01

E   |     |  

 දිනය: 2025-01-07   පිළිතුර ලබා දී ඇත 

0128/2025: මහනුවර, මාබේරියතැන්න යෝජිත අභ්‍යන්තර ගුවන් තොටුපළ: අත්පත් කරගත් ඉඩම්

128/2024

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       මහනුවර, මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මාබේරියතැන්න ඉදිකිරීමට යෝජිත අභ්‍යන්තර ගුවන්තොටුපළ සඳහා වෙන්කරගෙන ඇති/අත්පත් කරගෙන ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

(ii) එම ඉඩම් අතර ඇති රජයේ වැවිලි ඉඩම් ප්‍රමාණය සහ පෞද්ගලික වැවිලි ඉඩම්  ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ඉහත (i)හි ඉඩම්වල ඇති පෞද්ගලික නිවාස, කර්මාන්තශාලා, වතු පාසල් සහ මහජන සේවා සපයන ආයතන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී පෞද්ගලික නිවාස අහිමිවන බවට හඳුනාගත් එක් එක් පුද්ගලයාගේ නම සහ ලිපිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) නිවාස අහිමි වන පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ සහ විකල්ප යෝජනා වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-01-07

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2025-01-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks