පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
79/2024
ගරු රෝහණ බංඩාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ වී අස්වැන්න එක් එක් කන්නය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම වී අස්වැන්නෙන් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත් වී ප්‍රමාණය එක් එක් කන්නය අනුව ප්‍රතිශතයක් ලෙස කොපමණද;
(iii) වී අලෙවි මණ්ඩලය උපයෝගී කරගනිමින් වී මිල පාලනය කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-08
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වර්ෂ 2015 සිට 2024 දක්වා වී නිෂ්පාදනය (මෙට්‍රික් ටොන් මිලියන)
|
වී නිෂ්පාදනය (මෙට්‍රික් ටොන් මිලියන) |
|||
|
වර්ෂය |
මහ කන්නය |
යල කන්නය |
මුළු නිශ්පාදනය |
|
2015 |
2.877 |
1.942 |
4.819 |
|
2016 |
2.903 |
1.517 |
4.421 |
|
2017 |
1.474 |
0.909 |
2.383 |
|
2018 |
2.397 |
1.513 |
3.910 |
|
2019 |
3.073 |
1.468 |
4.540 |
|
2020 |
3.197 |
1.924 |
5.120 |
|
2021 |
3.061 |
2.088 |
5.149 |
|
2022 |
1.931 |
1.462 |
3.392 |
|
2023 |
2.696 |
1.817 |
4.513 |
|
2024* |
2.631 |
2.024 |
4.655 |
|
2025* |
2.309 |
|
|
*2024 යල - භෝග පුරෝකථන දත්ත
2024/25 මහ - භෝග පුරෝකථන දත්ත
(දෙසැම්බර් මැද දක්වා වාර්තා වූ වගා වපසරිය අනුව පුරෝකථනය කරන ලද නිෂ්පාදනය)
(ii)
|
වර්ෂය |
මහ කන්නය |
යල කන්නය |
||||
|
|
නිෂ්පාදනය මෙට්‍රික් ටොන් |
වී අලෙවි මණ්ඩලය |
නිෂ්පාදනය මෙට්‍රික් ටොන් |
වී අලෙවි මණ්ඩලය |
||
|
|
|
මිලදී ගත් ප්‍රමාණය මෙට්‍රික් ටොන් |
මිලදී ගත් ප්‍රතිශතය |
|
මිලදී ගත් ප්‍රමාණය මෙට්‍රික් ටොන් |
මිලදී ගත් ප්‍රතිශතය |
|
2015 |
2,877,000 |
148,375 |
5.16 |
1,942,000 |
175,266 |
9.03 |
|
2016 |
2,903,000 |
131,981 |
4.55 |
1,517,000 |
25,447 |
1.68 |
|
2017 |
1,474,000 |
- |
- |
909,000 |
- |
- |
|
2018 |
2,397,000 |
4,605 |
0.19 |
1,513,000 |
2,081 |
0.14 |
|
2019 |
3,073,000 |
48,271 |
1.57 |
1,468,000 |
- |
- |
|
2020 |
3,197,000 |
25,868 |
0.81 |
1,924,000 |
3,391 |
0.18 |
|
2021 |
3,061,000 |
45,089 |
1.47 |
2,088,000 |
7,377 |
0.35 |
|
2022 |
1,931,000 |
4,498 |
0.23 |
1,462,000 |
7,082 |
0.48 |
|
2023 |
2,696,000 |
- |
- |
1,817,000 |
2,153 |
0.12 |
|
2024 |
2,631,000 |
2,637 |
0.10 |
2,024,000 |
119 |
0.01 |
මෙහි විශේෂත්වය තමයි, රජය 2023 අවුරුද්දේ මහ කන්නයේ වී මිලදී ගෙන නැහැ. යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 2,153ක් මිලදී අරගෙන තිබෙනවා. 2024 මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් 2,637ක් මිලදී අරගෙන තිබෙනවා. යල කන්නයේ වී මිලදී ගෙන තිබෙන්නේ මෙට්‍රික් ටොන් 119ක් වැනි පොඩි ප්‍රමාණයක්. මේ අවුරුදු දෙකක කාල පරාසය තුළ ආණ්ඩුවක් විධියට වී මිලදී ගෙන තිබෙන්නේ මෙට්‍රික් ටොන් 5,000කට ආසන්න ප්‍රමාණයක්. හාල් අර්බුදය සම්බන්ධයෙන් කථා කරනකොට මේ ඔක්කොම එකට ගැට ගැහෙන කතන්දරයක් බවට පත් වෙලා තිබෙනවා.
(iii) ශ්‍රී ලංකාවේ වසර පුරා වී සඳහා ස්ථාවර මිලක් නොමැති අතර, නිරන්තරයෙන් මිල උච්චාවචනය වන අතර මේ හේතුවෙන් අස්වනු නෙළන කාලයේ ගොවීන්ට තම අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබේ. මෙම මිල උච්චාවචනය නිසා ගොවීන්ට හා පාරිභෝගිකයන්ට සිදු වන අහිතකර බලපෑම අවම කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය වී මිල පාලනය සඳහා පහත පරිදි මැදිහත් වේ.
1. ඒ ඒ කන්නය අනුව වී වගාව සඳහා නිෂ්පාදන පිරිවැය සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සමීක්ෂණ කර එම නිෂ්පාදන වියදම පදනම් කරගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වී මිලදී ගැනීමේ අවම මිල ප්‍රකාශ කරනු ලබන අතර, එම මිල ගණන්වලට වී අලෙවි මණ්ඩලය විසින් දිවයින පුරා පිහිටි ගබඩාවලට වී මිලදී ගැනීම සිදු කිරීම තුළින් මිල පාලනයට මැදිහත්වීම.
2. ස්වාභාවික හේතුන් හෝ වෙනත් හේතුන් නිසා වෙළෙඳ පොළ තුළ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා හා රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම පිණිස ස්වාරක්ෂක වී තොගයක් පවත්වා ගෙන යාම.
3. සෑම වසරකම පාහේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා සහල් මිල ඉහළ යාමක් නිරීක්ෂණය වන බැවින් එම මිල ඉහළ යාම වළක්වා ගැනීම සඳහා වී සහල් කර සතොස හා සමුපකාර හරහා වෙළෙඳ පොළ වෙත නිකුත් කිරීම තුළින් මිල පාලනයට මැදිහත්වීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-01-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks