පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
106/2024
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ආරම්භයේදී එහි ස්ථාපිත කිරීමට යෝජිතව තිබූ පීඨ සංඛ්‍යාව කොපමණද;
(ii) එම පීඨවල නම් කවරේද;
(iii) මේ වනවිට එහි ස්ථාපිත කර ඇති පීඨ සංඛ්‍යාව කොපමණද;
(iv) ඉහත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මේ වනතෙක් ස්ථාපිත නොකිරීමට හේතු කවරේද;
(v) එම ඉංජිනේරු පීඨය ස්ථාපිත කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-12-17
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1999 අගෝස්තු 17 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අනුව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ආරම්භයේදී ස්ථාපිත පීඨ සංඛ්‍යාව 04කි.
(ii) 1. ව්‍යවහාරික විද්‍යා පීඨය
2. ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨය
3. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත පීඨය
4. පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය
(iii) මේ වනවිට එහි ස්ථාපිත කර ඇති පීඨ සංඛ්‍යාව 06කි. අලුත් පීඨ දෙක වෛද්‍ය පීඨය සහ තාක්ෂණ පීඨය.
(iv) ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සඳහා මේ වන තෙක් ඉංජිනේරු පීඨයක් පිහිටුවීම සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් වී නොමැත. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය වෙත ඉංජිනේරු පීඨයක් පිහිටුවීම සම්බන්ධව අනුමැතියක් ලබා දී නොමැත.
(v) ඉහත (iv)හි පිළිතුර ම අදාළ වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-12-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks