පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
101/2024
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2024.11.20 දින වනවිට ගෘහස්ථ සහ ව්‍යාපාරික යන එක් එක් පදනම යටතේ විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2024.10.21 දින සිට මේ දක්වා සිදු කර ඇති විදුලි ගාස්තු සංශෝධනවල විස්තර කවරේද;
(iii) එම සංශෝධන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණවලට/අනුමතියට යටත්ව සිදු කර තිබේද;
(iv) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබා දෙන තීරණ පිළිගන්නේද;
(v) එම කොමිෂන් සභාව විසුරුවා හැරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) විදුලිය සඳහා ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එම ස්ථාවර මිල කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-09
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
ගෘහස්ථ පාරිභෝගික අය ක්‍රමය |
ඒකක මිල (රු./කි.වො.පැ.) |
මාසික ස්ථාවර ගාස්තුව (රු.) |
|
මාසික පරිභෝජනය ඒකක කි.වො.පැ. 0 - 60 අතර |
||
|
කාණ්ඩය 1 : කි.වො.පැ. 0 - 30 |
6.00 |
100.00 |
|
කාණ්ඩය 2 : කි.වො.පැ. 31 - 60 |
9.00 |
250.00 |
|
මාසික පරිභෝජනය ඒකක කි.වො.පැ. 60කට වැඩි |
||
|
කාණ්ඩය 1 : කි.වො.පැ. 0 - 60 |
15.00 |
අදාළ නොවේ |
|
කාණ්ඩය 2 : කි.වො.පැ. 61 - 90 |
18.00 |
400.00 |
|
කාණ්ඩය 3 : කි.වො.පැ. 91 - 120 |
30.00 |
1,000.00 |
|
කාණ්ඩය 4 : කි.වො.පැ. 121 -180 |
42.00 |
1,500.00 |
|
කාණ්ඩය 5 : කි.වො.පැ. 180ට වැඩි |
65.00 |
2,000.00 |
|
ගෘහස්ථ - තෝරා ගත හැකි කාල පාදක ගාස්තු අය ක්‍රමය |
||
|
දිවා කාලය (05:30 - 18:30) |
56.00 |
2,000.00 |
|
කාර්ය බහුල (18:30 - 22:30) |
72.00 |
|
|
කාර්ය බහුල නොවන (22:30 - 05:30) |
24.00 |
|
ඊට අමතරව පොදු කාර්යය අයක්‍රමයක් තිබෙනවා.
|
පොදු කාර්ය අයක්‍රමය |
ඒකක මිල (රු./කි.වො.පැ.) |
මාසික ස්ථාවර ගාස්තුව (රු.) |
උපරිම ඉල්ලුම් ගාස්තුව (රු./කි.වො.පැ.) |
|||
|
|
දිවා කාලය (05:30-18:30) |
කාර්ය බහුල (18:30-22:30) |
කාර්ය බහුල නොවන (22:30-05:30) |
|
|
|
|
ගාස්තු 1 |
පොදු කාර්යය 1-1 කි.වො.පැ. දක්වා 180 |
26.40 |
600.00 |
- |
||
|
|
පොදු කාර්යය 1-2 කි.වො.පැ. ට වැඩි 180 |
34.40 |
1,500 |
- |
||
|
ගාස්තු 2 |
38.25 |
46.75 |
31.45 |
5,000.00 |
1,500.00 |
|
|
ගාස්තු 3 |
37.40 |
45.90 |
30.60 |
5,000.00 |
1,400.00 |
|
(ii) 2024.10.21 දින සිට මේ දක්වා කිසිදු විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කර නොමැත.
(iii) අදාළ නොවේ.
(iv) ඔව්.
(v) එම කොමිසම විසුරුවා හැරීමට කටයුතු කිරීමට අදහසක් නැත.
(ආ) (i) අදාළ සියලු නීති රෙගුලාසිවලට අනුව ලංකා විදුලිබල මණ්ඩලය අයක්‍රම සංශෝධනය ඉදිරිපත් කරන්නේ පුරෝකථනය කරන ලද කාර්තුවට/සය මාසයට ඇති වියදම ආවරණය කරන පරිදිය. එබැවින් අදාළ කාල සීමාවට ඇති විදුලි ඉල්ලුම සපුරා ගැනීමට වැය වන වියදමට අදාළ වන විනිමය අනුපාතය, ඉන්ධන මිල, ගල් අඟුරු මිල, වර්ෂාපතනය වැනි විවිධ සාධක මත අදාළ කාර්තුවට/සය මාසයට ඇති විදුලි මිල උච්චාවචනය වේ.
(ii) ඉහතින් පිළිතුරු සපයා ඇත.
(ඇ) ඉහත (ආ) (i)න් පිළිතුරු සපයා ඇත.
පිළිතුරු දුන් දිනය
2025-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks