01

E   |     |  

 දිනය: 2024-12-17   පිළිතුර ලබා දී ඇත 

0129/2024: කොඩිව්-19 ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන් ආදාහනය: විස්තර

129/2024

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)        කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට රජය විසින් ගනු ලැබූ තීරණය මත ආදාහනය කරන ලද මළ සිරුරු සංඛ්‍යාව කොපමණද;

(ii) එසේ මිය ගිය එක් එක් පුද්ගලයාගේ නම, ස්ත්‍රී/පුරුෂ සමාජභාවය, ජාතිය, ආගම, සමීපතම ඥාතියාගේ නම, ලිපිනය, මළ සිරුර ආදාහනය කරන ලද දිනය හා ස්ථානය වෙන් වෙන් වශයෙන් කවරේද‍;

(iii) ඉහත සඳහන් මිය ගිය එක් එක් පුද්ගලයාගේ මරණ සහතිකයේ අංකය, මරණය ලියාපදිංචි කරන ලද දිනය හා දිස්ත්‍රික්කය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-12-17

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ‍කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් ආදාහනය කරන ලද මළ සිරුරු සංඛ්‍යාව 13,183කි.

              (ii)      2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත (RTI  Act) සහ වෛද්‍ය ආචාර ධර්මවලට (Medical ethics) අනුව විමසනු ලබන තොරතුරු ලබා දීමේ හැකියාවක් නොමැත.

            (iii)      සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ නොවන අතර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගැනීම සුදුසු වේ.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2024-12-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks