පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
99/2024
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2024.10.21 දින සිට 2024.11.30 දින දක්වා ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය කරන ලද අවස්ථා සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් අවස්ථාවේදී සංශෝධිත මිල එක් එක් ඉන්ධන වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම ඉන්ධන මිල සංශෝධන, ඉන්ධන මිල සූත්‍රය අනුව සිදු කර තිබේද;
(iv) ඉහත සඳහන් ඉන්ධන මිල සංශෝධනය කරන ලද අවස්ථාවන්හිදී, ඉන්ධන මිල සූත්‍රයට අනුව සත්‍ය වශයෙන්ම සංශෝධනය විය යුතු මිල එක් එක් ඉන්ධන වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පසුගිය රජය විසින් හඳුන්වා දෙන ලද ඉන්ධන මිල සූත්‍රය පිළිගන්නේද;
(ii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(iii) ලෝක වෙළඳපළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ශ්‍රී ලංකාවේ ඉන්ධන පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-12-17
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අවස්ථා 2 කදී.
(ii)
|
ඉන්ධන වර්ගය |
සංශෝධිත මිල (ලීටරයකට) |
|
|
|
2024.10.31 |
2024.11.30 |
|
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් |
සංශෝධනය වී නොමැත |
රු. 309.00 |
|
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 |
රු. 371.00 |
සංශෝධනය වී නොමැත |
|
ලංකා සුදු ඩීසල් |
සංශෝධනය වී නොමැත |
රු. 286.00 |
|
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 |
රු. 313.00 |
සංශෝධනය වී නොමැත |
|
ලංකා භූමිතෙල් |
සංශෝධනය වී නොමැත |
රු. 188.00 |
(iii) ඔව්. කෙසේ වෙතත් ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් වන ලාභය හෝ අලාභය ගැළපීමක් සිදු නොකරන ලදී.
(iv)
|
ඉන්ධන වර්ගය |
ඉන්ධන මිල සූත්‍රය අනුව සංශෝධිත මිල (ලීටරයකට) |
|
|
|
2024.10.31 |
2024.11.30 |
|
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් |
රු. 310.15 |
රු. 308.99 |
|
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 |
රු. 370.99 |
රු. 370.35 |
|
ලංකා සුදු ඩීසල් |
රු. 282.70 |
රු. 286.40 |
|
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 |
රු. 313.18 |
රු. 312.71 |
|
ලංකා භූමිතෙල් |
රු. 182.62 |
රු. 188.31 |
(ආ) (i) ඔව්. පවතින නීතිමය පසුබිම තුළ ඉන්ධන මිල සූත්‍රය අනුව කටයුතු කරනු ලබන අතර, මිල සූත්‍රය අධ්‍යයනය කර ඉදිරියේදී අවශ්‍ය සංශෝධන හඳුන්වා දීමට කටයුතු කරනු ලැබේ.
(ii) අදාළ නොවේ.
(iii) ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය මාසිකව ඉන්ධන මිලට ගැළපුම් කර පාරිභෝගිකයාට ලබා දෙනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-12-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks