01

E   |     |  

 දිනය: 2025-07-11   පිළිතුර ලබා දී ඇත 

0114/2025: පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කොමිෂන් සභා: නිර්දේශ

----

අසන ලද දිනය

2025-07-11

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කර ඇති විමර්ශන කොමිෂන් සභා සංඛ්‍යාව එකකි.

              (ii)     

  • ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මැතිතුමා
  • අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මැතිතුමා
  • විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ මැතිතුමා
  • විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු මැතිතුමා
  • විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි මැතිතුමිය

(iii) අංක 21/0343/301/006 වූ "පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව" යන මැයෙන් ඉදිරිපත් කරන ලද සන්දේශයට 2021.02.22 දිනැතිව ලද අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව, අදාළ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, ජනාධිපති කාර්යාලය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද එම වාර්තාව 2021.02.25 දිනැතිව පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත.

එබැවින්, දැනටමත් සභාගත කර ඇති එකී වාර්තාවෙහි නිර්දේශ නැවත වරක් ඉදිරිපත් කිරීමෙහි අවශ්‍යතාවක් නොමැත.

(iv) මේ වන විට නීතිපතිවරයා විසින් මෙකී විමර්ශන කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතී.

ඒ අනුව, නීතිපතිවරයා විසින් දෙනු ලබන අවසන් නිර්දේශ මත පදනම්ව ගත යුතු සියලු  ක්‍රියාමාර්ග ගැනීමට වත්මත් රජය නොපැකිළව කටයුතු කරනු ඇත.

එපමණක් ද නොව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පත් කර ඇති විමර්ශන කොමිෂන් සභා/ ජනාධිපති පරීක්ෂණ කමිටු විසින් ලබා දී ඇති නිර්දේශ නීතිපති උපදෙස් ප්‍රකාරව සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වේ.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-07-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks