04

E   |     |  

 දිනය: 2025-02-07   පිළිතුර ලබා දී ඇත 

0073/2025: පෝරතිවුපත්තු, මන්මුනෙයිපත්තු ප්‍රා.ලේ. කොට්ඨාස: පානීය ජල පහසුකම්

----

අසන ලද දිනය

2025-02-07

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ජල සම්පාදන අංශය විසින් එවන ලද වාර්තාව අනුව සකස් කරන ලද පිළිතුර පහත දැක්වේ.

පහත වගුවේ දක්වා ඇති ආකාරයට එහි දැක්වෙන ප්‍රදේශවලින් කොටසකට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පානීය ජල පහසුකම් සපයා ඇත.

අනු අංකය

ගම්මානය

ජල සැපයුම් ආවරණය

01

කාක්කාච්චිවට්ටෙයි

ගම්මානය ජල නළ මාර්ග මඟින් සියයට 60ක් ආවරණය වන අතර ජලය සපයනු ලබන්නේ මඩකලපුව-මන්දූර් ජල සැපයුම් යෝජනා ක්‍රමයෙනි.

02

විලාන්තෝට්ටම්

ගම්මාන ආවරණය වන්නේ සියයට 40ට වඩා අඩු ප්‍රමාණයකින් වන අතර ජලය සපයනු ලබන්නේ අම්පාර-කොනගොල්ල ජල සැපයුම් යෝජනා ක්‍රමයෙනි.

03

දික්කෝඩෙයි

 

04

තුම්පන්කේනි

 

05

ධර්මපුරම්-කිරන්කුලම්

පානීය ජල පහසුකම් සපයා නොමැත.

(ii) ජල සම්පාදන අංශය විසින් එවන ලද වාර්තාව අනුව සකස් කරන ලද පිළිතුර පහත දක්වා ඇත.

                        ඉහත වගුවෙහි සඳහන් ප්‍රදේශ සඳහා පානීය ජල පහසුකම් සැපයීමට ගනු ලබන පියවර.

•             කක්කාචිවෙඩ්ඩෙයි, විලන්තොඩම්, තික්කොඩෙයි සහ තුම්පන්කේනි ප්‍රදේශ සතුටුදායක ලෙස ආවරණය කිරීම සඳහා වදයන්තලාව ජල ගබඩා ටැංකියේ සිට මණ්දූර් දක්වා අතිරේක නළ මාර්ගයක් එළීම මඟින් වදයන්තලාව ජල ගබඩා ටැංකියේ (හිමුදුරාව ජල පවිත්‍රාගාරයේ) සිට මණ්දූර් ප්‍රදේශයට ගලා එන ජලය වැඩිදියුණු කිරීමට නියමිත ය.

• තවද, මණ්දූර් ජල සැපයුම් යෝජනා ක්‍රමයෙන් පෝරතිවුපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටතේ ඇති සමස්ත ප්‍රදේශවලටම ජලය සැපයීම සඳහා වෙල්ලාවේලිහි පොම්පාගාරයක් සහිත ජල ගබඩා ටැංකියක් ඉදි කිරීමට නියමිත ය.

• එමෙන්ම, යෝජිත ජල ගබඩා ටැංකියේ සිට ඉහළ ප්‍රදේශ දක්වා නළ මාර්ග දිගු කිරීම් අවශ්‍ය වේ. මෙම අයිතමය සාමූහික සැලැස්ම යට‍තේ හඳුනාගෙන මේ වන විට සැලසුම් අදියර යටතේ පවතී.

• මන්මුනෙයිපත්තු ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ධර්මපුරම්-කිරන්කුලම් ගම්මානයට ජල නළ මාර්ග දිගුව කළ හැකි අතර, ඒ සඳහා කිලෝමීටර 2.5ක නළ එළීමක් අවශ්‍ය වේ. 2025 CEDE (Capacity Enhancement & Distribution Expansion) අය වැයට (අරමුදල් වෙන් කිරීම සඳහා) මෙම යෝජනාව ඇතුළත් කර ඇත.

• ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදය අනුව ජාතික ජලසම්පාදන මණ්ඩලයෙන් ආවරණය නොවන ප්‍රදේශ සඳහා පමණක් දෙපාර්තමේන්තුව මඟින් පානීය ජලය ලබා දීමට කටයුතු කරනු ලබයි. එබැවින්, මෙම ප්‍රදේශ සඳහා ජලය ලබා දීමට දෙපාර්තමේන්තුව මඟින් නව ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමක් සිදු නොකරයි.

(ආ)  අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks