04

E   |     |  

 දිනය: 2025-04-10   පිළිතුර ලබා දී ඇත 

0071/2025: මඩකලපුව, බක්කිඇල්ල, විල්ලුකුලම් සහ අම්බිලාන්තුරෙයි මාර්ග: ප්‍රතිසංස්කරණය

71/2024

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)     මඩකලපුව දිස්ත්‍රික්කයේ, පෝරතීවුපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බක්කිඇල්ල පාර, විල්ලුකුලම් පාර සහ අම්බිලාන්තුරෙයි පාර යන මාර්ග ප්‍රධාන ඒකාබද්ධ මාර්ග බවත්;

(ii) පසුගිය කාලයේදී නව මාර්ග රාශියක් ඉදිකරනු ලැබුවද, ඉහත මාර්ග මේ දක්වා ප්‍රතිසංස්කරණය කර නොමැති බවත්;

එතුමා දන්නෙහිද?‍

(ආ) ඉහත මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉදිරියේදී ගනු ලබන පියවර කවරේද යන්න එතුමා  මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-04-10

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(ආ)         (i)      ඔව්.

              (ii)        01. කොක්කඩ්ඩිචෝලෙයි - අම්බිලාන්තුරෙයි මාර්ගය

                                   පට්ටිපලෙයි හන්දියෙන් ආරම්භ වී අරසඩිතීව්, කඩුක්කාමුනෙයි හරහා අම්බිලාන්තුරෙයි හන්දියෙන් අවසන් වන කිලෝමීටර 5.98ක් දිග ගල් දමා තාර දමන ලද - macadamized - මෙම මාර්ගය දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් ලෝක බැංකුව විසින් අරමුදල් සපයා අන්තර්ගත සම්බන්ධතා සංවර්ධන ව්‍යාපෘතිය - ICDP එක - හරහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත. මංතීරු දෙකකින් යුක්ත මාර්ගයක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති මෙම මාර්ගය එක් මංතීරුවක පළල මීටර් 3.1ක් වන අතර, flexible pavement මාර්ගයක් බවටත්, සමහර කොටස් rigid pavement -කොන්ක්‍රීට්- මාර්ගයක් බවටත් වෙනස් කරමින් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත.

02. විල්ලුකුලම් මර්ගය

කොක්කඩ්ඩිචෝලෙයි-අම්බිලාන්තුරෙයි මාර්ගය ලෙස හැඳින්වෙන මෙම මාර්ගය මනල්පිටිය හන්දියෙන් ආරම්භ වී, කඩුක්කාමුනෙයි වැව -විල්ලුක්කුලම්- මායිම හරහා ගොස් තාමරයිපූ හන්දියෙන් -අම්බිලාතුරෙයි- අවසන් වන අතර මාර්ගයේ මුළු දිග කිලෝමීටර 4.43කි.

මෙම මාර්ගයේ කිලෝමීටර එකක් පමණ කොන්ක්‍රීට් කර ඇති අතර, කිලෝමීටර 1.5ක් ගල්-තාර දමා ද, macadamized ලෙස ද, ඉතිරි බහුතරය බොරලු මාර්ගයක් වශයෙන් ද පවතින මෙම මාර්ගයෙහි ගල්-තාර දමන ලද කොටස පසුගිය වසරේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හරහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් rigid pavements - කොන්ක්‍රීට් - ලෙස ප්‍රතිසංස්කරණය කරන ලදී. ඉතිරි කොටස් ප්‍රතිසංස්කරණය කිරීම අදියර වශයෙන් සිදු කිරීමට අපේක්ෂා කරන අතර, මෙම වසරේදී ඒ සඳහා රුපියල් මිලියන 20ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

03. බක්කිඇල්ල මාර්ගය

මෙය දිවුලාන වෙල්ලාවෙලි මාර්ගය ලෙස හැඳින්වෙන අතර, මුළු දිග කිලෝමීටර 13.2කි. මෙහි කිලෝමීටර 3.2ක් වංගු සහිත වන අතර, කිලෝමීටර 4ක් කොන්ක්‍රීට් දමා සකස් කර ඇත. ඉතිරි ප්‍රමාණය DBST (Double Bitumen Surface Treatment) සහිත මීට වසර 13කට ප්‍රථම ප්‍රතිසංස්කරණය කරන ලද වර්තමානයේදී අබලන් මාර්ගයකි. නැ‍ඟෙනහිර පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වෙන්ව ඇති ප්‍රතිපාදන කළමනාකරණය කර ගනිමින් මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 2025 වසරට රුපියල් මිලියන 31ක් වෙන් කර ඇති අතරම, නඩත්තු අරමුදල් මඟින් DBST (Double Bitumen Surface Treatment) මාර්ග ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. මෙම මාර්ගයේ මීටර් 500ක කොටසක් rigid pavement - කොන්ක්‍රීට් - ක්‍රමයෙන් ප්‍රතිසංස්කරණය කිරීමටත්, මෙම මාර්ගයේ කිලෝමීටර 5ක කොටසක් පෝරතීවුපත්තු ප්‍රාදේශීය සභාව මඟින් නැ‍ඟෙනහිර ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියට ඇතුළත් කර සංවර්ධනය කිරීමටත් යෝජිතව ඇත.

(ආ)  ඉහත පිළිතුරු සපයා ඇත.

(ඇ)  අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-04-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks