E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0031/2026: Importation of Rice through Sathosa

ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ සහල් හිඟයක් මතුවූ අවස්ථා සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම අවස්ථාවලදී සීමාසහිත ලංකා සතොස ආයතනය විසින් සහල් ආනයනය කළ අවස්ථා සංඛ්‍යාව සහ එම එක් එක් අවස්ථාවේදී ආනයනය කළ සහල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එලෙස ආනයනය කරන ලද සහල්, සතොස ආයතනය මඟින් වෙනත් පුද්ගලයන්ට සහ වෙළෙන්ඳන්ට නීති විරෝධී ලෙස අලෙවි කර තිබේද;

(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-08-04

අසන ලද්දේ

ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks