01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0119/2025: Government Revenue Loss due to the decrease of Sugar tax

119/2024

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       සීනි සඳහා පනවා තිබූ බද්ද අඩු කිරීමට එවකට පැවති රජය තීරණය කරන ලද දිනය කවරේද;

              (ii)       එම තීරණය ගැනීමට බලපාන ලද සාධක කවරේද;

            (iii)       සීනි සඳහා පනවා තිබූ බද්ද අඩු කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට සීනි ආනයනය කරන ලද සමාගම් කවරේද;

(iv) ඉහත (i)හි සඳහන් තීරණය හේතුවෙන් අහිමිවූ බදු ආදායම කොපමණද;

(v) එම සීනි බදු වංචාව සම්බන්ධයෙන් මේ වනවිට‍ ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

 

අසන ලද දිනය

2025-11-15

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks