logo

03

E   |     |  

 දිනය: 2025-03-12   පිළිතුර ලබා දී ඇත 

0074/2025: මඩකලපුව, පලුකාමම් තැපැල් කාර්යාලය: ස්ථිර ගොඩනැගිල්ලක් ලබාදීම

74/2024

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මඩකලපුව දිස්ත්‍රික්කයේ, පෝරතීවුපට්රු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පලුකාමම් ප්‍රදේශයේ පිහිටා ඇති තැපැල් කාර්යාලය සඳහා ස්ථිර ගොඩනැඟිල්ලක් නොමැති අතර එම තැපැල් කාර්යාලය තාවකාලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන බව දන්නේද;

(ii) එසේ නම්, ඉහත තැපැල් කාර්යාලය සඳහා ස්ථිර ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට පියවර ගන්නේද;

(iii) එය ඉදිකරනු ලබන කාලවකවානු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-12

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 (අ)         (i)      ඔව්.

              (ii)      නැත. උප තැපැල් කාර්යාලය සඳහා සුදුසු ගොඩනැගිල්ලක් උප තැපැල් ස්ථානාධිපති විසින් සපයා ගත යුතු අතර, තැපැල් දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මඟින් උප තැපැල් කාර්යාල සඳහා ගොඩනැගිලි ඉදිකිරීම සිදු නොකෙරේ.

             (iii)      අදාළ ‍නොවේ.

(ආ)    අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks