පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-01-22
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1972 අගෝස්තු මස 26වැනි දින ජාතික රාජ්‍ය සභාවේ සම්මත කරන ලද 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව, 1972 සැප්තැම්බර් මස 8වැනි දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ස්ථාපිත කර ඇත.
(ii) 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 2වන වගන්තියට අනුව කොමිෂන් සභාවේ පරමාර්ථ පහත සඳහන් පරිදි වේ.
1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව "උපරිමය" යනු,
(අ) එම ඉඩම් තනිකරම කුඹුරුවලින් සමන්විත නම්, අක්කර 25ක්විය යුතුය.
නැතහොත්,
(ආ) එම ඉඩම් තනිකරම කුඹුරුවලින් සමන්විත නොවේ නම්, අක්කර පනහක් විය යුතුය. එහෙත්, ඒ අක්කර පනහට කුඹුරු කිසිවක් අඩංගු නොවේ නම් ඒ කුඹුරුවල මුළු ප්‍රමාණය (අ) ඡේදයේ නිශ්චිතව සඳහන් කුඹුරු පිළිබඳ උපරිමයට වැඩි නොවිය යුතුය.
(iii) ඔව්.
(iv) පහත සඳහන් පුද්ගලයින්/ආයතන ඉඩම් අයථා පරිදි හා වංචනික ලෙස අත්කර ගැනීමට ක්‍රියා කර ඇති බවට කරුණු තහවුරු කර ගැනීමෙන් පසු එම ඉඩම්වල අයිතිය තහවුරු කර ගැනීම සඳහා නීතිමය පියවර ගෙන ඇත.
|
අනු අංකය |
ඉඩමේ නම |
පිහිටීම |
වංචනිකව අත්කරගෙන ඇති පුද්ගලයා/ආයතනය |
ගෙන ඇති පියවර |
|
1. |
ගිරිඋල්ල වත්ත |
ගම්පහ දිස්ත්‍රික්කයේ, මීරිගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ලෝල්ලුවේගොඩ, ගොඩකලාන, තලාහේන සහ ගිරිඋල්ල |
ජෝන් ලියෝ ද කෘස් භාරය |
අත්තනගල්ල දිසා අධිකරණයෙහි අංක 538/එල් දරන ඉඩම් සහ නෙරපීම් නඩුව ගොනු කරනු ලැබ ඇත. |
|
2. |
කන්දගොඩැල්ල වත්ත |
මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වාහුවගම |
ජොනික්කු හේවා ආරියරත්න |
මාතර දිසා අධිකරණ නඩු අංක එල්/13322 නඩුව පවරා ඇත. |
|
3. |
ඇපීන් ෆොරස්ට් |
කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මාපුටුගල ගම |
1.වාඩිය රාළලාගේ උපාලි ගුණසේකර 2.ගමගේ රංජිත් ගුණරත්න 3.නිමල් රත්නසිරි ගල්කේන 4.පී.ජී. ඉංජිනියරින් පුද්ගලික සමාගම |
හොරණ දිසා අධිකරණයේ නඩු අංක එල්/3056/2020 දරන නඩුව ගොනු කර ඇත. |
|
4. |
හන්තාන වත්ත |
මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දෙයියන්නේවෙල ගම |
ප්‍රසාද් මුදිත වනිගසිංහ |
මහනුවර දිසා අධිකරණයේ ඩී.එස්.පී.44/2020 සහ මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයේ 14283 සහ 14284 දරන නඩු පවරා ඇත. |
|
5. |
ලෝලන්ඩ් වත්ත / චුන්දකාඩු |
නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්තලෙයි |
එස්.එන්.සී.ඩබ්ලිව්.එම්.බී.සී. කන්දෙගෙදර |
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් පවතී. |
|
6. |
උප්පාරුකාඩු වත්ත |
නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කින්නියා ගම |
කළුතොට ෆිනෑන්ස් පුද්ගලික සමාගම |
නීතිමය පියවර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අපේක්ෂාවෙන් පසුවේ. |
|
7. |
වෝටර්ලන්ඩ් වත්ත |
කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෝරුවදණ්ඩ ගම |
ඥාණධර්ම රණසිංහ |
රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ අනවසරකරුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගනිමින් පවතී. |
දිවයින පුරා පිහිටි මෙම කොමිෂන් සභාව සතු ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමට පියවර ගනු ලබන පුද්ගලයන්ට එරෙහිව රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ පියවර ගෙන ඇති අතර, දැනටද පියවර ගනිමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-01-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks