පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
64/2024
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනේ-නිරිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෙවිලියාමඩු, කෝරලේපත්තුව-දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මයිලත්ත මඩු සහ මන්මුනේ-බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උන්නිච්චෙයි යන ප්‍රදේශවල සිටින ලක්ෂ හයක් පමණ වන පශු සම්පත් සඳහා තෘණ භූමි පවතින බවත්;
(ii) එහෙත් එම තෘණ භූමි, “පශු සම්පත් තෘණ භූමි” ලෙස මේ වනතෙක් ගැසට් කර නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් තෘණ භූමි, “පශු සම්පත් තෘණ භූමි” ලෙස ගැසට් නොකිරීමට හේතුව කවරේද;
(ii) ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-12-17
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රදේශය තුළ සිටින ගව ගහනය 100,000ක් පමණ වේ.
අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ එම සතුන් සඳහා ප්‍රමාණවත් තෘණ භූමි පවතී.
(ii) ඔව්.
(ආ) (i) අක්කර 6,000ක් පමණ වන උක්ත තෘණ භූමි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය වැනි ආයතන විසින් කළමනාකරණය කරනු ලබන බැවින්, එම ආයතනවල පවතින නීතිමය රාමුව තුළ නිදහස් කර ගැනීමෙන් අනතුරුව තෘණ භූමි ලෙස ගැසට් කළ යුතුව ඇත. ඒ සඳහා අදාළ කටයුතු කරමින් පවතී.
(ii) උක්ත තෘණ භූමි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය වැනි ආයතනවල පවතින නීතිමය රාමුව තුළ නිදහස් කර ගැනීමෙන් පසු තෘණ භූමි ලෙස ගැසට් කිරීමට අපේක්ෂා කෙරේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-12-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks