පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
97/2024
ගරු චාමර සම්පත් දසනායක මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) වර්තමාන රජයේ පළමුවැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ පරිදි ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොපමණද;
(ii) එම ආනයනය කරන ලද සහල් පාරිභෝගිකයන්ට අලෙවි කරනු ලබන මිල කොපමණද;
(iii) රජයේ හා පෞද්ගලික අංශයේ ගබඩාවල ඇති වී සහ සහල් තොග පිළිබඳ දත්ත රජය සතුව තිබේද;
(iv) වී ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දී තිබියදීත්, සහල් ආනයනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-12-18
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2024.11.25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි සී/ස ලංකා සතොස සමාගම හා සී/ස ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මගින් සහල් ආනයනය කිරීමට ද, 2024.12.02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි පෞද්ගලික අංශයට ද සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබා දී ඇත.
ඒ අනුව, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව සී/ස ලංකා සතොස සමාගම සහ සී/ස ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව සහල් ආනයනය කිරීමේ කටයුතු සිදු කරමින් ඇත.
ආනයනික සහල් සඳහා මෙරට වෙළෙඳ පොළ 2024.12.04 වන දින විවෘත වූ අතර පළමු ආනයනික සහල් තොගය හා සම්බන්ධ රේගු සටහන්කර 2024.12.10 වන දින ඉදිරිපත් කොට ඇත.
ඒ අනුව, 2024.12.13 වන විට පෞද්ගලික අංශය විසින් කැකුළු සහල් මෙට්‍රික් ටොන් 1,774ක් හා තැම්බූ සහල් මෙට්‍රික් ටොන් 3,065ක් ආනයනය කර රේගුවෙන් නිදහස් කිරීමට කටයුතු සිදු කරමින් පවතී. ගරු මන්ත්‍රීතුමනි, මේ උත්තරය හදලා තිබෙන්නේ 13 වෙනි දින දක්වායි. නමුත් 17 වෙනි දින දක්වාම තොරතුරු මා ළඟ තිබෙනවා. මම ඔබතුමාට කියන්නම්.
ගරු මන්ත්‍රීතුමනි, ඊයේ දවස වන කොට මෙට්‍රික් ටොන් 12,000කට ආසන්න ප්‍රමාණයක් රේගුවෙන් නිදහස් කර තිබෙනවා. ඒ, විවෘත කරපු ටෙන්ඩරය යටතේ ගෙනාපු සහල්.
(ii) අපි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආනයනික සහල් සඳහා පාලන මිලක් නම් කර තිබෙනවා.
කැකුළු සහල් රුපියල් 210
නාඩු සහල් රුපියල් 220
සම්බා රුපියල් 230
ඊට අදාළ ගැසට් පත්‍රය මේ අවස්ථාවේදී මම සභාගත* කරනවා.
(iii) ඔව්. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සතුව පවතී.
ඒ පිළිබඳ වාර්තාවක් තිබෙනවා. ඔබතුමාට අවශ්‍ය නම් එය ඉදිරිපත් කරන්න මට පුළුවන්. දිස්ත්‍රික්ක 20ක සහල් තොග පිළිබඳ වාර්තාවක් අප සතුව තිබෙනවා. සාරාංශයක් ලෙස ගත්තොත්, 2024 නොවැම්බර් මාසයේ මුල් සතිය -5 වැනිදා- වන කොට මෙට්‍රික් ටොන් ලක්ෂ 3කට ආසන්න සහල් තොග ප්‍රමාණයක් දිස්ත්‍රික්ක 20 මෝල් සතුව පවතිනවා. මෝල් 416කට ආසන්න ප්‍රමාණයක තිබෙන සංඛ්‍යා තොරතුරු අනුවයි මම ඒ කිව්වේ.
(iv) මෑතකාලීනව වෙළඳපොළ තුළ ඇති වූ සහල් හිඟය මෙන්ම සහල් මිල ඉහළ යෑමේ ප්‍රවණතාව ද සැලකිල්ලට ගෙන පාරිභෝගිකයන් වෙත හිඟයකින් තොරව සාධාරණ මිලකට සහල් මිල දී ගැනීමට මෙන්ම ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ද සහල් ආනයනය කිරීම සිදු කරන ලදී.
සහල් ආනයනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ:
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-12-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks