බලන්න

04

E   |     |  

 දිනය: 2025-03-06   පිළිතුර ලබා දී ඇත 

0124/2025: සේවක අර්ථසාධක අරමුදලට දායක වන ආයතන: විස්තර

124/2024

ගරු කිංස් නෙල්සන් මහතා,— කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      සේවක අර්ථසාධක අරමුදලට දායකත්ව මුදල් ගෙවිය යුතුව තිබෙන ආයතන සංඛ්‍යාව කොපමණද;

             (ii)        එම එක් එක් ආයතනයේ නම සහ ගෙවිය යුතුව තිබෙන දායකත්ව මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම මුදල් අයකර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-06

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ව්‍යාපෘති 18කි.

              (ii)      ව්‍යාපෘති 6ක් නවතා දමා ඇති අතර එම ව්‍යාපෘතිවල නම් පහත පරිදි වේ.

(අ)      කෙරවලපිටිය ඉදි කිරීම Port 220Kv, 2nd Cable කෙරවලපිටියේ යෝජිත ස්වාභාවික වායු බලාගාරයෙන් විදුලිය ලබා ගැනීම සඳහා (Port 220Kv, 2nd Cable for evacuating power from proposed Natural Gas Power Plant at Kerawalapitiya)

(ආ) භෞමික රූපවාහිනී විකාශන අංකිත කිරීමේ ව්‍යාපෘතිය

(ඇ) මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - අදියර 3 (පොතුහැර සිට ගලගෙදර)

(ඈ) සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය

(ඉ) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අපජල පවිත්‍රාගාර ඉදි කිරීම් ව්‍යාපෘතිය

(ඊ) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය (BIA)

(iii) (අ) කෙරවලපිටිය ඉදි කිරීම - Port 220Kv, 2nd Cable කෙරවලපිටියේ යෝජිත ස්වාභාවික වායු බලාගාරයෙන් විදුලිය ලබා ගැනීම සඳහා (Port 220Kv, 2nd Cable for evacuating power from proposed Natural Gas Power Plant at Kerawalapitiya)

පසුව මෙම ව්‍යාපෘතිය ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී.

(ආ) භෞමික රූපවාහිනී විකාශන අංකිත කිරීමේ ව්‍යාපෘතිය

කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත් කරන ලද අතර, ඒ අනුව උපදේශන සේවා ගිවිසුම ප්‍රදානය කිරීම සහ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ කරුණු විසඳීම සඳහා ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ ගරු ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමා විසින් ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනු ඇත.

(ඇ) මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - අදියර 3 (පොතුහැර සිට ගලගෙදර)

වර්තමානයේ මෙම ව්‍යාපෘතිය දේශීය මූල්‍යකරණය යටතේ ක්‍රියාත්මක වේ.

(ඈ) සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය

2029දී මෙම ණය ගිවිසුම අවසන් කිරීමට රජය ගත් තීරණයෙන් පසුව, කොළඹ නාගරික ප්‍රවාහනය සඳහා වඩාත් සුදුසු විසඳුමක් හඳුනා ගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සහ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කර ඇත.

(ඉ) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අපජල පවිත්‍රාගාර ඉදි කිරීම් ව්‍යාපෘතිය

ව්‍යාපෘති කටයුතු සඳහා මහජන විරෝධතාව හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

(ඊ) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය (BIA)

නිල ණයහිමි කමිටුවේ (OCC ) ගිවිසුම අත්සන් කිරීමෙන් සහ ණය ආපසු ලබාදීම නැවත ආරම්භ කිරීමෙන් පසුව, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පෞද්ගලික සමාගම (AASL) නව ලංසු කැඳවීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා රජය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී ඇති අතර, ව්‍යාපෘතිය හැකි ඉක්මනින් ආරම්භ කරනු ඇත.

(ආ) (අ) සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය

කොළඹ සඳහා අඩු වියදම්, දැරිය හැකි සහ ණය තිරසර ප්‍රවාහන විසඳුමක් අවශ්‍ය බව එවකට ජනාධිපති ලේකම්වරයා නැවත අවධාරණය කර තිබේ. එබැවින්, කොළඹ නගරය සඳහා විකල්ප ප්‍රවාහන විසඳුමක් සෙවීමට උපදෙස් දෙන ලදී. රටේ වර්තමාන මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ යුතු නම්, ජපාන රජය සමඟ නව සාකච්ඡා වාරයක් ආරම්භ කිරීමටද අවශ්‍ය වේ.

(ආ) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අපජල පවිත්‍රාගාර ඉදිකිරීම් ව්‍යාපෘතිය

ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කර ඇති ප්‍රධාන පවිත්‍රාගාරය සඳහා මහජන විරෝධතාව හේතුවෙන් ව්‍යාපෘති කටයුතු ආරම්භ කිරීමට න‍ොහැකි විය.

පිළිතුරු දුන් දිනය

2025-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks