පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-01-10
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මේ වන විට වෙළෙඳ පොළ තුළ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් ක්‍රියාත්මකව පවතී. එසේම මෙම මිල ගණන් යටතේ සහල් අළෙවි වීමක් සිදු වේද යන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අධීක්ෂණය කරනු ලබයි. ආනයනික සහල් සහ දේශීය සහල්වල වෙළෙඳ පොළ මිල ගණන් පිළිබඳව ප්‍රශ්න අංක (iv) පිළිතුර මඟින් දක්වා ඇත.
(ii) ඔව්.
පසුගිය මාසය ඇතුළත කෘත්‍රිමව සහ අසාමාන්‍ය ලෙස සහල් මිල වැඩි වීමක් වාර්තා විය. එම අවස්ථාවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා එක්ව අප අමාත්‍යාංශය විසින් සහල් මිල අඩු කිරීම සඳහා පියවර කිහිපයක් ගනු ලැබීය.
· පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2024.12.09 දිනැති අංක 2414/02 හා 2414/04 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර මඟින් පිළිවෙළින් දේශීය හා ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් හා තොග මිලක් පනවන ලදී.
· රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය විසින් සහල් ආනයනය කිරීමට කටයුතු කිරීම.
· සහල් මෝල් හිමියන් සමඟ සිදු කරන ලද සාකච්ඡාවේදී ගරු ජනාධිපතිතුමා විසින් ලබා දුන් උපදෙස් පරිදි දිනපතා සී/ස ලංකා සතොස සමාගම වෙත හා විවෘත වෙළෙඳ පොළ වෙත නිශ්චිත සහල් ප්‍රමාණයක් නිදහස් කිරීම.
(iii) මේ වන විටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සහල් සඳහා පාලන මිලක් හඳුන්වා දී ඇත. ඊට අදාළ ගැසට් පත්‍ර ඇමුණුම වශයෙන් මෙයට අමුණා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(iv)
|
ආනයනික සහල් |
උපරිම සිල්ලර මිල (රුපියල්) |
|
කැකුළු සහල් |
210 |
|
නාඩු සහල් |
220 |
|
සම්බා |
230 |
|
දේශීය සහල් |
උපරිම තොග මිල (රුපියල්) |
උපරිම සිල්ලර මිල (රුපියල්) |
|
කැකුළු සහල් |
215 |
220 |
|
නාඩු සහල් |
225 |
230 |
|
සම්බා |
235 |
240 |
|
කීරි සම්බා |
255 |
260 |
(ආ) (i) ඔව්.
අස්වනු නෙළීමට බලාපොරොත්තු වන 2024-2025 මහ කන්නයේදී ලැබෙන වී අස්වැන්න වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන රජය සතුව පවතින වී ගබඩාවල ගබඩා කොට වී සංචිතයක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය කටයුතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ සීමාසහිත ලංකා සතොස සමාගම එක්ව මේ වන විටත් ආරම්භ කර ඇත.
ඒ අනුව රජය සතු වී ගබඩා පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම, ගබඩා අලුත්වැඩියා කිරීම හා සුදුසු ගබඩා වෙන් කිරීම ආදී කටයුතු මේ වනවිටත් සිදු කරමින් පවතී.
(ii) මේ වනවිට වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීම ආරම්භ කර මුදල් වෙන් කිරීමට කටයුතු කර ඇත. සතොස වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට එක් වී ඇත.
(iii) පැන නොනගී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks