E   |     |  

 දිනය: 2024-12-18   පිළිතුර ලබා දී ඇත 

0065/2024: මඩකලපුව දිස්ත්‍රික්කයේ පාලම් ඉදිකිරීම: ගත් පියවර

65/2024

ගරු ෂානක්කියන් රාජපුත්තිරන්  රාසමාණික්කම් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය  සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1) 

(අ)        (i)     මඩකලපුව දිස්ත්‍රික්කයේ පඩුවන්කරෙයි සහ එළුවන්කරෙයි ප්‍රදේශ සම්බන්ධ කරනු ලබන ප්‍රධාන පාලමක් වන මණ්ඩූර්-කුරුමන්වෙලි පාලම ඉදිකිරීම සම්බන්ධයෙන් මුල්ගල් තැබීම හැර මේ දක්වා වෙනත් පියවරක් ගෙන නොමැති බව දන්නේද;

(ii) එසේ නම්, මේ දක්වා ඉහත පාලම ඉදි නොකිරීමට හේතු කවරේද;

(iii) එම පාලම ඉදිකිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙ‍ම සභාව‍ට දන්වන්නෙහිද?‍

(ආ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනෙයි-නිරිත, මන්මුනෙයි-‍දකුණ එරුවිල්ප‍ත්තු සම්බන්ධ කරනු ලබන අම්බිලාන්තුරෙයි, ‍කුරුක්කල් මඩම් පාලම අලුතින් ඉදිකිරීම සඳහා මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බව දන්නේද;

(ii) එසේ නම්, මේ දක්වා ඉහත පාලම ඉදි නොකිරීමට හේතු කවරේද;

(iii) එම පාලම ඉදිකිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්නත් එතුමා මෙ‍ම සභාව‍ට දන්වන්නෙහිද?

(ඇ) (i) කෝර‍ළේපත්තු‍-දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිගිලිවෙට්ටෙයි-සන්දිවෙලි පාලම සහ එරාවූර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුන්නක්කුඩා-කලුවන්කේනි පාලම අලුතින් ඉදිකිරීම සඳහා කිසිදු පි‍‍යවරක් ගෙන නොමැති බව දන්නේද;

(ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙ‍ම සභාව‍ට දන්වන්නෙහිද?‍

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2024-12-18

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මාර්ග සංවර්ධන අධිකාරියෙහි විෂය පථයට අදාළ නොවේ.

                        මෙය නැ‍ඟෙනහිර පළාත් සභාවට අයත් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියෙහි විෂය පථයට අදාළ වේ.

              (ii)      මාර්ග සංවර්ධන අධිකාරියෙහි විෂය පථයට අදාළ නොවේ.

                        මෙය නැ‍ඟෙනහිර පළාත් සභාවට අයත් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියෙහි විෂය පථයට අදාළ වේ.

(iii) මාර්ග සංවර්ධන අධිකාරියෙහි විෂය පථයට අදාළ නොවේ.

මෙය නැ‍ඟෙනහිර පළාත් සභාවට අයත් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියෙහි විෂය පථයට අදාළ වේ.

(ආ) (i) මාර්ග සංවර්ධන අධිකාරියෙහි විෂය පථයට අදාළ නොවේ.

මෙය නැ‍ඟෙනහිර පළාත් සභාවට අයත් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියෙහි විෂය පථයට අදාළ වේ.

(ii) මාර්ග සංවර්ධන අධිකාරියෙහි විෂය පථයට අදාළ නොවේ.

මෙය නැ‍ඟෙනහිර පළාත් සභාවට අයත් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියෙහි විෂය පථයට අදාළ වේ.

(iii) මාර්ග සංවර්ධන අධිකාරියෙහි විෂය පථයට අදාළ නොවේ.

මෙය නැ‍ඟෙනහිර පළාත් සභාවට අයත් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියෙහි විෂය පථයට අදාළ වේ.

(ඇ) (i) මාර්ග සංවර්ධන අධිකාරියෙහි විෂය පථයට අදාළ නොවේ.

මෙය නැ‍ඟෙනහිර පළාත් සභාවට අයත් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියෙහි විෂය පථයට අදාළ වේ.

(ii) යෝජිත පුන්නක්කුඩා-කලුවන්කේනි පාලම මාර්ග සංවර්ධන අධිකාරියෙහි විෂය පථයට අදාළ නොවේ.

මෙය නැ‍ඟෙනහිර පළාත් සභාවට අයත් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියෙහි විෂය පථයට අදාළ වේ.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-12-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks