04

E   |     |  

 දිනය: 2025-03-20   පිළිතුර ලබා දී ඇත 

0075/2025: වවුනතිව් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: පානීය ජල පහසුකම්

75/2024

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනෙයි-බටහිර වවුනතීවූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පනෙයියරුප්පාන්, පන්චේනෙයි වාදක්කල්මඩු, පාවට්කොඩිච්චේනෙයි, උන්නිච්චෙයි හා නෙඩියමඩු යන ප්‍රදේශ සඳහා මේ වනතෙක් පානීය ජල පහසුකම් ලබා දී නොමැති බව දන්නේද;

(ii) උන්නිච්චෙයි සිට වෙනත් බොහෝ ස්ථාන සඳහා පානීය ජලය සපයනු ලැබුවද මේ වනතෙක් උන්නිච්චෙයි ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලැබී නොමැති බව දන්නේද;

(iii) ඉහත ප්‍රදේශවලට පානීය ජල පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නේද;

(iv) එසේ නම්, එම ප්‍ර‍දේශ සඳහා පානීය ජල පහසුකම් ලබා දෙන කාලවකවානු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-20

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)       දැනට නෙඩියමඩු ගම්මානය තුළ සියයට 90 ජල නළ පහසුකම් ඇති අතර, ජල සම්බන්ධතා 206ක සංඛ්‍යාවක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ලබා දී ඇත. අනෙකුත් අය විසින් ඉල්ලීම් ඉදිරිපත් කර නොමැත.

                        උන්නිච්චිය ගම්මානය තුළ සියයට 50 ජලනළ පහසුකම් ඇති අතර, ජල සම්බන්ධතා 217ක සංඛ්‍යාවක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ලබා දී ඇත. ඉතිරි ප්‍රදේශ උස් බිම් සහිත ප්‍රදේශ බැවින් එකී ප්‍රදේශ දැනට පවතින බෙදා හැරීම් නළ පද්ධතියෙන් ආවරණය කිරීමට නොහැකි වී ඇත.

පනයියරුප්පාන්, පන්චේනෙයි, වතක්කාලිමඩු, පවක්කෝඩෙයි යන ප්‍රදේශවල දැනට පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් නළ දීර්ඝ කර ජල සම්බන්ධන ලබා දිය නොහැකි වේ.

(ii) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් උන්නිච්චිය වාර්මාර්ග වැව මඟින් අමු ජලය (Raw water) ලබාගෙන අනෙකුත් ප්‍රදේශ සඳහා පානීය ජලය සපයනු ලබයි. මේ මඟින් උන්නිච්චිය ප්‍රදේශයෙන් සියයට 50ක ප්‍රදේශයක් ආවරණය වී ඇති අතර, ජල සම්බන්ධන 217ක් පමණ ලබා දී ඇත. ඉතිරි ප්‍රදේශ උස්බිම් වන අතර, දැනට පවතින බෙදාහැරීම් නළ පද්ධතිය මඟින් ආවරණය කිරීමට නොහැකි වී ඇත.

(iii) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ඉහත ප්‍රදේශවල ජලනළ දීර්ඝ කිරීම් සඳහා දැනට පියවර ගෙන ඇත. Package plants ඉදි කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති අතර, එම සැලසුම් හා ක්‍රම සම්පාදන කටයුතු ඇමුණුමෙහි** දක්වා ඇත.

අදාළ ප්‍රදේශ සඳහා ප්‍රජා ජල සැපයුම් ව්‍යාපෘති ආරම්භ කර නොමැත. මේ වන විට ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති භෞතික හා මූල්‍ය සම්පත් සීමාව තුළ නව ව්‍යාපෘති ආරම්භ කිරීමක් ද සිදු නොකරයි.

(iv) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් උන්නිච්චිය package plants ඉදි කිරීම හා ජලනළ මාර්ග දීර්ඝ කිරීම සඳහා ඇමුණුමෙහි දක්වා ඇති පරිදි කටයුතු කර ඇත. ආසන්න වශයෙන් වසරක පමණ කාලයක් මේ සඳහා ගත වනු ඇත. (මෙම කාල සීමාව බාහිර තත්ත්වයන් මත වෙනස් විය හැක.)

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-03-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks