01

E   |     |  

 දිනය: 2025-09-24   පිළිතුර ලබා දී ඇත 

0017/2025: ශ්‍රී ලංකා තේ මණ්ඩලය: ආයෝජන

17/2024

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2020 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් දිගු කාලීන හා කෙටි කාලීන ආයෝජනවල ආයෝජනය කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       එම ආයෝජන සඳහා විධිමත් අනුමැතියක් ලබා ගෙන නොමැති බව දන්නේද;

(iii) එසේ නම්, මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-24

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)      (i)

              (a).        ප්‍රවර්ධන සහ අළෙවිකරණ බදු ආයෝජනය

 

වර්ෂය

කෙටි කාලීන ආයෝජන                 රුපියල් ශත

දිගු කාලීන ආයෝජන      රුපියල් ශත

 

එකතුව                   රුපියල්  ශත

2020.12.31

6,956,839,407.93

 

6,956,839,407.93

2021.12.31

8,138,139,498.00

 

8,138,139,498.00

2022.12.31

9,145,424,351.00

 

9,145,424,351.00

2023.12.31

8,261,200,000.00

850,000,000‍.00

9,111,200,000.00

2024.12.31

7,599,999,898.33

500,000,000.00

8,099,999,898.33

2024.07.31

7,600,000,000.00

500,000,000.00

8,100,000,000.00

 

(b).     ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අරමුදල් ආයෝජන

 

වර්ෂය

කෙටි කාලීන ආයෝජන             රුපියල්  ශත

දිගු කාලීන ආයෝජන රුපියල්  ශත

 

  එකතුව                    රුපියල්  ශත

2020.12.31

454,409,000.00

 

   454,409,000.00

2021.12.31

406,500,000.00

 

   406,500,000.00

2022.12.31

536,983,997.00

 

   536,983,997.00

2023.12.31

847,898,926.98

100,000,000.00

   947,898,926.98

2024.12.31

924,021,842.85

100,000,000.00

1,024,021,842.85

2024.07.31

893,163,605.77

100,000,000.00

   993,163,605.77

 

(c).  ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ඛනිජතෙල් නීතිගත  සංස්ථාව අතර අවබෝධතා ගිවිසුම යටතේ වන ආයෝජන

 

වර්ෂය

කෙටි කාලීන ආයෝජන                 රුපියල්  ශත

දිගු කාලීන ආයෝජන  රුපියල්  ශත

 

එකතුව                        රුපියල්   ශත

2023.12.31

3,281,113,500.00

-

3,281,113,500.00

2025.07.31

1,476,865,500.00

-

1,476,865,500.00

 

(ii) සියලුම ආයෝජන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු චක්‍රලේඛ 02/2018 අනුව සහ රාජ්‍ය ව්‍යාපාර සඳහා වන මෙහෙයුම් අත්පොතෙහි දක්වා ඇති පරිදි රාජ්‍ය බැංකුවල ස්ථාවර තැන්පතුවල හා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇත.

2022 වර්ෂය දක්වා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ කෙටි කාලීන ආයෝජන මණ්ඩලයේ බැංකු ගිණුම් පවත්වාගෙන යනු ලබන ලංකා බැංකු ශාඛාවල කෙටි කාලීනව ආයෝජනය කරන ලද අතර, 2022 වර්ෂයේ දී අභ්‍යන්තර විගණන නිර්දේශ අනුව වඩාත් තරගකාරී පොලී අනුපාතයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය බැංකුවලින් මිල ගණන් කැඳවීම ආයෝජන කමිටු මඟින් සිදු කළ අතර, එම කමිටු නිර්දේශය හා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතියෙන් පසු ආයෝජන කටයුතු සිදු කරන ලදී.

2024 වර්ෂයේ සිට ආයෝජන ක්‍රියාවලිය වඩාත් විධිමත් ලෙස ප්‍රසම්පාදන කමිටු අනුමැතියට ද ඉදිරිපත් කර ඇති අතර, ආයෝජන සඳහා මිල ගණන් කැඳවීම ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව සිදු කරනු ලැබේ. එම ආයෝජන කිරීමේ ක්‍රියාවලිය අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් අනුමත කර ඇති අතර, සියලු ආයෝජන දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු අනුමැතියෙන් පසු ආයෝජන කටයුතු සිදු කරනු ලැබේ. මාසික ආයෝජන විචලන වාර්තාව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබේ.

(iii) වර්තමානයේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය මඟින් සිදු කරන ආයෝජන කටයුතු දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු අනුමැතිය ලබාගෙන සිදු කරනු ලබයි.

 

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-09-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks