බලන්න

04

E   |     |  

 දිනය: 2024-12-18   පිළිතුර ලබා දී ඇත 

0078/2024: වී අලෙවි මණ්ඩලය : 2015 සිට ලාභ/අලාභ

----

අසන ලද දිනය

2024-12-18

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

වර්ෂය

ලාභ/අලාභ (රු. මිලියන)

2015

1,773.17        - අලාභ

2016

5,894.29        - අලාභ

2017

   462.10       - අලාභ

2018

1,185.10       - අලාභ

2019

   741.66       - අලාභ

2020

1,248.74       - අලාභ

2021 සිට 2023 දක්වා

වී අලෙවි මණ්ඩලයේ අවසන් ගිණුම් පිළියෙළ කිරීමේ ප්‍රමාද වීමේ ගැටලුවක් හේතුවෙන් ලාභ අලාභ ගණනය කිරීමේ හැකියාවක් නොමැත.

ඒ අනුව, 2015 සිට 2020 දක්වා වසරින් වසර අලාභය දක්වා තිබෙනවා. මේකේ මුළු එකතුව මම කියන්නම්. රුපියල් මිලියන 11,305.6ක් අලාභයි.

(ii) වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන් ආරක්ෂා කිරීම සඳහා වී මිලදී ගනු ලබන්නේ රජය සහතික මිල ය‍ටතේ වන අතර එම වී තොග වී හෝ සහල් බවට පත් කර අළෙවි කර ඇත්තේ රජය විසින් ගනු ලැබූ විවිධ ප්‍රතිපත්ති තීරණ මත  මිලදී ගනු ලැබූ මිලට වඩා අඩු මිලකටයි. එබැවින් ගොවියා ආරක්ෂා කිරීම සඳහා ඉහළ මිලකට වී මිලදී ගැනීම සහ රජයේ තීරණ මත පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා වෙළෙඳ පොළේ සහල් මිල පාලනය කිරීම වෙනුවෙන් සහල්/වී අළෙවි කිරීමේදී එකිනෙකට ගැටෙන අරමුණු දෙකක් ඉටු කර ගැනීමට යෑමේදී ස්වාභාවිකව අලාභයක් දැරීමට සිදු වේ.

ගරු මන්ත්‍රීතුමා, ඇත්තටම මේක තමයි යොදාගෙන තිබෙන මූලධර්මය.  මේකට යටත්ව තමයි, පසුගිය කාලයේ වී අලෙවි මණ්ඩලයෙන් රුපියල් මිලියන 28,000ක් ණයකර තිබෙන්නේ. මේ වනකොට ඒවා ගෙවමින් තිබෙනවා. මේ මූලධර්මයට යටත්ව තමයි ගත්ත මිලට වඩා ඉතා අඩු මිල ගණන්වලට වී අළෙවි කරලා විශාල පාඩුවක් රටට කරලා තිබෙන්නේ. මෑතකත් ඒ දේ එහෙමම කළා.

(iii) 2025 වර්ෂයේ සිට ගොවියාට සහතික මිලක් ලබාගෙන වෙළෙඳ පොළ සහල් මිල පාලනය කිරීමට මැදිහත් වීමේ අපේක්ෂාවෙන් 2024/25 මහ කන්නයේ සිට වී මිලදී ගැනීමට සැලසුම් කර ඇත. ඒ වෙනුවෙන් පහත ක්‍රියාමාර්ග මේ වනවිටත් ආරම්භකොට ඇත.

  *    අබලන් තත්ත්වයේ පවතින ගබඩා අමාත්‍යාංශ ප්‍රතිපාදන මත අලුත්වැඩියා කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇත.

  * දැනට වී අලෙවි මණ්ඩලයේ උග්‍ර සේවක හිඟයක් පවතින බැවින් අමාත්‍යාංශ මඟින් සම්බන්ධීකරණය කර වී මිලදී ගැනීම සඳහා නිලධාරි කණ්ඩායමක් අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇත.

* වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරයෙන් හෝ මහා භාණ්ඩාගාර ඇපකරයක් මත ඔඩපන ණයක් ලෙස රජය සතු බැංකු මඟින් මුදල් ලබා ගෙන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. 

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2024-12-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks