පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
80/2024
ගරු රෝහණ බංඩාර මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා පිහිටුවා ඇති රට කවරේද;
(iii) එම එක් එක් කාර්යාලයේ සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකා විදේශ සේවයට ඇතුළත් වීම සඳහා සපුරාලිය යුතු අධ්‍යාපන සුදුසුකම් කවරේද;
(ii) එම සුදුසුකම් සපුරාලීමෙන් තොරව, මේ වනවිට විදේශ රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලවල සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම එක් එක් සේවකයාගේ නම, සේවා ස්ථානය සහ තනතුර වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම සේවකයන් නැවත ශ්‍රී ලංකාවට කැඳවා නිසි සුදුසුකම් සහිත සේවකයන් විදේශ රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලවල සේවයට යැවීමට ගනු ලබන පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-10
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) විදේශ රටවල පිහිටි දූත මණ්ඩල කාර්යාල සංඛ්‍යාව 62කි. එහි සාරාංශය පහත පරිදි වේ.
|
තානාපති කාර්යාල |
35 |
|
මහකොමසාරිස් කාර්යාල |
13 |
|
නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල |
01 |
|
එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාල |
02 |
|
කොන්සල් ජනරාල් කාර්යාල |
10 |
|
නියෝජිත කාර්යාල |
01 |
|
එකතුව |
62 |
(ii) දූත මණ්ඩල කාර්යාල පිහිටුවා ඇති රටවල් ඇමුණුමෙහි** සඳහන් කර ඇත.
(iii) එම එක් එක් කාර්යාලයේ සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඇමුණුමෙහි** සඳහන් කර ඇත.
(ආ) (i) ශ්‍රී ලංකා විදේශ සේවයට ඇතුළත්වීම සඳහා සපුරාලිය යුතු අධ්‍යාපන සුදුසුකම් ලෙස, ශ්‍රී ලංකා විදේශ සේවා ව්‍යවස්ථා සංග්‍රහයෙහි 7.2.2.1. වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇති විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්‍රදානය කිරිමේ ආයතනයක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයකින් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයකින් පිරිනමනු ලබන උපාධියක් ලබා තිබීම සඳහන් කර ඇත.
(ii) නැත.
(වෘත්තීයමය නොවන රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් දෙදෙනකු දැනට දූත මණ්ඩල කාර්යාලයන්හි සේවය කරනු ලබන අතර, ඔවුන් ඉහත ආ (i)හි අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇත.)
(iii) නැත.
[ඉහත ආ (ii) හි සඳහන් නිලධාරින් දෙදෙනාගෙන් එක් නිලධාරියකු වන මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකා තානාපති ලෙස වොෂින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ අනෙක් නිලධාරිනිය වන ප්‍රියංගිකා දිසානායක මහත්මිය තෙවන ලේකම් ලෙස බීරූට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරමිනි සිටී.]
(iv) විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලවල සේවය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරින් වාර්ෂික ස්ථාන මාරු මණ්ඩල තීරණ මඟින් යැවීම සිදුකරනු ලබන අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks