පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
84/2024
ගරු රෝහණ බංඩාර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2024.01.01 දින සිට මේ දක්වා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනයේ ගුවන්යානා ප්‍රමාද වීම් සහ ගුවන් ගමන් අවලංගු කිරීම් සංඛ්‍යාව එක් එක් මාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඒ හේතුවෙන් එම ආයතනයට දැරීමට සිදු වූ අමතර පිරිවැය කොපමණද;
(iii) ඉහත සඳහන් ගුවන්යානා ප්‍රමාද වීම් සහ ගුවන් ගමන් අවලංගු කිරීම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-06
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2024.01.01 දින සිට 2024 දෙසැම්බර් දක්වා සෑම මාසයකම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් සංඛ්‍යාව පහත වගුවෙහි දැක්වේ.
(ii)
|
මාසය |
ජන 24 |
පෙබ 24 |
මාර්තු 24 |
අප්‍රේ 24 |
මැයි 24 |
ජුනි 24 |
ජූලි 24 |
අගෝ 24 |
සැප් 24 |
ඔක් 24 |
නොවැ 24 |
දෙසැ 24 |
|
අතිරේක පිරිවැය |
0.4 |
0.7 |
0.7 |
0.4 |
0.7 |
1.3 |
1.0 |
0.6 |
0.4 |
0.6 |
2.3 |
0.7 |
ඩොන
(iii) ගුවන් ගමන් ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග වන්නේ,
මෙහෙයුම් බාධා ඇති වුවහොත් අවශ්‍යතාව පරිදි ප්‍රයෝජනයට ගැනීමට අමතර ගුවන් යානයක් තබා ගැනීම.
ඉල්ලුම පුරෝකථනය කිරීම සහ අඩු ඉල්ලුමක් සහිත ගුවන් ගමන් අවලංගු කිරීම තුළින් ඉහළ ඉල්ලුමක් ඇති ගුවන් ගමන්වලට බලපෑමක් නොවන බව සහතික කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමව පවත්වා ගැනීම.
මෙහෙයුම් බලඇණි ධාරිතාව මත කාලසටහන සකස් කිරීම මඟින් අවසාන මොහොතේ අවලංගු කිරීම් අවම කිරීම සහ සමස්ත නම්‍යශීලීභාවය වැඩි දියුණු කිරීම.
විවිධ ගුවන් තොටුපොළවල නිශ්චිත අවශ්‍යතා අනුව කාලසටහන් වෙනස් කිරීම.
නඩත්තු කටයුතු සඳහා කාල සීමාවන් වෙන් කිරීම සඳහා ගුවන් යානා කාලසටහන් සැලසුම් කරන කණ්ඩායම් සහ ඉංජිනේරු කණ්ඩායම් අතර සම්බන්ධීකරණය තුළින් සමස්ත කාලසටහනට අවම බලපෑමක් සහිතව ප්‍රශස්ත ලෙස නඩත්තු කටයුතු සිදු කරන බව සහතික කිරීම.
අමතර කොටස් සහාය ගිවිසුම්වලට ගුවන් යානා ඇතුළු කිරීම, අමතර කොටස් සඳහා දිගු කාලීන ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සහ ඉතා වැදගත් අමතර කොටස්වල කොටස් මට්ටම් වැඩි කිරීම.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks