමුණුම 02 සහ ඇමුණුම 03 මඟින් දක්වා ඇත. ඇමුණුම 02 සහ 03 සභාගත* කරමි.

 

මම එය සාරාංශ කරලා ඔබතුමාට කියන්නම්, ගරු මන්ත්‍රීතුමනි.

Divasa Pharma Limited එකෙන් රුපියල් 1,146 සිට රුපියල් 937 දක්වා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ එක් ඒකකයක් මිලදීගෙන තිබෙනවා. ඔවුන්ට සම්පූර්ණයෙන් වියදම් කරලා තිබෙනවා, රුපියල් මිලියන 2,200ක්. Kish Laboratories (Pvt.) Limited, Wattala මඟින් රුපියල් 975ට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටලයක් මිලදීගෙන තිබෙනවා. ඔවුන් වෙනුවෙන් රුපියල් මිලියන 73ක් වියදම් කරලා තිබෙනවා. George Steuart Health (Pvt.) Limited, Colomboහි unit price එක රුපියල් 1,146 සිට රුපියල් 947 දක්වා වූ range එකක තිබෙන්නේ. ඔවුන් වෙනුවෙන් රුපියල් මිලියන 882ක් වියදම් කරලා තිබෙනවා. ඒ අනුව Rapid Antigen Tests සඳහා රුපියල් මිලියන 3,156ක් වියදම් කරලා තිබෙනවා.

PCR පරීක්ෂණ සඳහා නුගේගොඩ Avon Pharmo Chem (Pvt.) Limitedහි unit price එක රුපියල් 2,887 සිට රුපියල් 1,270 දක්වා වෙනස් වනවා. ඔවුන් වෙනුවෙන් රුපියල් මිලියන 2,219ක් වැය කරලා තිබෙනවා. Ceyoka (Pvt.) Limited එකේ unit price එක රුපියල් 822 සිට රුපියල් 750 දක්වා වෙනස් වනවා. සමස්ත වියදම රුපියල් මිලියන 441යි. George Steuart Health (Pvt.) Limited එකේ රුපියල් 1,703 සිට 1,220 දක්වා range එකක තිබෙන්නේ. ඔවුන් වෙනුවෙන් සමස්ත වියදම රුපියල් මිලියන 394යි. Slim Pharmaceuticals (Pvt.) Limited, Malabe, රුපියල් 745 සිට 705 දක්වා වෙනස් වෙලා තිබෙනවා. මොකද, විවිධ අවස්ථාවල ගෙවීම් කරලා තිබෙන නිසා. ඔවුන් වෙනුවෙන් සමස්ත වියදම රුපියල් මිලියන 164යි. Analytical Instruments (Pvt.) Limited, Colomboහි රුපියල් 1,445යි. ඔවුන්ගෙන් මිලදී අරගෙන තිබෙන්නේ කට්ටල 42,000යි. ඒ අනුව සමස්ත වියදම රුපියල් මිලියන 65යි.

(ii) 2019 සිට 2022 කාල සීමාවට අදාළව ඇමුණුම 02 හා 03හි ගණනය කරන ලද මුළු එකතුව පහත පරිදි වේ.

 

ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සඳහා රජය විසින් දරන ලද මුළු වියදම

රු. 3,156,533,000.00

පීසීආර් පරීක්ෂණ සඳහා රජය විසින් දරන ලද මුළු වියදම

රු. 3,285,678,627.75

මුළු වියදම

රු. 6,442,211,627.75

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2024-12-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks