01

E   |     |  

 දිනය: 2025-04-23   පිළිතුර ලබා දී ඇත 

0072/2025: මඩ/කායන්කුඩා කන්නහි විද්‍යාලය සහ මඩ/කෝරක්කල්ලිමඩු ශ්‍රී රමණ මහරිෂි විද්‍යාලය: ශාරීරික අභ්‍යාස උපදේශකයින්

72/2024

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)          (i)     මඩකලපුව-බටහිර අධ්‍යාපන කලාපයට අයත් මඩ/කායන්කුඩා කන්නහි විද්‍යාලය සහ කල්කුඩා අධ්‍යාපන කලාපයට අයත් මඩ/කෝරක්කල්ලිමඩු ශ්‍රී රමණ මහරිෂි විද්‍යාලය යන පාසල්  IC කාණ්ඩයට අයත් පාසල් බවත්;

(ii) මඩ/කායන්කුඩා කන්නහි විද්‍යාලයේ සිසුවියන් එල්ලේ ක්‍රීඩාවෙන් ජාතික මට්ටමින් ප්‍රථම ස්ථානයද, මඩ/කෝරක්කල්ලිමඩු ශ්‍රී රමණ මහරිෂි විද්‍යාලයේ සිසුවියන් කබඩි ක්‍රීඩාවෙන් ජාතික මට්ටමින්  ප්‍රථම ස්ථානයද ජයග්‍රහණය කර ඇති බවත්;

(iii) එහෙත් ඉහත පාසල්වලට මේ දක්වා ශාරීරික අභ්‍යාස උපදේශකවරුන්  පත්කර නොමැති බවත්;

එතුමිය දන්නෙහිද?

(ආ) එසේ නම්, ඉහත පාසල් සඳහා ශාරීරික අභ්‍යාස උපදේශකවරුන් පත් කිරීමට පියවර ගන්නේද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-04-23

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      මඩකලපුව - බටහිර අධ්‍යාපන කලාපයට අයත් මඩ/කායන්කුඩා කන්නහි විද්‍යාලය සහ කල්කුඩා අධ්‍යාපන කලාපයට අයත් මඩ/කෝරක්කල්ලිමඩු ශ්‍රී රමණ මහරිෂි විද්‍යාලය යන පාසල් IC  කාණ්ඩයට අයත් පාසල් වේ.ාපන කලාපයට

              (ii)      මඩ/කායන්කුඩා කන්නහි විද්‍යාලයේ සිසුවියන් එල්ලේ ක්‍රීඩාවෙන් ජාතික මට්ටමින් ප්‍රථම ස්ථානයද, මඩ/කොරක්කල්ලිමඩු ශ්‍රී රමණ මහරිෂි විද්‍යාලයේ සිසුවියන් කබඩි ක්‍රීඩාවෙන් ජාතික මට්ටමින් ප්‍රථම ස්ථානයද ජයග්‍රහණය කර ඇත.

(iii) මඩ/කායන්කුඩා කන්නහි විද්‍යාලය සඳහා එක් ක්‍රීඩා පුහුණුකරුවෙක්ද, මඩ/කොරක්කල්ලිමඩු ශ්‍රී රමණ මහරිෂි විද්‍යාලය සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනෙක්ද වන පරිදි පත් කර ඇත

(ආ) ඉහත පාසල් සඳහා (අ) (iii) හි සඳහන් පරිදි ක්‍රීඩා පුහුණුකරුවන් පත් කර ඇති බැවින් ශාරිරීක අභ්‍යාස උපදේශකවරුන් පත් කිරීමක් අවශ්‍ය නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks