01

E   |     |  

 දිනය: 2025-10-24   පිළිතුර ලබා දී ඇත 

0019/2025: "ලක්හඬ" ගුවන් විදුලි සේවය: 2018 වසරේ සිට ලාභය/අලාභය

19/2024

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ‘ලක්හඬ’ ගුවන් විදුලි සේවය ආරම්භ කරන ලද දිනය කවරේද;

             (ii)       එය ආරම්භ කිරීමේ අරමුණු කවරේද;

            (iii)       2018 වර්ෂයේ සිට මේ දක්වා එම සේවයේ ආදායම/වියදම සහ ලාභ/අලාභ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඉහත කාලසීමාව තුළදී එම ගුවන් විදුලි සේවයේ වෙළඳපොළ ස්ථානය (rating) එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) එම කාලසීමාව තුළ ඉහත ගුවන් විදුලි සේවයට බඳවාගන්නා ලද සේවකයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම්, ලිපිනයන් සහ තනතුරු නාම වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත ගුවන් විදුලි සේවය මේ වනවිට ස්වාධීන රූපවාහිනී සේවයට විශාල බරක්වී ඇති බව දන්නේද;

(ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-24

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

නම

තනතුර

බඳවාගෙන ඇති දිනය

ලිපිනය

වෙනත්

1.

ටී.යූ. ලංකාතිලක මහතා

කළමනාකරු අළෙවි (කොන්ත්‍රාත්)

2018.07.02

නො 61/1, සංගාරාම, සිද්දමුල්ල, පිළියන්දල

2019.05.06 දින සිට සේවයෙන් ඉල්ලා අස් වී ඇත.

2.

ඩබ්ලිව්.එම්.කේ. ගිරිබාව මහතා

උපදේශක

2016.01.01

නො 16158/07, නදුන්ගමුව පාර, නදුන්ගමුව

2018.11.06 දින සිට කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කර ඇත.

3.

ඒ.යූ. කරුණාරත්න මිය

සහකාර කළමනාකරු අළෙවි

2019.05.29

43/5, මකුලුදූව, පිළියන්දල

2020.01.14 දින සිට කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කර ඇත.

4.

ආර්.ඒ. නිලමුනි මිය

කළමනාකරු අළෙවි ලක්හඬ (කොන්ත්‍රාත්)

2019.07.01

නො 156, 2/10, මෙට්රෝ උද්‍යානය, 02 වන පටුමග, අස්වැද්දුම, කුරුණෑගල

2019.10.22 දින සිට කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කර ඇත.

5.

කේ.එම්.ඩී.පී. සරත්චන්ද්‍ර මහතා

පුහුණු වන අළෙවි විධායක

2019.07.29

281, වෙන්න වත්ත, වැල්ලම්පිටිය

2024.04.01 දින සිට සේවයෙන් ඉල්ලා අස් වී ඇත.

6.

ටී.එස්.බී. පීරිස් මහතා

කාර්මික නිලධාරි

2020.02.01

47/9ඒ, අනුරා පාර, පාමංකඩ, වැල්ලවත්ත

 

(අ)           (i)      1996  නොවැම්බර් 15.

              (ii)        රජයේ ගුවන්විදුලි නාළිකාව වශයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු නාළිකාවන් වෙතින් මෙරට ශ්‍රාවකයන් ඉවත්ව, පෞද්ගලික ගුවන්විදුලි නාළිකා වෙත ආකර්ෂණය වීමේ ප්‍රවණතාව ඉහළ යාම තුළ වගකීම් සහිත රාජ්‍ය මාධ්‍යයේ ස්වරූපය ද ආරක්ෂා කර ගනිමින් ජනප්‍රිය පෞද්ගලික නාළිකා ආකෘතිය ද අනුගමනය කරමින් නව ප්‍රවේශයකින් ශ්‍රාවකයන් වෙත ළඟා වීම,

                        මෙහිදී, එම නාළිකාව මඟින් උසස් රසවින්දනය සහිත වැඩසටහන් විකාශය කිරීම මෙන්ම කාලීන වශයෙන් වැදගත් සමාජ, ආර්ථික හා දෙස් විදෙස් තොරතුරු ශ්‍රාවකයා වෙත පිරිනැමීම අරමුණ විය.

 

(iii) Lakhanda Radio

Income, Expenses and profit (loss) from 2018 to August, 2025

 

Year

Income

Expenses

Profit/(Loss)

2018

87,150,810

130,118,245

(42,967,435)

2019

62,087,920

117,135,978

(55,048,058)

2020

58,711,285

113,099,333

(54,388,048)

2021

62,433,077

103,758,596

(41,325,519)

2022

65,026,493

109,618,708

(44,592,215)

2023

79,414,455

107,231,122

(27,816,667)

2024

88,173,993

110,800,543

(22,626,550)

2025

49,069,854

65,372,957

(16,303,103)

iv)             2018 වසරේ සිට 2021 දක්වා ලක්හඬ ගුවන්විදුලිය LMRB Ratingsවල 07වන ස්ථානයේ රැඳී සිට ඇත. එහි වෙළඳපළ කොටස (Market share) සියයට 1.3ක අගයක පැවතිණ.

2021 වසරේ සිට LMRB Ratings  භාවිත නොවූ අතර 2025 වසරේ සිට SRL ආයතනය හරහා අදාළ Ratings ලබා ගැනීම සිදු කරයි.

                        2025 වසරේ ජුලි මස දක්වා SRL ආයතනය මඟින් ලබා දී ඇති Ratings අනුව ලක්හඬ ගුවන්විදුලිය 08වන ස්ථානයේ පසු වේ.

               (v)      2018 සිට මේ දක්වා ලක්හඬ ගුවන්විදුලි සේවයට බඳවා ගන්නා ලද සේවකයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම්, ලිපිනයන් සහ තනතුරු නාම:

(ආ)          (i)      මේ වන විට ලාභ නොලබන තත්ත්වයෙන් ක්‍රියාත්මක වේ.

ලක්හඬ ගුවන්විදුලියේ මාසික ආදායම ආසන්න වශයෙන් රුපියල් මිලියන 5.5ක් වන අතර, සමායන ලක්ෂ්‍යය  (Break-even Point) ළඟාවීමට ආසන්න වශයෙන් රුපියල් මිලියන 8.5ක මාසික ආදායමක් ලැබිය යුතුය.

(ii) 1. ප්‍රචාරය වන වැඩසටහන්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු කිරීම.

2. අළෙවි ප්‍රවර්ධන කටයුතු ඉහළ නැංවීමට කටයුතු කිරීම.

3. අනුග්‍රාහකයින් ඉලක්ක කර නව වැඩසටහන් හඳුන්වා දීම.

4. සමාජ මාධ්‍ය ඉලක්ක කර ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණය කිරීම ප්‍රවර්ධනය.

5. ශ්‍රාවක ආකර්ෂණයට බාහිර ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-10-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks