පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
112/2024
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බිංගිරිය අපනයන සැකසුම් කලාපය ස්ථාපිත කරන ලද දිනය කවරේද;
(ii) මේ වනවිට එම කලාපය සඳහා ලැබී ඇති ආයෝජන සංඛ්‍යාව හා ඒවායේ වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම ආයෝජන තුළින් මේ වනවිට උත්පාදනය කර ඇති සෘජු හා වක්‍ර රැකියා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම අපනයන කලාපය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-24
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2019 මාර්තු 4.
(ii)
|
|
ව්‍යාපෘති නම |
ඇස්තමේන්තුගත ආයෝජන (ඇමෙරිකානු ඩොලර් මිලියන) |
||
|
|
|
විදේශීය |
දේශීය |
එකතුව |
|
1 |
සයිනර්ජි ෆාමසූටිකල්ස් කෝර්ප් |
- |
16.14 |
16.14 |
|
2 |
ෆයිලොකෙම් |
6.00 |
- |
6.00 |
|
3 |
සිලොන් ප්‍රැග්රන්ස් ගෘප් |
1.80 |
- |
1.80 |
|
4 |
එම්පයර් ෆීඩ් මිල්ස් |
0.57 |
13.71 |
14.29 |
|
5 |
ඩොංෂියා ඉන්ඩස්ට්‍රියල් ලංකා |
9.00 |
- |
9.00 |
|
|
එකතුව |
17.37 |
29.86 |
47.23 |
(iii)
|
|
ව්‍යාපෘති නාමය |
රැකියා (ගණන) |
|
|
|
|
ඇස්තමේන්තුගත |
සත්‍ය |
|
1 |
සයිනර්ජි ෆාමසූටිකල්ස් කෝර්ප් |
150 |
- |
|
2 |
ෆයිලොකෙම් |
73 |
- |
|
3 |
සිලොන් ප්‍රැග්රන්ස් ගෘප් |
60 |
- |
|
4 |
එම්පයර් ෆීඩ් මිල්ස් |
182 |
16 |
|
5 |
ඩොංෂියා ඉන්ඩස්ට්‍රියල් ලංකා |
3000 |
413 |
|
|
එකතුව |
3465 |
429 |
එමඟින් ආසන්න වශයෙන් ඍජු රැකියා උත්පාදනයට වඩා තුන් ගුණයකින් වක්‍ර රැකියා උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.
(iv) බාහිර යටිතල පහසුකම් සංවර්ධනය
තුන්තොට සිට හෙට්ටියාකොටුව දක්වා ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීම මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන මත මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් කරගෙන යනු ලබන අතර, මුළු දිග ප්‍රමාණය කිලෝමීටර් 6.05ක් වේ. අපනයන සැකසුම් කලාපයේ අවරෝධක කලාපය තුළ ඉදිකෙරෙන වතුවත්ත සිට හෙට්ටියාකොටුව දක්වා වන මාර්ග කොටසෙහි සියයට 80ක පමණ ප්‍රමාණයක් ඇස්ෆෝල්ට් තාර දමා සම්පූර්ණ කර ඇති අතර, කිලෝමීටර 4.85ක් පමණ වන තුන්තොට සිට වතුවත්ත දක්වා කොටස සියයට 7ක පමණ සංවර්ධන මට්ටමක පවතී. මාර්ග කොටස සංවර්ධනය කිරීම සඳහා පෞද්ගලික ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වය යටතේ දැනට සිදු කෙරෙමින් පවතී. ඉහත මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 2025 වසර තුළ පවත්වා ගෙන යාම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් ඉල්ලුම් කර ඇත.
දිනකට ඝන මීටර් 2,000ක ජල සැපයුමක් කලාපය සඳහා මේ වනවිට ලබා දී ඇත. පවතින ජල සැපයුම වැඩිදියුණු කිරීම සඳහා නව ජල සැපයුම් යෝජනා ක්‍රමයක් ස්ථාපිත කළ යුතුව ඇත. ඉදිරියේදී ජල සැපයුම දිනකට ඝන මීටර් 10,000ක ප්‍රමාණයක් දක්වා වැඩිදියුණු කිරීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ඉල්ලුම් කර ඇති අතර, එම ආයතනයේ ඉදිරි සැලසුම්වලට මෙය ඇතුළත් කරගනු ලැබ ඇත.
මෙගාවොට් 2ක විදුලි සැපයුමක් කලාපය සඳහා මේ වනවිට ලබා දී ඇත. විදුලි සැපයුම මෙගාවොට් 10 දක්වා වැඩිදියුණු කිරීම සඳහා විදුලි උප පොළ ඉදිකිරීම විදුලිබල මණ්ඩලය යටතේ මේ වනවිට ආරම්භ කර ඇත.
අභ්‍යන්තර යටිතල පහසුකම් සංවර්ධනය
අභ්‍යන්තර මාර්ග ජාලය සඳහා මූලික ආකෘති ගොඩනැඟීම දැනටමත් අවසන් කර තිබේ.
2025දී මාර්ග මතුපිට වැඩ නිම කිරීම සඳහා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සැලසුම් කරයි.
අභ්‍යන්තර ජල විතරණ ජාලය දැනටමත් අවසන් කර ඇති අතර, බිංගිරිය EPZහි ආයෝජකයින්ට ජල සම්බන්ධතාවන් ලබා දී ඇත.
අභ්‍යන්තර විදුලි විතරණ ජාලය දැනටමත් සම්පූර්ණ කර ඇති අතර, ආරම්භක ඉල්ලුම වන 10 MVA ස්ථානයේදී ලබා ගත හැකි වේ.
සියලුම පළමු හා දෙවන අදියර (Phases I & II) සඳහා වන මුළු විදුලි සැපයුම 20 MVA දක්වා වර්ධනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය (CEB) එකඟ වී ඇත.
පළමු අදියර සඳහා මීටර් 3,625 දිග ආරක්ෂිත වැට දැනටමත් සම්පූර්ණ කර ඇත. ප්‍රධාන ප්‍රවේශ ද්වාරය සහ ඉතිරි ආරක්ෂිත වැට 2025දී සම්පූර්ණ කිරීමට BOI සැලසුම් කරයි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-02-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks