E   |     |  

 පිළිතුර ලබා දී ඇත 

0019/ 2025 - ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 19/2024

      ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ‘ලක්හඬ’ ගුවන් විදුලි සේවය ආරම්භ කරන ලද දිනය කවරේද;

                   (ii)       එය ආරම්භ කිරීමේ අරමුණු කවරේද;

                  (iii)       2018 වර්ෂයේ සිට මේ දක්වා එම සේවයේ ආදායම/වියදම සහ ලාභ/අලාභ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) ඉහත කාලසීමාව තුළදී එම ගුවන් විදුලි සේවයේ වෙළඳපොළ ස්ථානය (rating) එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (v) එම කාලසීමාව තුළ ඉහත ගුවන් විදුලි සේවයට බඳවාගන්නා ලද සේවකයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම්, ලිපිනයන් සහ තනතුරු නාම වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ඉහත ගුවන් විදුලි සේවය මේ වනවිට ස්වාධීන රූපවාහිනී සේවයට විශාල බරක්වී ඇති බව දන්නේද;

      (ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-10-24

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks