පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
58/2024
ගරු චමින්ද විජේසිරි මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද දුම්රිය එන්ජින් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ සඳහා වැය කර ඇති මුදල කොපමණද;
(iii) එම එක් එක් දුම්රිය එන්ජිමේ අංකය සහ නිෂ්පාදිත රට වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් දුම්රිය එන්ජින් අතරින් ධාවනයට එක් කර ඇති දුම්රිය එන්ජින් සංඛ්‍යාව හා ධාවනයට එක් කර නොමැති එන්ජින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) දුම්රිය එන්ජින් ධාවනයට එක් නොකිරීමට හේතු කවරේද;
(iii) ඉහත සඳහන් දුම්රිය එන්ජින් ආනයනය කිරීමේදී විශාල වංචාවක් සිදු වී ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-12-18
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 44යි.
(ii) ඇමෙරිකානු ඩොලර් 115,111,596.00යි.
|
එන්ජින් වර්ගය |
ඒකක ගණන |
වැය කර ඇති මුදල (ඇමෙරිකානු ඩොලර්) (FOB) |
|
S13 (2019) |
12 |
26,543,316.00 |
|
S13A (2022) |
04 |
8,847,772.00 |
|
S14 (2019/2020) |
18 |
37,220,508.00 |
|
M11 (2021) |
10 |
42,500,000.00 |
|
එකතුව |
44 |
115,111,596.00 |
(iii) ඔව්.
|
එන්ජින් අංක |
එන්ජින් ගණන |
නිෂ්පාදිත රට |
|
S13 959 සිට 970 දක්වා |
12 |
ඉන්දියාව |
|
S13A 993 සිට 996 දක්වා |
04 |
ඉන්දියාව |
|
S14 971 සිට 988 දක්වා |
18 |
චීනය |
|
M11 949 සිට 958 දක්වා |
10 |
ඉන්දියාව |
(ආ) (i) සියලු එන්ජින් ධාවනයට එක් කර ඇති අතර මේ වන විට එන්ජින් 12ක් ලුහු අලුත්වැඩියා කටයුතු සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඇත.
|
එන්ජින් අංක |
ප්‍රමාණය |
තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට හේතුව |
|
S13 - 959/960/964 |
03 |
ලුහු අලුත්වැඩියා කටයුතු සඳහා |
|
S14 - 971/974/977 |
03 |
ලුහු අලුත්වැඩියා කටයුතු සඳහා |
|
M11 - 949/950/951/952/953/957 |
06 |
ලුහු අලුත්වැඩියා කටයුතු සඳහා |
|
එකතුව |
12 |
|
(ii) පැන නොනඟී.
(iii) ඔව්. දුම්රිය එන්ජින් ආනයනය කිරීමේදී තාක්ෂණික ඇගයීම් කමිටු හා ප්‍රසම්පාදන කමිටු හරහා නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ඇති අතර, වංචා සිදුව ඇති බවට වාර්තා වී නොමැත.
2015 සිට ආනයනය කරන ලද දුම්රිය එන්ජින් සම්බන්ධව කථා කළොත්, ප්‍රසම්පාදන කමිටු හරහා නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර තිබෙන බව තමයි වාර්තා කර තිබෙන්නේ. නමුත්, මේ සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදු වුණා කියලා යම් ආකාරයකට තොරතුරු ලැබෙමින් පවතිනවා. ඒවා තවම නිශ්චිත වශයෙන් ලැබිලා නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ ලැබෙන තොරතුරු මත පදනම් වෙලා අවශ්‍ය නම් එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පරීක්ෂණ කරන්න.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-12-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks