04

E   |     |  

 දිනය: 2025-02-18   පිළිතුර ලබා දී ඇත 

0098/2025: 2023.10.22 සිට 2024.10.21 දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඛනිජ තෙල් අළෙවිය: ලාභය හෝ අලාභය

98/2024

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       2023 ඔක්තෝබර් 22 සිට 2024 ඔක්තෝබර් 21 දක්වා ඛනිජ තෙල් අලෙවි කිරීමෙන් උපයන ලද බදු ආදායම කොපමණද;

             (ii)       එම කාල සීමාව තුළදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව උපයන ලද ලාභය/ලැබූ අලාභය කොපමණද;

(iii) එම කාල සීමාව තුළ ඉන්ධන අළෙවි කිරීමේදී වංචා සිදු වී තිබේද;

(iv) එසේ නම්, ලීටරයකින් වංචා කරන ලද මුදල එක් එක් ඉන්ධන වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) වංචා කරන ලද මුළු මුදල කොපමණද;

(vi) ඉන්ධන ලීටරයකින් වංචා කරන ලද මුදල අඩු කිරීමෙන් පසු ලැබිය යුතු සහනය මේ වනවිට ජනතාව වෙත ලබා දෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-02-18

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, බලශක්ති අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා.

(අ)          (i)      බදු ආදායම රුපියල් මිලියන 265,632.55 (බිලියන 265.63)

              (ii)      උපයන ලද  ලාභය රුපියල් මිලියන 42,046.45 (බිලියන 42.04)

             (iii)      ඉන්ධන අළෙවියේදී වංචා සිදු වී තිබේ ද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරමින් පවතී. එම විමර්ශන අවසානයේ දී වංචා සිදු වී තිබේද, නැද්ද යන්න පිළිබඳව තීරණය වේ. එබැවින්,  වංචා සිදු වී ඇති ද, නැද්ද යන්න පිළිබඳව මෙම අවස්ථාවේදී නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක.

(iv) අදාළ නොවේ.

(v) අදාළ නොවේ.

(vi) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-02-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks