බලන්න

04

E   |     |  

 දිනය: 2025-01-24   පිළිතුර ලබා දී ඇත 

0082/2025: ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ආයතනය: විස්තර

82/2024

ගරු රෝහණ බංඩාර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනය සතුව මේ වනවිට ඇති ගුවන්යානා සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම ආයතනය විසින් මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන ගුවන් ගමනාන්තයන් කවරේද;

(iii) මේ වනවිට ඉහත ආයතනයේ සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;

(iv) ඉහත ආයතනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-01-24

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රීලන්කන් ගුවන් සේවය සතු සියලුම ගුවන් යානා කල්බදු පදනම මත ලබා ගෙන ඇති අතර, එලෙස ලබාගෙන ඇති ගුවන් යානා සංඛ්‍යාව 22කි.

                        නමුත්, මේ ගුවන් යානා 22න් යානා 3ක් වසර ගණනාවක් තිස්සේ පාවිච්චියට නොගෙන තිබියදී ඒවාට අවශ්‍ය වාරික ගෙවමින් තිබිලා තිබෙනවා. මසකට ඩොලර් ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් continuously ගෙවලා තිබෙනවා.

Wide-body වර්ගයේ ගුවන් යානා -

Airbus A330 මාදිලි එකතුවට අයත් -  9

 

Narrow-body වර්ගයේ ගුවන් යානා

- Airbus A320 මාදිලි එකතුවට අයත් - 13

එකතුව - 22

 

(ii) ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ආයතනය විසින් මේ  වනවිට ක්‍රියාත්මක කරනු ලබන ගුවන් ගමනාන්තයන් පහත සඳහන් වේ. ඒ සම්බන්ධයෙන් ඉන්දියානු අර්ධද්වීපය, මැද පෙරදිග, යුරෝපය, ඈත පෙරදිග යනාදී වශයෙන් කලාපවලට බෙදලා ඒ විස්තර පහතින් දීර්ඝ ලෙස දක්වා තිබෙනවා.

කලාපය

ගමනාන්තය

අකුරු 3 කේතය

ඉන්දියානු අර්ධද්වීපය

කොළඹ

CMB

 

බෙංගලූරු

BLR

 

චෙන්නායි

MAA

 

කොචින්

COK

 

දිල්ලි

DEL

 

ධකා

DAC

 

ගැන්, මාලදිවයින

GAN

 

හයිද්‍රාබාද්

HYD

 

කරච්චි

KHI

 

කත්මණ්ඩු

KTM

 

ලාහෝර්

LHE

 

මදුරෙයි

IXM

 

මාලේ

MLE

 

මුම්බායි

BOM

 

තිරුවනන්තපුරම්

TRV

 

තිරුවිරපල්ලි

TRZ

   මැද පෙරදිග

අබුඩාබි

AUH

 

දමාම්

DMM

 

දෝහා

DOH

 

ඩුබායි

DXB

 

කුවේට්

KWI

 

රියාද්

RUH

 යුරෝපය

ෆ්‍රැන්ක්ෆර්ට්

FRA

 

ලන්ඩන්

LHR

 

පැරිස්

CDG

    ඈත පෙරදිග

බැංකොක්

BKK

 

කැන්ටන්

CAN

 

ඉන්වියෝන්, දකුණු කොරියාව

ICN

 

ජකර්තා

CGK

 

ක්වාලාලම්පූර්

KUL

 

මෙල්බර්න්

MEL

 

නරිටා, ජපානය

NRT

 

සිංගප්පූරුව

SIN

 

සිඩ්නි

SYD

 

(iii) 2025 ජනවාරි 14 දින වන විට ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය සේවක සේවිකාවන් 6,056 දෙනෙකුගෙන් සමන්විත විය.

ප්‍රධාන ගුවන් සේවයේ සේවය

කරන සංඛ්‍යාව - 3,194

ක්‍රමෝපායික ව්‍යාපාර ඒකකවල

සේවය කරන සංඛ්‍යාව - 2,862

එකතුව - 6,056

(iv) සිය මෙහෙයුම් ශක්තිමත් කරමින් තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ගුවන් සේවය විසින් 2025/26 මූල්‍ය වර්ෂයේ සිට 2029/30 මූල්‍ය වර්ෂය දක්වා වන කාලසීමාව සඳහා පංච වාර්ෂික ව්‍යාපාර සැලසුමක් - five-year business plan එකක් - සකස් කර තිබේ. අමාත්‍යාංශය ද මූලික මට්ටමින් මෙම සැලසුම සමඟ සමගාමී මතයක සිටී.

ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සිටිනවා.

ඒ යට‍තේ තම ව්‍යාපාර කටයුතු වැඩිදියුණු කර ගැනීම සඳහා ගුවන් සේවය විසින් ප්‍රධාන කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරමින්, focus කරමින් පහත සඳහන් පියවර ගනු ලැබීමට නියමිත ය.

මෙහෙයුම් ලාභදායීත්වය සහ රජයේ සහයෝගය

ගුවන් සේවය මේ වන විට මෙහෙයුම් අතින් ලාභදායී වන අතර, මෙම තත්ත්වය සැලසුමට අදාළ වසර 5 තුළ ද අඛණ්ඩව පවත්වා ගැනීමට ගුවන් සේවය බලාපොරොත්තු වෙනවා. ශුද්ධ ලාභදායීත්වයට එල්ල වන ප්‍රධානතම අභියෝග වන්නේ, අතීතයේදී ලබා ගෙන තිබෙන ණය පියවීම සහ ගුවන් යානා කල්බදු පදනම මත ලබා දී ඇති සමාගම්වලට සහ එන්ජින් අලුත්වැඩියාවන් සිදු කරන සමාගම්වලට ගෙවිය යුතු මුදල් ගෙවීමට නොහැකිභාවය කියන ගැටලුවයි. මෙම අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩ පිළිවෙළ සූදානම් කර ගැනීමටත්, අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහාත් අමාත්‍යාංශය මේ වන විටත් ගුවන් සේවය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. මේ තුළින් මූල්‍ය ස්වාධීනත්වය - financial independence -  සහ self-sustainability ළඟා කර ගැනීම සඳහා ගුවන් සේවයේ ශේෂ පත්‍රය  ප්‍රතිව්‍යුහගත කිරීම ද ඊට ඇතුළත් වෙනවා.

ඒ වාගේම ආයතනයක් විධියට ගුවන් යානා සංඛ්‍යාව වැඩි කර ගැනීම, ආදායම් වර්ධනය කරවා ගැනීම, පිරිවැය කාර්යක්ෂමතාවය සහ පරිමාණය විශාලවීම මඟින් ලැබෙන පිරිමැසුම් - economies of scale - මෙයට ඇතුළත් වෙනවා.  By increasing the number of flights and the number of operating routes, the cost per unit is expected to be reduced.  

ඊළඟට, වෙළඳපොළ ප්‍රතිශතය වර්ධනය කර ගැනීම සහ නායකත්ව වෙළඳපොළවලින් ලැබෙන ආදායම පිළිබඳව කිව්වොත්, which means the market leadership in some of the segments that Sri Lanka can claim. Unfortunately, we were not able to do that in the past, ඒකට අවශ්‍ය නිසි ප්‍රතිපාදන, ගුවන් යානා නොතිබූ නිසා. නමුත් මෙම වර්තමාන වර්ධන සැලැස්ම ඔස්සේ වර්තමාන වෙළඳපොළ ප්‍රතිශතය වන සියයට 35 සිට ඉදිරියේදී සියයට 45 දක්වා වර්ධනය කර ගැනීමට, විශේෂයෙන්ම කොළඹ සහ ලෝකය අතර, ප්‍රධාන මාර්ගගත වෙළඳපොළ සඳහා යොමුවීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය බලාපොරොත්තු වෙයි.

මෙමඟින් ගුවන් සේවයට මිල ගණන් නියම කිරීමේදී වැඩි බලයක් හිමි වනු ඇති අතර, ආදායම් ස්ථාවර කර ගැනීමටත්, ආදායමේ ගුණාත්මකභාවය වැඩිදියුණු කර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. මීට අමතරව තමන් නායකත්වය දරන වෙළෙඳ පොළවල් වර්ධනය කර ගැනීමට අවධානය යොමු කිරීම ඔස්සේ ක්‍රමයෙන් ඉහළ යන තරගකාරිත්වය සහ ක්ෂේත්‍රයේ පහළ යමින් පවතින ආදායම හමුවේ පවා තම ආදායම් ස්ථාවර කර ගැනීමට ගුවන් සේවයට හැකියාව ලැබෙනු ඇත. මේ වන විට ගුවන් සේවය නායකත්වය දරන වෙළෙඳ පොළවලින් ලැබෙන ආදායම එහි සමස්ත ආදායමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් -සියයට 37ක්- වන අතර, 2029/2030 මූල්‍ය වර්ෂය වන විට මෙය සියයට 60ක් දක්වා වර්ධනය කර ගැනීම ගුවන් සේවයේ අපේක්ෂාවයි.

ඊළඟට, නිෂ්පාදන සඳහා ආයෝජනය.

මේ පිළිබඳව කිව්වොත්, අරමුදල් ලබා ගැනීමට හැකි වීම තුළින් ගුවන් සේවයට නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහාත්, repair කටයුතු කර ගැනීම සඳහාත්, අලුත් ක්‍රමවේද හඳුන්වා දීම ඔස්සේ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමටත් හැකියාව ලැබෙනවා. මෙම ආයෝජන මඟින් සේවාවේ ගුණාත්මකභාවය ඉහළ ගොස් පාරිභෝගික විශ්වාසය නැවත නිර්මාණය වී ගුවන් සේවයේ කීර්ති නාමය යළි ගොඩ නංවා ගැනීමට හැකි වෙනවා.

 

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-02-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks